පැලියොසොයික අවධිය උප අවධි හයකට බෙදීම සිදු වෙනවා. පිලිවෙලින්;
- කේම්බ්රියන්
- ඕර්ඩෝවීසීයන්
- සිලූරියන්
- ඩෙවෝනියන්
- කාබනිෆරස්
- පර්මියන්
මේ උප අවධි අයත් වන්නෙ පැලියොසොයික මහා අවධියට. පැලියොසොයිකයේ කේම්බ්රියානු උප අවධිය තුලදි තමයි පෘථෘවි ඉතිහාසයේ ප්රථම වතාවට අධික ජීවි විවිධත්වයක් ඇතිවන්නේ. මේ අධි විවිධත්වය ඇති වීමට කියනවා කේම්බ්රියානු පිපුරුම කියලා. තවත් ක්රමයකට විස්තර කරොත් පරිණාමික පිපුරුමක්.
පැලියොසොයිකයේදි තමයි ප්රථම මත්ස්ය කාණ්ඩ බිහිවීම ආරම්භ වෙන්නෙ. පැලියොසොයිකය තුල ප්රාථමික ශාඛ විශේෂයන්ගෙන් හෙබි ආදී වනාන්තර ලොව පුරා පැතිර තිබෙනවා. අද වන විට යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාපයේ ගල් අඟුරු ලෙස මතුවන්නෙ මේ ආදී පැලියොසොයික වනාන්තරවල නශ්ඨාවශේශ.
පැලියොසොයිකය අවසානය සනිටුහන් වෙන්නෙ පර්මියන් ට්රියැසික් මහා නශ්ඨවීමෙන්. කේම්බ්රියානු අවධිය තුල අධි විවිධත්වයකින් පැතිරුණු ජීවි විශේෂ සහමුලින්ම පෘථෘවිය මතින් අතුගා දැමීමට පාදක වෙන්නෙ මේ මහා නශ්ඨවීම. පෘථෘවිය මත මෙතෙක් සිදුව ඇත් දරුණුතම නශ්ඨවීමේ සිද්ධිදාමය ලෙස හඳුන්වන්නේ මේ පර්මියානු ට්රියැසික මහා නශ්ඨවීම. එවක පෘථාවියේ සාගර තුල සිටි ජීවි විශේෂ වලින් 96% සහ ගොඩබිම්වාසී පෘශ්ඨවංශික සත්වයන්ගෙන් 70% සහමුලින්ම වඳව යන්නේ මේ නශ්ඨවීම නිසා.
පර්මියන් ට්රියැසික නශ්ඨවීම පෘථෘවි ජීවයේ අඳුරුතම කාල පරිඡ්ඡේදය ලෙස සටහන් වෙනවා. ජීවය මත ඇතිකරන පහර දීමේ බලවත් බව කොපමණද යත් නැවත ජීවය හිස එසවීම සඳහා වසර මිලියන 10 පමණ ගතවෙනවා. ඉන්පසුව තමයි ඩයිනෝසරයන්ගෙ අවධීන් පෘථෘවිය මත පහල වෙන්නෙ.
දැන් මේ පහල ඡායාරූපයේ තිබෙන්නේ පැලියොසොයික පෘථෘවිය ප්රතිනිර්මාණයක්. මේ වෙද්දි මල් හටගන්න ශාඛ (සපුශ්ප ශාඛ) පෘථෘවිය මත පහල වෙලා නෑ. මීවන කුලයේ ප්රාථමික ශාඛ තමයි දකින්න ලැබෙන්නෙ. පෘථෘවි උශ්ණත්වය දහවල් කාලයේදි වැඩි අගයක් ගත්තත් රාත්රියේදි එය සීග්ර ලෙස පහත බසිනවා. ඔක්සිජන් ප්රතිශතය අවමයි. වගුරු සහිත කලාප තුල දිරායන ශාඛ කොටස් තුලින් නික්මෙන මීතේන වායුව පැතිර තිබෙනවා. බත්කූරන් වැනි කෘමි සතුන් මේ යුගය තුල ප්රමුඛ වුන සත්ව කාණ්ඩ.
(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment