Monday, August 19, 2019

ඕපබීනියා (Opabinia)


මේ කෙටි ලිපිය පරිණාමික දිනපොත පිටු මිලියන ගනනක් ආපස්සට පෙරලීමක්. කේම්බ්රියානු යුගය කියන්නෙ පෘථෘවිය මත ජීවයේ අපුර්වතම අවධියක්.

බහුසෛලික ජීවීන් විශාල වශයෙන් විශේෂනය වී පැතිරී යාමක් දක්නට ලැබුනු මේ අවධියට 'කේම්බ්රියානු පිපිරුම' ලෙසත් හඳුන්වනු ලබනවා. පිපුරුම යන්නෙන් අදහස් වන්නෙ ජීවී විශේෂ පිපුරුමක් ඇතිවු අයුරින් වැඩි වර්ධනය වීමක් කේම්බ්රියානු අවධිය තුල දැකගන්න පුළුවන් වෙන නිසා.

වසර මිලියන 505 - 487 පෙර මධ්ය කේම්බ්රියානු (middle cambrian) යුගයේ ජීවත් වුන අපූර්ව සත්වයෙක් තමයි 'ඕපබීනියා'. ඕපබීනියා ෆොසිල කාලාන්තරයක් පුරාවටම විද්‍යාඥයන්ට ප්රෙහෙලිකාවක් මතුකල සත්වයෙක්. මුල් කාලයේදි සත්වයෙක්ද නැතිනම් ශාඛයක්ද යන්නටත්, පූර්ව සහ අපර පෙදෙස් මොනවාද යන්නටත් තීරණය කරගැනීමට නොහැකි වන තරමේ ප්රෙහෙලිකාවක් බවට පත්වන ඕපබීනියාවන් නිසි අධ්යනයකට ලක්වන්නේ 1975 වර්ශයේදි.


ඕපබීනියා ප්‍රතිනිර්මාණ

එවකට මේ ෆොසිල අධ්යනය තුලින් අවිනිශ්චිත ලෙස මේ විශේෂය බැර කරනු ලබන්නෙ ආත්රෝපෝඩාවන් (කෘමීන්, මකුළුවන්, කකුළුවන් ඇතුලු ක්රස්ටේසියාවන් අයත් කාණ්ඩය) කාණ්ඩයට. පසුව කෙරෙන පර්යේෂණ සමඟ තීරණය කෙරෙන්නෙ ඕපබීනියා අයත් වන්නෙ ආත්රෝපෝඩාවන්ගෙ මුල් පූර්වජයනට ඤාතීත්වයක් දක්වන කාණ්ඩයකට බව.

මෘදු ශරීරයක් දරන,හතු අකාරයෙන් පිහිටි ඇස් 5 ක් ඇති සෙන්ටිමීටර 4-7 cm තරම් ප්රමාණයක් වු සාගර වාසියෙක් තමයි මේ ඕපබීනියා. ආහාර ඩැහැගැනීමට දිගු කල හැකි හොඬයක් වැනි අවයවයක් පිහිටි ඔපබීනියාගෙ මුඛය පිහිටන්නෙ හිසට පහලින්. දිගුකල හැකි අවයවයෙන් ඩැහැගත් ගොදුරු මුඛය තුලට රුවාගන්නට ඇතැයි යන්න ෆොසිල විද්‍යාඥයන්ගේ මතයයි. ඕපබීනියා ජීවත්ව තිබෙන්නේ මුහුදු පතුල ආසන්නයේ ස්ථරවල.


ඕපබීනියා ප්‍රතිනිර්මාණ

සාමාන්ය ජනයා අතර ප්රචලිත නැතිවුනත් ඕපබීනියා යනු ෆොසිල විද්යාව ගැන උනන්දුවක් දක්වන්නන් අතර ඉතාමත් ප්රසිද්ධ සත්වයෙක්. මුල්කාලීන ෆොසිල ඇතිකල වික්ෂිප්තබව එයට එක් හේතුවක්.

වර්තමානයේදි ඕපබීනියා විශේෂය විද්යාත්මකව ඕපබීනියා රෙගැලිස් ලෙස හඳුන්වනු ලබනවා.

ඕපබීනියා ෆොසිලයක්


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment