Sunday, August 18, 2019

මිරැසිනොනික්ස් සහ ටෙට්රාමෙරික්ස් (Miracinonyx and Tetrameryx)




මේ ඡායාරූපය දුටු විට ඔබට නිරායාසයෙන්ම මතකයට එන්නෙ අප්රිකානු සැවානා පාරිසරික තත්වයක්. චීටාවකු ඇන්ටිලෝපයකු පසුපස හඹායන දර්ශනයක් මෙන් මෙය දිස් වුවාට මේ සිටින්නේ චීටාවකු නොවේ. 

මේ පාරිසරික ප්රතිනිර්මාණය තුලින් දිස්වන්නේ ප්ලයස්ටොසීන යුගය තුල උතුරු ඇමරිකානු භූ දර්ශනයක්. වර්තමානයේදි උතුරු ඇමරිකාව හෝ අසල වෙනත් කිසිඳු ප්රදේශයකින් චීටාවන් නොමැති වුවත් චීටාවන්ට ඉතාමත් සමීප "මිරැසිනොනික්ස් (Miracinonyx)" ගනයට අයත් බිළාලයෙකු තමයි ඔබ මේ දකින්නෙ. 

මිරසියොනික්ස් ගයේ විශේෂ දෙකක් ප්ලයස්ටොසීන යුගයෙදි ඇමරිකානු භූමිය තුල ජීවත් වුනා. මේ ද්විත්වය තමයි;
  1. මිරැසිනොනික්ස් එක්ස්පෙක්ටේටස්
  2. මිරැසිනොනික්ස් ටෲමානි

මේ රූපයේ සිටින්නේ මිරැසිනොනික්ස් ටෘමානි විශේෂය. ඔබ සත්ව විශේෂ පිලිබඳව යම්තාක් දුරකට අවබෝධයක් සතු කෙනෙක්නම් ඔබට ඇතිවිය යුතු දෙවනි ගැටලුව තමයි උතුරු ඇමරිකාව තුල ඇන්ටිලෝපයන් සීටීද යන්නට? මේ රූපයේ බිළාලයා විසින් හඹායනු ලබන සත්වයා ඇන්ටිලෝපයකු නොවේ. එම විශේෂයත් ප්ලයස්ටොසීනය තුල උතුරු ඇමරිකාවෙන් වඳව ගිය ටෙට්රාමෙරික්ස් (Tetrameryx) නැමැති කුරචාරී සත්ව විශේෂයක්. මේ විශේෂට නෑකම් කියන එක් සත්ව විශේෂයක් වර්තමාන උතුරු ඇමරිකානු කලාපය තුලින් දැකගත හැකියි. ඒ ප්රොන්ග්හොර්න් (Pronghorn) නැමැති සත්ව විශේෂය. 

මේ කතාවත් සමඟ ඔබට වැටහිය යුතුයි ප්ලයස්ටොසීන යුගය අවසානයත් සමඟ වර්තමානය වනතෙක් කොතරම් පාරිසරික සාධක වෙනස් වීමකට ලක්ව ඇතිබව.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment