Monday, August 19, 2019

ප්ලැටිබෙලොඩොන් (Platybelodon)


ප්ලැටිබෙලොඩොන් කියන්නෙ ප්රොබොසිඩියා ගෝත්රයේ ඇම්බෙලොඩොන්ටිඩේ කියන කුලයට අයිති විශේෂයක්. ප්රොබෝසිඩියා ගෝත්රය කියන්නෙ අලි අයත් වන ගෝත්රය

ප්රොබොසිඩියා ගෝත්රයේ වර්තමානයේදි ඉන්නෙ අප්රිකානු සහ ආසියානු අලි පමණයි. නමුත් මයෝසීන අවධියේදි, ඒ කියන්නෙ මීට වසර මිලියන 20 කට පමණ පෙර ප්රොබොසිඩියා ගෝත්රය කුල ගනනාවකට බෙදී ගිය විශේෂ සිය ගනනකින් සමන්විත ගෝත්රයක්. එකම කාලයක අලි විශේෂ සිය ගනනක් පෘථෘවිය පුරාම සැරිසැරුවා කිව්වොත් නිවැරදි. එක් දිනක් තුල ඔබ අප්රිකාවේ සිට ආසියාව, කොකැසස්, චීන, රුසියා දේශසීමා එවකට පහුකලානම් අලින් සංඛාව ගනන් කිරීම වෙනුවට අලි විශේෂ සංඛ්යාව ගනන් කිරීමට හැකි වෙනවා.

නැවත එමු ප්ලැටිබෙලොඩොන් වෙත. ප්ලැටිබෙලොඩොන් ජීවත් වුනේ ආසියාව සහ කොකැසස් ප්රදේශවල. රූපිය වශයෙන් ගත්තම වර්තමාන හස්ථියකු මෙන් ශරීරය පිහිටා තිබුනත් කපාලය සහ මුඛය ඉතාමත් වෙනස් ස්වරුපයක් ගන්නවා. සවලයක් ආකාරයට පිහිටන දිගැති මුඛයක් තමයි මොවුන්ට තිබෙන්නේ. ෆොසිල විද්යාඤයන් මුල් කාලයේදි දරපු මතය තමයි මේ සවලක් ආකාරයෙන් පිහිටන මුඛයට හේතුව මොවුන් වගුරු ආශ්රිතව ජීවත් වු නිසා බව. නමුත් වර්තමානයේදි මේ මතය නව්යකරනය වෙලා තිබෙනවා ගස් අතු මුව තුලට රුවාගෙන සූරා කොල ඉවත් කරගැනීමටත්, ශාඛවල පොතු ගලවා ආහාරයට ගැනීමටත් මෙය උපකාර වු බවට. මේ වෙද්දි ප්ලැටිබෙලොඩොන් විශේෂ හතරක් හඳුනාගෙන තිබෙනවා.

ප්ලැටිබෙලොඩොන්

ප්ලැටිබෙලොඩොන් සැකිල්ලක් 


සවලක් ආකාරයෙන් පිහිටන මුඛය

සවලක් ආකාරයෙන් පිහිටන මුඛය

මයෝසීන අවධිය අපුරු ක්ශීරපායින් මිහිමත සක්මන් කල අවධියක්. ප්ලැටිබෙලොඩොන් ඉන් එක් විශේෂයක් පමණයි. ප්ලැටිබෙලොඩොන් සත්වයින් ඇතුලු විශේෂ , කුලයන්, ගෝත්රයන් මේ වෙද්දි පරිණාමික දිනපොත තුල සිය පරිඡ්ඡේදයන් අවසන් කරලා තියෙන්නෙ. ඒ ඉතිහාසය තුලින් වර්තමානය දක්වා අඛණ්ඩව පැවැත්ම රැක ගැනීමට හැකි වුවන් යනු සැබැවින්ම විශිෂ්ට අනුවර්තන හැකියාවලින් යුත් ජීවීන්. ඒ අනුව බලද්දි ප්ලැටිබෙලොඩොන්, මැමතයන්, ස්ටෙගොටෙට්රාබෙලොඩෝනයන්, ගොම්පෝතීරියමයන් වැනි පූර්වජ ඤාතීන් මිහිමතින් නශ්ඨ වන විට වර්තමානය දක්වා පැමිණි අප්රිකානු සහ ආසියානු අලින් මොන තරම්නන් අපුරු ජීවීන්ද ? සෑම ජීවියෙකුටම යම් ගරුත්වයක් ලැබිය යුත්තෙ එබැවින්. 😊

විවිධ මුලාශ්ර වලින් , චිත්රශිල්පින්ගෙන් උපුටාගත් විද්යාත්මකව නිවැරදි ප්ලැටිබෙලොඩොන් ප්රතිනිර්මාණ කිහිපයක් පහතින් බලන්න පුළුවන්.








(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment