Sunday, August 18, 2019

පෘථිවියේ ප්‍රමාණයට සාපේක්ෂව සමස්ථ ජල පරිමාව සහ වායු පරිමාව (Comparison of Water and Air total volumes to the size of Earth)


පෘථෘවිය තුල සමස්ථ ජීවයේම පරිණාමික කතාන්දරය පාදක වන්නෙ ජලය සහ වායුගෝලය නැමැති සාධක ද්විත්වය මත. 

අභ්යවකාශයට දිස්වන නිල් පැහැති පෘථෘවිය වෙලා ගනිමින් සාගර පැවතුනත් සාපෙක්ෂ පරිමාවක් ලෙස සලකා බැලු විට සමස්ථ ජල ප්රතිශතය ඉතාමත් කුඩා ප්රමාණයක්. 

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නෙ පෘථෘවියෙ ප්රමාණයට සාපෙක්ෂව සමස්ථ ජල පරිමාව සහ වායු පරිමාව. මෙමඟින් ඔබට එය කොතරම් කුඩා ප්රමාණයක්ද යන්නට අදහසක් ලබාගත හැකියි.

පෘථිවියේ ප්‍රමාණයට සාපෙක්ෂව සමස්ථ ජල පරිමාව සහ වායු පරිමාව

දැන් ප්‍රශ්නයක් පැන නැගුනොත්, සමස්ථ ජල පරිමාව දක්වලා තියෙන්නේ සාගර ජලය ඇතුණ සියල්ලේම පරිමාවද කියලා; මේ තියෙන්නෙ ඒකෙම තවත් පැහැදිලි කිරීමක්. නිල්පාට ගෝලයන් අතුරෙන් විශාලම එක පෙන්නුම් කරන්නෙ පෘථෘවියේ තිබෙන සියළු ජල පරිමාව. මේකට සාගර ජලය, මිරිදිය, කරදිය, හිම, අයිස්, භූගත ජලය, අප ඇතුළු සියළු ජීවීන්ගෙ ශරීරවල ජල පරිමාව අයත්.

පෘථිවියේ තිබෙන සියළු ජල පරිමාව

පලමු නිල් ගෝලයට වඩා ප්‍රමාණයෙන් කුඩා ගෝලයෙන් පෙන්නුම් කරන්නෙ පෘථෘවියේ සියළු මිරිදිය ජල පරිමාව. මිනිස්සුන්ට ස්වාභාවිකව පරිභෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය එච්චරයි.

ඊටත් වඩා කුඩා තිතක් ආකාරයෙන් පෙන්නුම් කරන්නෙ පෘථෘවිය මත තිබෙන සියළු විල් හා ගංගාවල ජල පරිමාවේ එකතුව.

ජලය කියන්නෙ කොතරම් සීමිත සම්පතක්ද කියන එක වටහා ගන්න මන් හිතන්නෙ මෙය ප්‍රමාණවත්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment