Sunday, August 18, 2019

ඇකැන්තෝස්ටෙගා (Acanthostega)


සිව්පා සත්වයින්ගෙ පරිණාමික ඉතිහාසය සලකා බැලුවම අපට හමුවන මුල්ම සිව්පාදික පූර්වජයන් අයත් කාණඩය හඳුන්වන්නෙ "ස්ටෙම් ටෙට්රාපොඩ්ස්" කියන නමෙන්. 

ටෙට්රාපෝඩා කාණ්ඩයට අප ඇතුලු සියළු ක්ශීරපායින්, උරගයන්, උභයජීවීන් සහ එම කාණ්ඩ වල වඳව ගිය විශේෂ ඇතුලත්. ටෙට්රොපෝඩා කාණ්ඩයේ මුල්ම සාමාජිකයන් කණ්ඩායමක් තමයි මේ ස්ටෙම් ටෙට්රාපොඩ්ස් නමින් හඳුන්වන කාන්ඩය.

ඇකැන්තෝස්ටෙගාවන් නමින් හඳුන්වන මේ සත්වයන් අයත් වන්නෙ මේ ස්ටෙම් ටෙට්රාපෝඩ් කාණ්ඩය⁣ට. සීලකැන්ත් මත්ස්යන් ගැන ඔබ අසා තිබෙනවා ඇති. සීලකැන්තාවුන් වැනි මත්ස්යන් ක්රමිකව පරිණාමය වී ගොඩබිම ආක්රමණය කල අයුරු ගැනත් ඔබ අසා ඇති. ඇකැන්තෝස්ටෙගාවන් යනු සිව්පා ලක්ෂණ දරන්නන් සහ සීලකැන්තාවුන් වැනි මත්ස්යන් අතර සංක්රාන්තික අවස්ථාවක්. තවත් සරල කරොත් ගොඩබිමට සම්පුර්ණයෙන්ම පැමිණීමට හැකි වු ජීවින් කාණ්ඩයක් තමයි මේ ඇකැන්තෝස්ටෙගාවන්.

ඇකැන්තෝස්ටෙගාවන්

ඩෙවෝනියන් යුගයෙ අවසාන භාගයේ පමණ ජීවත් වු ඇකැන්තෝස්ටෙගාවන්ට අයත් ෆොසිල ග්රීන්ලන්තය වැනි ස්ථාන වලින් පවා හමුවෙනවා. ඩයිනෝසරයන් ⁣මිහිමත පහල වීමට ඉතාමත් ඈත යුගයක තමයි ඇකැන්තෝස්ටෙගාවන් මිහිමත සැරිසැරුවෙ. අංක වලින් ගත්තොත් වසර මිලියන 365 කට පමණ පෙර. ඇකැන්තෝස්ටෙගාවන් වගේම ඉක්තියොස්ටේගාවන් මෙවැනිම ලක්ෂණ දරපු තවත් කණ්ඩායමක්. ඔවුන් ගැන පසුව විස්තර කරන්නම්.


(Art credit for reconstruction is to - Raul Martin)



#DOE




No comments:

Post a Comment