Monday, August 19, 2019

රයිනෝසිරස් , වලසුන්, වෘකයන්/සුනඛයන්, බිළාලයන් සහ සීල් මත්ස්‍යන්ගෙ පරිණාමික ඉතිහාසවල සංක්ශිප්ත පෙල ගැස්මන් (Brief evolutionary lineages of Rhinos, Bears, Wolfs/Dogs, Cats and Seals)


සිටසියාවන් එහෙම නැත්තන් තල්මසුන් සහ ඩොල්ෆීනයන් ඇතුලත් කාණ්ඩයේ පරිණාමය සිදුවු ආකාරය ගැන ටිකක් විස්තරාත්මකව ලිවීමට හැකිවුනා. සිටසියා කාණ්ඩයේ පරිණාමය ඉතාමත් නිරවද්යතාවකින් සනාථ කල පරිණාමික ක්රියාවලියක් ලෙස ෆොසිල විද්යාවෙදි හඳුන්වන්නේ අදාල පරිණාමික ක්රියාවලිය තුල සිටි ජීවීන් බොහො ගනන⁣කගෙ ෆොසිල හමුව තිබෙන නිසා. නමුත් මතක තබාගත යුතු කරුණ තමයි යම් කිසි ජීවියෙකුගෙ අවශේෂ ෆොසිලගත වීමත්, අදාල ෆොසිල කාලාන්තරයක් තිස්සේ හායනයන්ට ලක් නොවී වර්තමානයේදි හමු වීමත් කියන්නෙ අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්. සම්භාවිතාවක් ලෙස ගත්තොත් ජීවීන් මිලියනකින් එකක් පමණයි එලෙස ෆොසිල ලෙස වර්තමානයේදි ලැබීමට හැකි සම්භාවිතාව.

එසේනම් අපට සාධක මුණ නොගැසුනු යම් සංක්රාන්තික අවස්ථාවක් තිබු පමණින් අදාල පරිණාමික ක්රියාවලිය සාවද්යක් ලෙස බැහැර කල හැකිද ? එසේ ෆොසිල සාධක නොමැති වු විට යොදාගත හැකි විකල්පයක් තිබේද ?

ෆොසිල සාධකවලට වඩා ඉතාමත් විශ්වාසනීය ක්රමයක් නුතන විද්යාව තුලින් අපට ලැබී තිබෙනවා. ඒ තමයි ජාන විද්යාව. ඕනෑම ජීවියකුගෙ ජාන තුල අදාල ජීවියාට අයත් පරිණාමික ක්රියාවලියේ තොරතුරු ගැබ්ව පවතිනවා. Genetic clocking එහෙම නැත්තන් ජෛව ඔරලෝසුවක් ලෙස එය ක්රියාකරනවා. DNA භාවිතාවෙන් ඔබට ලඟම ඤාතිය කවුදැයි සොයාගැනීම හැකියාව පවතින බව ඔබ දැනටමත් දන්නා කරුණක්. සරලව මෙසේ සිතන්න. අදාල ක්රමයන් තුලින් පවුලේ ලඟම ඤාතියා වෙනුවට ප්රාග්ඓතිහාසික යුගයන් තුලදි ඔබට ලඟම ඤාතියා සොයාගත හැකිනම් ? Genetic clocking තුලින් සිදුකරන්නේ එයයි.

සරල උදාහරණයක් දුන්නොත් අප සහ චිම්පන්සීන් අතර පොදු පුර්වජයා අයත් පරිණාමික වෘක්ෂයෙන් චිම්පන්සීන් සහ අප අයත් අතු රිකිලි බෙදීමකට ලක්වන්නේ වසර මිලියන 5 ත් 7 ත් අතර කාලය තුල බවයි අපේ ජාන වලින් තොරතුරු ලබා දෙන්නෙ.

තවත් උදාහරණයක් දුන්නොත් වර්තමාන පක්ශීන් පරිණාමය වන්නෙ ජුරාසික් යුගයෙන් බව තමයි ෆොසිල සාධක අපට තොරතුරු ලබා දෙන්නෙ. නමුත් ජානමය තොරතුරු වලින් ලබාදෙන අදහසින් පැවසෙන්නේ පක්ශීන් ජුරාසික් යුගයට වඩා මඳක් ඈත යුගයකින් පරිණාමය වු බවයි. එසේ නම් ඒ ෆොසිල සාධක වල වැරැද්දක්ද ? නෑ අපට තවමත් ජුරාසික යුගයෙන් ඔබ්බට පක්ශි ෆොසිල ලැබී නැති නිසයි ඒ ගැටලුව. එසේනම් එවැනි ෆොසිල නැද්ද ? එවැනි ෆොසිල අපට මුණ ගැසී නොමැති වෙන්න විවිධ හේතු තිබෙනවා. ඉතාමත් සියුම් පක්ශි අස්ථින් ෆොසිලගත වීම දුර්ලභ වීම, දැඩි හායනයට ලක්වීම, අදාල යුග වසර මිලියන ගනනක් ඈත යුග වීම වැනි. නමුත් ඉදිරියේ සිදුකරන වඩාත් සියුම් පර්යේෂණ තුලින් අදාල ෆොසිල සාධක ⁣ලැබෙනු ඇත.

වටහාගත යුතු කරුණ නම් වර්තමාන පරිණාමික ජීව විද්යාව යනු හුදෙක් ෆොසිල වලට පමණක් සීමා වී කල්පිතයන් බිහිකරන විද්යාවක් නොවන බවයි. ජානමය සාධක, ෆොසිල සාධක, පාරිසරික සාධක, ව්යුහ විද්යාත්මක සාධක වැනි දෑ වලට විශේෂිත විද්‍යාඥයන් රැසකින් සමන්විත කණ්ඩායම් තමයි මේ සඳහා සහභාගි වන්නෙ.

මේ පහලින් තිබෙන්නේ රයිනෝසිරස් , වලසුන්, වෘකයන්/සුනඛයන්, බිළාලයන් සහ සීල් මත්ස්යන්ගෙ පරිණාමික ඉතිහාසවල සංක්ශිප්ත පෙල ගැස්මන්. මොවුන්ගෙ සැබෑ පරිණාමික වෘක්ෂයන් මීට වඩා බොහෝ ප්රසාරිත වෘක්ෂයන් වුනත් මේ සටහන් කෙටි කර තිබෙන්නේ අදාල පරිණාමික වෘක්ෂයන් තුල වැදගත්මක් (Turning point) එකක් ඉසිලු ජීවීන් කිහිප⁣ දෙනෙක් ගොනු කොටයි.

සිටසියා පරිණාමය මෙන්ම මේ සත්ව කාණ්ඩවලත් පරිණාමික ඉතිහාසයන් ඉතාමත් පූර්ණ ලෙස මේ වන විට අධ්යනයකොට තිබෙන්නේ. ඔබට මෙයින් දල අදහසක් ලබාගත හැකියි අදාල සත්ව කාණ්ඩ වර්තමානයෙ සිටින තත්වය දක්වා ආ ගමනේ විවිධ පියවර කිහිපයක් ගැන. අදාල සටහන් නිරීක්ෂණය කිරීමේදි පූර්වජයන් සිටි කාලය සහ වර්තමානය අතර ඇති කාලයත් නිරීක්ෂණය කරන්න. එය වසර දාහක්, දෙදාහක් ඇතුලත සිදුවන ක්රියාවලියක් නොව වසර මිලියන ගනනක ජීවයේ අඛණ්ඩතාව මත පදනම් වන්නක් බව ඔබට දකින්නට ලැබෙයි.

රයිනෝසිරස් සංක්ෂිප්ත පරිණාමික ඉතිහාසය


වලසුන්ගේ සංක්ෂිප්ත පරිණාමික ඉතිහාසය


වෘකයන් /සුනඛයන්ගේ සංක්ෂිප්ත පරිණාමික ඉතිහාසය


බිළාලයන්ගේ සංක්ෂිප්ත පරිණාමික ඉතිහාසය


සීල් මත්ස්‍යයන්ගේ සංක්ෂිප්ත පරිණාමික ඉතිහාසය


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment