Sunday, August 18, 2019

මහද්වීප ප්ලාවිතය (Continental Drift)


ප්රාග්ඉතිහාසය අධ්යනය තුල ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි 'මහද්වීප ප්ලාවිතය'. 

මීට වසර මිලියන 225 කට පමණ පෙර පර්මියන් අවධියේදි පැවති පැන්ජියා නැමැති සුපිරි මහද්වීපය ක්රමයෙන් වර්තමාන මහද්වීප පිහිටීම තෙක් වෙනස් වෙනවා. 

පලමු ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඉතාමත් මෑතකදි ප්රතිනිර්මාණය කල පැන්ජියා සුපිරි මහද්වීපය තුල වර්තමාන රටවල් අයත් භු කලාප පිහිටි ආකාරය.

පැන්ජියා සුපිරි මහද්වීපය තුල වර්තමාන රටවල් අයත් භු කලාප වල පිහිටීම

ඉතාමත් අවදානයෙන් ඔබ බැලුවොත් දකින්න පුළුවන් වර්තමාන ශ්රිලංකාව අයත් භු තැටිය ඉන්දියාව, මැඩගස්කරය සහ ඇන්ටාක්ටිකා භු තැටි ත්රිත්වයට මැදිව පවතින ආකාරය. ක්රම ක්රමයෙන් වෙන්ව යන මේ භු කලාප පසුව වර්තමාන මහද්වීප නිර්මාණය කරනවා. පැන්ජියා මහද්වීපයෙත් වෙන් වන ලංකාව සහ ඉන්දියාව අයත් භු තැටිය ක්රමයෙන් වෙන්ව ගොස් යුරේසියානු භුතැටියට ඝට්ටනය වන්නෙ මයෝසීන අවධියේදි. මීට පෙර සටහනකත් මා සඳහන් කල පරිදි හිමාල කඳු වැටිය බිහිවන්නේ එහි ප්රතිඵලයක් ලෙස. එමෙන්ම ලංකාවෙ අරුවක්කාලු කලාපයෙන් මතුව ඇති මයෝසීන හුණුගල් නිධිය යාපනය තෙක් දිවෙනවා. මෙහි මතුවීම සිදුවන්නෙත් මේ ඝට්ටනයේ අතුරුඵල ලෙස. මුහුදු පතුල තුල පැවති භුමිය මේ ඝට්ටන වලදි ඉහලට නෙරා එනවා. හිමාල කඳු වැටිය තුලත් මුහුදු ජීවින්, බෙල්ලන් වැනි අවශේෂ හමුවිමට හේතුව මෙයයි.

විවිධ යුගයන්හිදී භූ කලාප පිහිටි ආකාරය

භූ විද්යාව හැදෑරීම යනු පරිණාමික දිනපොතේ සටහන් කියවීමයි. වසර මිලියන ගනනක් තුල පෘථෘවිය තුල වෙනස්කම් , ජීවින්ගේ පරිණාමික දත්තයන්, දේශගුණික රටාවන්හි වෙනස්වීම් සියල්ල දිනපොතක් අයුරින් භූ ගර්භය තුල සටහන්ව තිබෙනවා.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment