Thursday, August 15, 2019

ඩිලාෆසෝරස් (Dilophosaurus)


1993 වර්ශයේදි තිරගත වුන ජුරාසික් පාර්ක් පලමු චිත්රපටයේ ගෙල වටා ආවානක් ආකාරයෙන් සැකසුනු රැලි සහිත කුඩා ප්රමාණයෙ උරගයාව හඳුන්වනු ලබන්නේ ඩිලාෆසෝරස් නමින්. චිත්රපටයේ පෙන්වනු ලබන ඩිලාෆසෝරස් සහ සත්ය ඩිලාෆසෝරස් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීමට තමයි මේ සටහන.

ඇරිසෝනා ප්රාන්තයෙන් ලැබෙන සම්පූර්ණ උරග ඇටසැකිලි තුනක් මත පදනම්ව 1954 වරශයේදි සැමුවෙල් පී වෙලෙස් විසින් "මෙගලසෝරස් වෙදරිලි" නමින් විශේෂයක් නම් කරනු ලබනවා. නමුත් 'මෙගලසෝරස්' නැමැති ගන නාමය පසුව ඉවත්කොට 'ඩිලාෆසෝරස්' නැමැති ගනයට 1970 වර්ශයේදි මේ විශේෂය නැවත නාමකරණයකට බදුන් වෙනවා. වර්තමානයේදි මේ විශේෂ නාමය වන්නෙ "ඩිලාෆසෝරස් වෙදරිලි".

චිත්රපටයේ පෙන්වන ඩිලාෆසෝරස් මනුශ්යකුට වඩා මඳක් කුඩා ඩයිනෝසරයෙක්.

චිත්‍රපටයේ ඩිලාෆසෝරස්

නමුත් සත්ය ඩිලාෆසෝරස් අඩි 23 ක් පමණ දිගු, මනුශ්යකුට වඩා ප්රමාණයෙන් විශාල සත්වයෙක්.

 සත්‍ය ඩිලාෆසෝරස් ප්‍රතිනිර්මාණයක් 

 සත්‍ය ඩිලාෆසෝරස් ප්‍රමාණය

චිත්රපටයේ පෙන්වන සත්වයාට විෂ විදීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ කාරණය විද්යාත්මකව සනාථ කල කාරණයක් නොවෙයි. එසේනම් චිත්රපටයේ සත්වයාව එලෙස නිරූපණය වන්නෙ ඇයි ? 

අස්ථි විද්යාත්මකව නිරීක්ෂණය කල විට සත්ය ඩිලාෆසෝරස් සත්වයාගෙ ශරීරයට සාපේක්ෂව හනු තෙරපුම ඉතාමත් සුළු බලයක් ලබාදෙන හනු තෙරපුමක්. එ් හේතුවෙන් ඩිලාෆසෝරස් වැනි මාංශභක්ෂක සත්වයෙක් ගොදුරු සෙවීමේදි වෙනත් උපක්රමයක් භාවිතා කරන්නට ඇතැයි යන්න ෆොසිල විද්යාඤයන්ගෙ මතයක්. උදාහරණයකට වර්තමානයේදි ජීවත් වන කොමෝඩෝ උරගයන් ගොදුරු සෙවීමේදි භාවිතා කරන විෂ දැක්විය හැකියි. එලෙසම ඩිලාෆසෝරයන් සතුව විෂ පවතින්නට ඇතැයි යන උපකල්පනය පවතිනවා. නමුත් චිත්රපටයේ පෙන්වන විෂ විදීමේ හැකියාව මනඃකල්පිතයි.

දෙවන කාරණය තමයි ඩිලාෆසෝරයන් සතුව සත්යවශයෙන්ම ගෙල වටා රැලි පිහිටීමක් තිබුනාද ? ගෙල වටා රැලි පිහිටන, තමන් අභියෝගයට ලක් වු විට රැලි විහිදිය හැකි උරගයන් වර්තමානයේදිත් ජීවත් වෙනවා. උදාහරණයක් Frilled neck lizards වර්ගයන් දක්වන්න පුළුවන්.

වර්තමානයෙදි ජීවත්වන Frilled neck lizard

නමුත් ඩිලාෆසෝරයන්ට එලෙස පිහිටා තිබුනානම් අදාල ගෙල රැලි සම්බන්ධ වී තිබෙන, සංකෝචන හා ඉහිල් වීම් වලට සබැඳි මාංශ පේශීන් සවි වී තිබු ස්ථාන ගෙල සහ කපාලය අවට අස්ථි තුල සටහන්ව තිබිය යුතුයි. නමුත් එලෙස සටහනක් නෑ. එබැවින් ඩිලාෆසෝරස් සතු ගෙල රැලි හුදෙක් චිත්රපටය තුලට ඇතුලත් කල මනඃකල්පිතයක් ලෙස දැක්විය හැකියි. අදාල මනඃකල්පිතයි ඇතුලත් කිරීමේදි පවා වර්තමාන උරග හැසිරීම් පදනම් වී ඇති බව නම් පැහැදිලිව සඳහන් කල හැකි කරුණක්. උදාහරණයකට චිත්රපටයේ ඩිලාෆසෝරස් ගෙල රැලි විහිදන්නෙ අදාල දර්ශනයේ සිටින චරිතය වැහි කබායේ හිස් ආවරණය පැලැඳි විටයි. එයින් අදහස් වෙන්නෙ තමන් අභියෝගයට ලක්වීම යැයි සිතා ඩිලාෆසෝරස් තම ගෙල රැලි විහිදනවා.

අවසාන වශයෙන් ඩිලාෆසෝරස් සත්වයන්ගෙ කපාලය මත පැතලි හැඩැති අස්ථිමය නෙරුම් ද්විත්වයක් පිහිටනවා. වර්තමානයේදි ඔස්ට්රේලියානු භුමි තුල දැකිය හැකි කැසෝවරි පක්ශින් සතු හිසේ තිබෙන අස්ථිමය උදාහරණයට සමාන පිහිටීමක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

කැසොවරි

නමුත් කැසොවරි පක්ශීන්ට පිහිටන්නෙ එක් නෙරීමක් පමණයි. ඩිලාෆසෝරයන් සතුව එලෙස නෙරීම් ද්විත්වයක් පිහටනවා.


ඩිලාෆසෝරස් සතු ද්විත්ව නෙරුම්


ඩිලාෆසෝරස් ප්‍රතිනිර්මාණයක් 


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ඩිප්ලෝඩොක්ස්, ඇපටෝසෝරස් සහ ඇලෝසෝරස් (Diplodocus, Apatosaurus and Allosaurus)


පිලිවෙලින්; 
  1. ඩිප්ලෝඩොක්ස්
  2. ඇපටෝසෝරස්
  3. ඇලෝසෝරස්
ඩයිනෝසර විශේෂ ත්රිත්වයට අයත් පසුපස ගාත්රා ෆොසිල සංසන්දනාත්මක ප්රමාණයන්.





පහත ඡායාරූප වලින් අදාල විශේෂයන්හි ප්රතිනිර්මාණයන් දැක්වේ.

ඩිප්ලෝඩොක්ස්

ඇපටෝසෝරස්

ඇලෝසෝරස්

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




මානව - විලෝපික සටන් (Human - predator combats)


මානව වංශකතාවේ පූර්වජයන් අප්රිකානු වනාන්තර, තෘණභූමි තුල සැරිසරද්දි නිරන්තරයෙන්ම විලෝපික ප්රහාර වලට ලක්වුනා.

වර්තමානයෙ ඉන්න බිළාල කුලයට අයත් සිංහ, කොටි ආදී විශේෂ වලටත් වඩා ප්රමාණයෙන් විශාල මෙන්ම රෞද්ර විලෝපිකයන් සමඟ තමයි ඔවුන් සටන් වැදුනේ. ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් , ඔස්ට්රලෝපිතෙකස් ඇෆ්රිකානස්, ඔස්ට්රලෝපිතෙකස් සෙඩිබා වැනි ඔස්ට්රලෝපිතෙසීන ගනයට අයත් ෆොසිල රාශියකම මේ විලෝපික සලකුණු තිබෙනවා.

වරක් හමුවන හෝමෝ හැබිලිස් දරුවකුට අයත් කපාලය පෙන්නුම් කරන්නෙ විලෝපික ප්රහාරය සෘජුවම හිසට එල්ලවී , විලෝපික උඩු හනුවෙ රදනක දත් හැබිලිස් දරුවාගේ අක්ශි කුහර තුලට කිඳා බසින අතර යටි හනුවෙ රදනක දත් හැබිලිස් කපාලය තුලින් කිඳා බැස ඇති ආකාරයයි. හෝමෝ අර්ගැස්ටර්, හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් වැනි මානව විශේෂ තුලත් මේවන් විලෝපික ප්රහාර දකින්න පුළුවන්. දඩබිම්, ආහාර, වාසස්ථාන සඳහා රුදුරු විලෝපිකයන් සමඟ නිරන්තර තරඟයක මේ මානව විශේෂ යෙදුනා.


පලමු ඡායාරූපයේ තිබෙන්නේ හැබිලිස් දරුවාට එල්ලවු විලෝපික ප්රහාරය ප්රතිනිර්මාණයක්.



දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ඩයිනෝෆෙලිස් බිළාලයෙක් ඔස්ට්රලෝපිතෙකස් මානවයකු දඩයම් කිරීමට දරන ප්රයත්නය.



තෙවන ඡායාරූපයේ තිබෙන්නේ නිවර්තන ලක්ෂණ සහිත අප්රිකානු වනාන්තරයක ඩයිනෝෆෙලිස් බිළාලයෙකුගෙ පැන්තර් රෑප දර්ශය සහිත සත්වයෙකු දිහා ඔස්ට්රලෝපිතෙසීනයෙකු බලා සිටින ආකාරය.



අවසන් ඡායාරූපයේ තිබෙන්නේ ෆොසිල සාධක මත තිබෙන දත් පහරවල්.




(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




160 වසරක මුල් පියවර (The first step of 160 years)


වසර 160 කට පෙර 1958 වර්ශයේ අද වැනි අගෝස්තු 20 වෙනිදාවක තමයි චාර්ල්ස් ඩාවින් සහ ඇල්ෆ්රඩ් රසල් වොලස් පරිණාමය ගැන ලිවු ශාස්ත්රීය පත්රිකාව එංගලන්ත ලිනේයන් සංගමයේ පලකිරීම සිදුවන්නෙ. 

මේ වියතුන් දෙදෙනා තමන්ට එල්ලවු තර්ජන,අපහාස, චෝදනා රැසක් මැද තමයි පරිණාමය පිලිබඳව තමන්ගෙ සොයාගැනීම් ලෝකයා හමුවේ තබන්නට උත්සුක වෙන්නෙ. වසර 160 කට පෙර තිබුන සමාජ වටපිටාව ඔවුන්ව දැඩි ලෙස මර්ධනය කිරීමට ක්රියා කලත් විද්යාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ⁣ඔවුන් දෙපල සහ තවත් වියතුන් රාශියක් සිදුකල සටන අද වන විට ගවු ගනනාවක් ඉදිරියට පැමිණ තිබෙන්නේ. 

ඩාවින් සහ වොලස් එකල සැකිල්ලක් ලෙස ඉදිරිපත් කල පරිණාමික කතාව, වර්තමානයෙදි කායික විද්යා, භෞතික මානව විද්යා, පුරා ජෛව විද්යා, ෆොසිල විද්යා, ජාන විද්යා යන ක්ශේත්රයන්ගෙ එකතුවකින් තහවුරු කිරීම සිදුවෙලා හමාරයි.


චාර්ල්ස් ඩාවින්


ඇල්ෆ්‍රඩ් රසල් වොලස්


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE






පරිණාමික රටා (Evolutionary patterns) - 02




පෙර සටහනෙදි වර්තමානයේදි ජීවත්වන බීවර්, ස්ලොත් සහ වොම්බැට් විශේෂ ගැන කෙටි විස්තරයක් මම ඉදිරිපත් කරා. ඒ ඔවුන්ගෙ වර්තමාන විශේෂ වල ප්රමාණයන් ගැන ඔබට අවබෝධයක් ලබා දීමට. ප්ලයස්ටොසීන යුගයෙදි මේ සත්වයන්ගෙ සමීප ඤාතීන් වචනයේ පරිසමාප්තියෙන්ම යෝධයන්.

ස්ලොත් සත්වයන් සලකා බැලුවොත් ඔවුන්ගෙ ආසන්නතම පූර්වජ විශේෂයක් වන මෙගාතිරීයම් මීටර් 4 පමණ උසකට වැඩෙන සත්වයෙක්.

මෙගාතිරීයම්
ප්‍රමාණාත්මක සංසන්දනය 


බීවර් සතුන්ගෙ ආසන්නතම පූර්වජයන් සැලකුවොත් කැස්ටරොයිඩාවන් ගවයකු තරම් විශාල සත්වයෙක්.

කැස්ටරොයිඩ්ස්
ප්‍රමාණාත්මක සංසන්දනය 


වොම්බැට් සතුන්ගෙ ආසන්න පූර්වජ විශේෂයක් වන ඩයිප්රොටොඩොන් සතුන් මීටර් දෙකක් පමණ උසට වැඩෙන සත්වයෙක් (කුඩා අලියෙකුගෙ ප්‍රමාණය).

ඩයිප්රොටෝඩෝන්
ප්‍රමාණාත්මක සංසන්දනය 

පෙර සටහනෙදි මම සඳහන් කරා මේ සතුන් මහද්වීප තුනක වෙසෙන එකිනෙකාට ඤාති සබඳතාවක් නොදක්වන විශේෂ බවට. එසේනම් ඔවුන් සියල්ලන්ම එකම විදිහට කුඩා ප්රමාණයන් දක්වා පරිණාමය වීමට බලපෑ කරුණු මොනවාද ?

වසර මිලියන 65 කට පමණ ඉහතින් යෝධ ඩයිනෝසරයන් පෘථෘවිය මත විසු අවධියේදි ඔවුන් විවිධත්වය අතින් පැතිරි සියළු පාරිසරික නිකේතන ජයගෙන සිටි සත්ව කොටසක්. ඩයිනෝසරයන්ගෙ නශ්ඨවීමත් සමඟ පාරිසරික නිකේතනවල ඇතිවන හිදැස පිරවීමට ක්රිටැසියස් නශ්ඨවීමෙන් ගැලවුන ක්ශීරපායි කොට්ඨාසයන් සමත් වෙනවා. ආහාර, වාසස්ථාන සඳහා ඔවුන්ට තරඟයක් දෙන්නට සමත් ජීවින් ඉතිරිව සිටියෙ නෑ. එහි ප්රතිඵලයක් ලෙස ඉන්පසු ඇතිවන යුග වලදි සියළු මහද්වීප තුල ක්ශීරපායින් යෝධයන් බවට පරිවර්තනය වෙනවා.

ඔවුන් නැවත කුඩා වුනේ කොහොමද ?

ප්ලයස්ටොසීන යුගය අවසානයත් සමඟ විශාල ක්ශීරපායින්ට දැඩි තර්ජන එල්ලවීම ආරම්භ වෙනවා. දේශගුණික විපර්යාස නිසා පාරිසරික නිකේතන පරිවර්තනය වීම ඇරඹීමෙන් ආහාර, වාසස්ථාන ගැටලු පැන නගිනවා. ක්රිටැසියස් යුගයෙන් පසු තිබු පෘථෘවිය නෙවෙයි ප්ලයස්ටොසීන යුගය අවසානයේදි දක්නට ලැබෙන්නේ. වර්තමාන මහද්වීප කැඩී වෙන්වි ගොඩබිම් පටු වීම ඇරඹිලා. ඒ වගේම හෝමෝ සේපියානුවන් සියළු මහද්වීප තමන්ගෙ දඩබිම් බවට පරිවර්තනය කරගෙන. විශාල ක්ශීරපායින් ක්රමයෙන් පහව යනවා. මෙගාතිරීයම් , ඩයිප්රෝටොඩොන්, කැස්ටරොයිඩාවන් ඇතුලු යෝධ ක්ශීරපායි කාණ්ඩ ප්ලයස්ටොසීන යුගය අවසානයත් සමඟ මිහිතලයෙන් අතුරුදහන් වෙනවා. නමුත් අනුවර්තන වීමට සමත් ඔවුන්ගෙ ඇතැම් පූර්වජ ශාඛා මේ තර්ජන හමුවේ කුඩා ප්රමාණයන් බවට පරිවර්තනය වෙනවා.

මම මේ පැහැදිලි කිරීමට ගත් සත්ව කාණ්ඩ තුන එකිනෙකාට ඤාතීත්වයක් නොදක්වන, මහද්වීප තුනකින් ගත් උදාහරණ. ඒ අනුව තහවුරු කරන්න පුළුවන් පාරිසරික පීඩනයන් කියන සාධකය පෘථෘවිය පුරාම එක ලෙස බලපැවැත්වුන බව. වර්තමානයේදි ඔවුන් කුඩා ප්රමාණයන්ගෙන් පෘථෘවිය මත සැරිසැරුවාට ඔවුන්ගෙ ආදීතමයන් පෘථෘවිය පුරා පැතිරී සිටි මහේශාක්ය මෘගයන්.

පරිණාමික දිනපොත තුල බිලියන ගනනක පිටු අතරින් උපුටාගත හැකි මේ වගේ පරිඡ්ඡේද තුලින් ඔබට වටහාගන්න පුළුවන් "පරිණාමය" නැමැති සංසිද්ධියට පාරිසරික බලපෑම් දක්වන දායකත්වය. ස්වභාවධර්මය විටෙක සත්ව කාණ්ඩ වලට කරුණාවන්ත වී ඔවුන් සුපිරි ජීවීන් බවට පරිවර්තනය කරනවා.. විටෙක ඔවුන්ට අකාරුණික වෙමින් පෘථෘවි තලයෙන් ඔවුන් අතුගා දමනවා... තවත් විටෙක කාලාන්තරයක් ඔවුන් නොසලකා හැර තබා ඔවුන්ගෙ තත්වයන් උසස් කරනු ලබනවා.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Wednesday, August 14, 2019

පරිණාමික රටා (Evolutionary patterns) - 01


දැන් මේ ඡායාරූප ත්රිත්වයේ ඉන්නෙ වර්තමානයේදි ජීවත්වන සත්ව විශේෂ තුනක්.

පලවෙනි ඡායාරූපයේ සිටින්නේ උතුරු ඇමරිකාවේ බීවර් සත්වයෙක්.
දෙවනි ඡායාරූපයේ සිටින්නේ දකුණු ඇමරිකාවෙ ස්ලොත් (සිංහල භාෂාවෙන් මන්දයා) විශේෂයක්.
තෙවනි ඡායාරූපයේ ඉන්නෙ ඔස්ට්රේලියානු මහද්වීපයෙන් හමුවන වොම්බැට් විශේෂයක්.

උතුරු ඇමරිකාවේ බීවර්

දකුණු ඇමරිකාවේ ස්ලොත් (මන්දයා)

ඔස්ට්රේලියාවේ වොම්බැට්

මොවුන් මහද්වීප තුනක හමුවන ක්ශිරපායි සත්වයන් නමුත් පරිණාමිකව ලඟ ඥාතීත්වක් නැති විශේෂ. බීවර්ලා අයිති වෙන්නෙ රොඩන්ට්ස් වර්ගයට, ස්ලොත් සත්වයන් අයත් වන්නෙ පිලෝසා වර්ගයට, වොම්බැට්ලා අයත් වන්නෙ ඩයිප්රෝටොඩොන්ට් වර්ගයට.

දැන් මේ සත්වයන් නිදැල්ලේ වනගතව සිටින ඡායාරූප තිබුනට මේ ඡායාරූප ත්රිත්වය මනුශ්යන් සමඟ සිටින ඡායාරූප විදිහට තෝරාගත්තේ ඔවුන්ගෙ සාපේක්ෂ ප්රමාණයන් ගැන දල අදහසක් ඔබට ලබාගන්න පුළුවන් වෙන්න.

මේ සටහන ඉදිරි සටහනකට නිමිත්තක්...


To be continued...


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE





Tuesday, August 13, 2019

අමරණීය මිනිසෙක් (An immortal man)


මීට වසර තුනකට ඉහතින් අගෝස්තු 18 වෙනිදාවක සිරියානු පුරාවිද්යාඥා කලීඩ් අල් අසාඩ් නම් ශ්රෙෂ්ඨ මිනිසාව අයිසිස් ත්රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලබනවා. 

පැල්මයිරා ⁣ලෝක උරුමය අයිසිස් ත්රස්තවාදීන් විසින් විනාශ කරනු ලබද්දි අනෙක් සියල්ලන්ම පැල්මයිරා උරුමය හැර යන විට අසාද් තනිවම එහි රැඳී සිටින්නේ එහි පුරාවිද්යාත්මක උරුමය රැක ගැනීම සඳහා. රැකගත හැකි සියල්ල සඟවා පැල්මයිරාහි රැඳී සිටින අසාද්ව අයිසිස් ත්රස්තවාදීන් විසින් හිස සිඳ ඉපැරණි රෝම කුළුනක එල්වා තබන්නට පියවර ගන්නෙ අසාද් සඟවා තැබු පුරාවිද්යත්මක වටිනාකමකින් යුත් දෑ ත්රස්වාදීන් හට ලබා නොදීම නිසා. 

අද වෙද්දි අසාද් ඝාතනය කර වසර තුනක්. පැල්මයිරා උරුමය අයිසිස් ත්රස්තවාදීන්ගෙන් මුදාගෙන අද වන විට නැවත යථා තත්වයට පැමිණ තිබෙනවා. කලීඩ් අල් අසාඩ් තමන් ආදරය කල විෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා රැකගත් දෑ අද වන විට සුරක්ෂිතව පවතිනවා. 

පරිණාමික දිනපොත තුල පලකරන දෑ සඳහා සෘජු සම්බන්ධයක් නොමැති වුවත් ලෝක වාසීන් ලෙස මෙවන් කැපකිරිම් සිදු කල මිනිසුන් ගැන ඔබ දැනගත යුතු බැවින් මේ සටහන තබමි.

පුරාවිද්‍යාඥ කලීඩ් අල් අසාඩ්

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


සැ.යු - අදහස් පලකිරීමේදි සංවර වන්න.


#DOE




අවසන් නියැන්ඩර්තාල් දඩබිම (Last hunting ground of Neanderthals)




හිම යුගය අවසන් වනවාත් සමඟම යුරේසියාව පුරා පැතිර සිටි නියැන්ඩර්තාල්වරුන් ක්රමයෙන් පසු බසිනවා යුරෝපයේ මුහුදු ආශ්රිත බිම්කඩ කිහිපයකට. නියැන්ඩර්තාල්වරුන් පෙර සක්මන් කල දඩබිම් ක්රමයෙන් හෝමෝ සේපියන්වරු ආක්රමණය කරද්දි වඩාත් ඉක්මනින් අනුවර්තයන් දක්වන නම්යශීලී සේපියන්වරුනට පරිණාමික අභියෝගයක් වීමට නියැන්ඩර්තාල්වරු අසමත් වෙනවා. 

කපාල ධාරිතාව අතින් ගත්තම සේපියානුවන් තරම්ම හො ඇතැම් අවස්ථාවල ඊටත් වඩා වැඩි කපාල ධාරිතාවක් දැරූ නියැන්ඩර්තාලයන් කායිකව අනුවර්තන දරන්නෙ දැඩි ශීත දෙශගුණික තත්වයන්ට. කෙසේ නමුත් හිම යුගයේ අවසාන පරිඡ්ඡේදය සටහන් වනවිට නියැන්ඩර්තාල් අවසන් දඩබිමක් ලෙස ජිබ්රොල්ටාව සටහන් වෙනවා. ජිබ්රොල්ටාවෙ මුහුදු ආසන්න ගුහා කිහිපයක් නියැන්ඩර්තාලයන් විසූ බවට සාක්ෂි එමටයි.

පහත ප්රතිනිර්මාණයෙන් දැක්වෙන්නෙ ජිබ්රොල්ටා ගුහා අවට නියැන්ඩර්තාලයන් විසු අයුරු. චිත්රයේ ඈතින් ඔබට දකින්න පුළුවන් ගුහාවක්. අවසාන හිම යුගයෙදි පෘථෘවියේ ධ්රැවාසන්න කලාපයන්ගෙන් ඔබ්බට හිම ආවරණ විහිද තිබුනා. ඒ නිසා සාගර ජලයෙන් සැලකිය යුතු පරිමාවක් තිබුනෙ හිම විදිහට. හිම යුගය අවසානයත් එක්කම මේ හිම තට්ටු දියව සාගර ජලය උස් වෙනවා. පින්තූරයේ දක්නට ලැබෙන නිම්නය අද දකින්න පුළුවන් වෙන්නෙ මුහුදක් ලෙස. ඈතින් පෙනෙ ගුහා වර්තමානයේදි යම්තාක් දුරකට මුහුදු ජලයෙන් යටව තිබෙන්නේ. 

පෘථෘවියෙ එක්තරා කාල සීමාවක ඉතාමත් සුහුරු ලෙස දඩයම් කරමින් ජීවත් වු මේ මානව වර්ගයා අවසන් වරට සිටින්නට ඇතැයි සැලකෙන්නෙ මීට වසර 30000 කට පමණ ප්රථම. මානව වංශ කතාවෙ වසර 30000 ක් යනු ඩයිනෝසරයන් ජීවත්ව සිටි අවධි හා සසඳන විට වසර මිලියන ගනනක වෙනසක්. වසර 30000 ඇතුලත යුරේසියාව තුල විසූ සාර්ථකම ජීවියෙකු වන නියැන්ඩර්තාලයන්ගෙ සාක්ෂි , දඩබිම් කාලයේ වැලි තලාවෙන් යට කර දැමීමට පෘථෘවිය සමත් වෙනවා. 

වසර 30000 වැනි ඇසිල්ලකින් එතරම් වෙනසක් ස්වභාවධර්මය සිදු කරන්නෙ නම් ඔබට තේරුම් යා යුතුයි වසර මිලියන 60 - 250 පැරණි ඩයිනෝසර හෝ වෙනත් ජීවී විශේෂයක සාධක හමුවීම කොතරම් අහඹුවක්ද කියා. එමෙන්ම කොතරම් දියුණුවක් අත්කර තිබුනත් පෘථෘවියෙන් සහමුලින්ම යම් ජීවියකු අතුගා දමා එකදු සාක්ෂියක් හෝ ඉතිරි ⁣නොවන පරිදි කාලයෙන් යටපත් කිරීමට ස්වභාවධර්මය සමත්...


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ක්‍රිටැසියස් විලෝපිකයන් (Cretaceous Predators)


ක්රිටැසියස් අවධිය තුල ජීවත් වූ සුපිරි විලෝපිකයන් තිදෙනකුගෙ කපාල සහ මිනිස් කපාලයක් සංසන්දනාත්මකව.



වමේ සිට පිලිවෙලින්;
  • Carcharodontosaurus saharicus (කාචරෝඩොන්ටෝසෝරස් සහරිකුස්
  • Spinosaurus Aegyptiacus (ස්පයිනෝසෝරස් ඒජියේප්ටිකස්)
  • Tyrannosaurus rex (ටිරොනෝසෝරස් රෙක්ස්)

මේත් එක්කම පොඩි කතා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ කියන කාර්චරෝඩොන්ටෝසෝරස් සහරිකුස් නමේ 'කාර්චරෝඩෝන්' කියන පදය මුහුදේ ජීවත්වුන ප්රාග්ඓතිහාසික විලෝපිකයකු වන මෙගලොඩොන් විශේෂයෙත් ගන නාමය විදිහට භාවිතා වෙනවා. 'කාචරඩොන් මෙගලඩෝන්' . දැන් මේ නමේ ග්රීක අර්ථය තමයි 'උල්දත් ඇති'. ⁣'සෝරස්' අර්ථය උරගයා. උල්දත් ඇති උරගයා කියන අර්ථට තමයි මෙහිදි අර්ථය වෙන්නෙ.

දෙවනි කතාව තමයි මේකේ මැද තියෙන කපාලයේ අයිතිකරුවා ස්පයිනෝසෝරස් ඒයිජිප්ටියේකස්. පලවෙනි ටයිප් ස්පෙසිමන් එහෙම නැත්තන් පලමු නිදර්ශකය ලැබෙන්නේ ඊජිප්තුවෙන්. නමුත් අවසානවාකට දෙවන ලෝක යුද්ධයේදි ඇතිවෙන ගුවන් ප්රහාර නිසා ඒයිජිප්ටියේකස් ටයිප් ස්පෙසිමන් එක ලෝකයට සදහටම අහිමි වෙනවා. පලමු ටයිප් ස්පෙසිමන් එකේ විද්යාත්මක රූ සටහන් ඉතිරිවුන නිසාත් පසුව ලැබෙන නිදර්ශක භාවිතයෙනුත් ස්පයිනෝසෝරස් සමස්ථ ප්රතිනිර්මාණයක් කරගන්න හැකිවෙනවා. මේ විශේෂ තුන ගැන ඉදිරියේදි වෙන වෙනම සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා.



#DOE




චැස්මෝසෝරස් (Chasmosaurus)


චැස්මෝසෝරස් (Chasmosaurus) අයත් වන්නෙ සෙරටොප්සිඩේ කාණ්ඩයට. සෙරටොප්සිඩ්ස්ලා පිළිබඳව මීට පෙර ලිපියක් පල කරා. සෙරටොප්සිඩ් කාණ්ඩයේ ඉතාමත් ප්රසිද්ධම ඩයිනෝසර විශේෂය තමයි 'ට්රයිසැරටොප්ස්' විශේෂය.

ජුරාසික් පාර්ක් චිත්රපටය තුල ට්රයිසරැටොප්ස් සත්වයන් දකින්න පුළුවන්. ටිරොනෝසෝරස් විශේෂයට පසු ඉතාමත් ප්රචලිත විශේෂය වන්නෙ ට්රයිසරැටොප්ස් විශේෂය. ට්රයිසරැටොපස් විශේෂය අයත් සෙරටොප්සිඩාවන් ඉතාමත් අධික විවිධත්වයක් දක්වන අපූරු ජීවීන් කොටසක්. විශාල ශීර්ෂ නෙරීම විවිධාකාරයෙන් ඔවුන්ට පිහිටනවා. සෙරටොප්සිඩ් කාණ්ඩයේ සියළුම විශේෂ පූර්ණ ශාඛභක්ෂක සත්වයන්.

පහත ඡායාරූපයයේ දක්නට ලැබෙන චැස්මෝසෝරස් ගනයට අයත් විශේෂය ජීවත් වුනේ උතුරු ඇමරිකාව තුල. චැස්මෝසෝරස් නමේ අර්ථය වෙන්නෙ කුහර ද්විත්වයක් සහිත යන්න. මේ සත්ව⁣යගෙ ශීර්ෂ නෙරීම තුල පිහිටන කුහර ද්විත්වය තමයි මේ නම ලැබෙන්න හේතුව. ක්රිටැසියස් නශ්ඨවීමත් සමඟම සෙරටොප්සිඩාවන් මිහිමතින් තුරන් වෙනවා.

චැස්මෝසෝරස්

මීට ප්රථම මම විස්තර කර ඇති ක්රිටැසියස් නශ්ඨවීමේදි ගැටෙන උල්කාවෙ අපිකේන්ද්රයට ඉතාමත් ආසන්න කලාපය තමයි උතුරු ඇමරිකාව. ඒ අනුව උපකල්පනය කරන්න පුළුවන් උල්කා ඝට්ට⁣නයේ ප්රථම පීඩිතයන් අතර සෙරටොප්සිඩ් ගනයන් විශාල සංඛ්යාවක් සිටින්නට ඇති බවට.


(ප්‍රතිනිර්මාණයේ නිර්මාණකරු - Phil Brownlow)



#DOE


Link to Facebook post --->

විවිධ භූ යුගයන් තුල  පෘථිවිය අභ්‍යාවකාශට දිස් වූ අයුරු (View of Earth from space through different geological eras)


වසර බිලියන 4.5ක පෘථිවි ඉතිහාසය තුල විවිධ භූ යුගයන් තුලදී  පෘථිවිය අභ්යවකාශයට දිස් වූ අයුරු ප්‍රතිනිර්මාණය.




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 05


සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 04


එතෙක් මෙතෙක් හමුව ඇති ⁣හොඳින්ම සංරක්ෂණ වු ඩයිනෝසර ෆොසිලය (The most preserved dinosaur fossil ever found)


පසුගිය දින කිහිපය තුල ප්ලයස්ටොසීන යුගයේ ජීවත්වු සත්ව විශේෂ (ප්ලයස්ටොසීන යුගය යනු අපි මේ ජීවත්වන යුගයට පෙර අවසන් වුන යුගය. ප්ලයස්ටොසීනය අවසන් වෙන්නෙ මීටවසර 11,700 කට පෙර. 11,700 සිට ආරම්භ වෙන්නෙ හොලෝසීනය. ඔබත් මමත් මේ ගතකරන යුගය තමයි හොලොසීනය) ගැන සටහන් කල නිසා නැවතත් ඊට පෙර යුගයකට යා යුතුයැයි සිතුනා.

ඔබ දන්නවා ප්රාග්ඓතිහාසික සතුන් සහ ශාඛ ගැන වර්තමාන අධ්යනයන් වලදී වැදගත්ම සාධක වන්නෙ අදාල ජීවි විශේෂ ඉතිරි කර ගිය ෆොසිල සාධක බව. සාමාන්යයෙන් ජීවියෙකු මියගිය පසු සිදුවන ජෛව රසායනික ප්රතික්රියාවල අවසන් ඵලය වන්නෙ සියළුම කොටස් නැවතත් දිරා යෑමට ලක්වී පරිසරයේ තිබෙන චක්රීය ක්රියාවලි සමුහයකට එක්වීම. කලාතුරකින් සිදුවන පාංශු ක්රියාවලියක හෝ රසායනික ක්රියාවලියක් නිසා අපිට ලැබෙනවා ෆොසිල. මේ ෆොසිල බොහෝ විට ලැබෙන්නේ සත්වයන්ගෙ අස්ථීන් ලෙස. ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙනවා සම්පූර්ණ සත්වයාම සංරක්ෂණ වුන අවස්ථා. උදාහරණයකට ශාඛ වලින් වෑස්සෙන ඇම්බර් මඟින් කුඩා කෘමි සතුන්, හූනන්, උභය ජීවීන් සංරක්ෂණ වු අවස්ථා අපිට මුණ ගැසෙනවා. නමුත් විශාල සතුන් ජීවී ස්වරූපයෙන්ම සංරක්ෂණ වු අවස්ථා ඉතාමත් අල්ප වශයෙන් හමුවෙන්නෙ.

අද සටහන පදනම් වෙන්නෙ එවන් අවස්ථාවක් ගැන. 2011 වර්ශයේදි කැනඩාවේ ඇල්බර්ටා ප්රදේශයේ පතලකින් තමයි මේ ෆොසිලය ලැබෙන්නෙ.

වසර මිලියන 112 කට පෙර ක්රිටැසියස් යු⁣ගයේ ඇල්බර්ටා ප්රදේශය ඉතාමත් උණුසුම් ප්රදේශයක්. ඇන්කයිලෝසෝරියා යනුවෙන් හඳුන්වල උප ගෝත්රයේ නෝඩෝසෝරිඩේ කුලයට අයත් නෝඩෝසෝරස් විශේෂයේ සතුන් මේ ප්රදේශය පුරාම ගැවසුන බවට සාධක තිබෙනවා. නෝඩෝසෝරස් සත්වයෙක් කුමක් හෝ හේතුවක් මත මුහුදු ජලයට වැටීමෙන් පසු මුහුදු පතුලට ගිලී පතුල මත ඇති මඩ තට්ටුව මත තැන්පත් වෙනවා. පතුල මත ඇති මඩ තට්ටුව මේ සත්ව සිරුර වසාගැනීමෙන් පසු දිරායෑම සිදුවන්නෙ නෑ. මළසිරුර මත ක්ශුද්රජීවී ක්රියාකාරීත්වය සිදුනොවන නිසා මළසිරුර හානියකින් තොරව මඩ තුල තැන්පත්ව කාලයක් ගත වීමේදි ශරීරයේ කාබනික පදාර්ථය ශරීරය අවට තිබෙන ඛණිජ මඟින් විස්ථාපනය කරනවා. (සරලව කිව්වොත් හම, මාංශපේෂි,අස්ථී තුලට ඛණිජ කිඳා බහිනවා) ප්රතිඵලය වෙන්නෙ ජීවත්ව සිටි ආකාරයෙන්ම සංරක්ෂණ වුන ඩයිනෝසර ෆොසිලයක්.

ඇල්බර්ටා ප්රදේශයෙන් මෙලෙස ලැබෙන නෝඩෝසෝර් ෆොසිලය එතෙක් මෙතෙක් හමුව ඇති හොඳින්ම සංරක්ෂණ වු ඩයිනෝසර ෆොසිලය ලෙස තමයි සැලකෙන්නේ. ඇන්කයිලෝසෝරියා උප වර්ගයේ සියල්ලන්ටම පොදු උල්වු අස්ථිමය නෙරුම් පිහිටනවා නෝඩෝසෝරස් විශේෂයටත්. ඒ වගේම ඔවුන් ශාඛ භක්ෂක සතුන්. වසර මිලියන 110 පෙර මියගිය ආකාරයෙන්ම පවතින මේ නෝඩෝසෝර් ෆොසිලය නිද්රාවට පත් මකරෙකුගෙ ස්වරූපයක් දක්වනවා. ඉතාමත් ජීවමාන ලෙස සංරක්ෂණය වී ඇති මේ ෆොසිලය නරඹන්න පුළුවන් කැනඩාවේ රෝයල් ටිරල් කෞතුකාගාරයේදි.



නෝඩෝසෝරස් ෆොසිලය



නෝඩෝසෝරස් ප්‍රතිනිර්මාණය

(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Monday, August 12, 2019

වූලී රයිනෝසිරස් (Woolly Rhinoceros)


ස්මයිලඩොන් සත්වයන් පිලිබඳව සටහන් කරපු පෙර ලිපියෙදි මම සඳහන් කරා හිම යුගයේ ආරම්භයත් සමඟම අනුවර්තනය වීමේ නොහැකියාව මත ඔවුන් මිහිමතින් නශ්ඨ වු බව. දේශගුණික විචලනයන් සියළුම සත්ව විශේෂ සඳහා එකම විදිහට බලපවත්නා සාධකයක් නෙවෙයි. ඇතැම් විශේෂ විචලනය වන දේශගුණික රටා සඳහා අනුවර්තනය වීම ඉතාමත් අපූරු අකාර වලින් සිදු වෙනවා.

වර්තමානයේදි ඔබ දකින අලි ඇතුන් වියලි දේශගුණික රටා සඳහා වැඩි අනුවර්තනයක් දැක්වුවත් ඔවුන්ගෙ ආසන්නතම පූර්වජ ඤාතියකු වන මැමත් විශේෂ වලින් වූලී මැමත් විශේෂය අධික ශීත සහිත පරිසර පද්ධති සඳහා අනුවර්තනය වු සත්ව විශේෂයක් ( දැන් බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ මැමත් කියන්නෙ ලොම් සහිත අලි විශේෂය කියලා නමුත් මැමත් ලෙස හඳුන්වන වර්ග ගනනාවක් හිටියා, ඒ අතරින් ඇතැම් විශේෂ වලට පමණයි ලොම් ආවරණයක් පැවතුනේ. ප්රාග්ඓතිහාසික හස්ථි විශේෂ විවිධත්වය එතරම් අධිකයි, ප්ලයස්ටොසීන මුල් යුගය තුල එක් කාල සමයක ලෝකය පුරා හස්ථි විශේෂ 300 කට වඩා එකවර ජීවත් වුනා, මෙයින් ඔබට හිතාගන්න පුළුවන් ඔවුන්ගෙ විවිධත්වය කොතරම්ද කියන එක)

වූලී මැමත් සතුන් මෙන්ම ඝන ලොම් ආවරණයකින් හෙබි අධික ශීත දේශගුණික රටාවලට අනුවර්තනය වු තවත් සත්ව කාණ්ඩයක් තමයි "වූලී රයිනෝසිරස්". මේ සත්වයින් ග්රීක භාෂාවෙන් Coelodonta ලෙසත් හඳුන්වනු ලබනවා. සීලෝඩොන්ටා යන ග්රීක නමේ අර්ථය "කුහරයක් සහිත දත". වසර 3,500,000 පමණ පෙර සිට වසර 11,000 පමණ පෙර කාලය දක්වා අවසන් හිම යුගයෙදි තමයි මේ සත්වයන් මිහිමත සැරිසරන්නේ.


වූලි රයිනෝසිරස්

යුරේසියාව (යුරෝපය සහ ආසියානු කලාපය) නිජබිම කරගන්න මේ සතුන්ගෙ අවසාන කාලය වත්මන් හෝමෝ සේපියානුවන්ගෙ යුරේසියානු පැතිරීම සමඟ ඝට්ටනය වෙනවා. මේ සතුන් කොතරම් සුලබව පැවතියාද යන්න හොඳම නිදසුනක් තමයි ප්රාග්ඓතිහාසික ලෙන් චිත්ර වල වූලී රයිනෝසිරස් සතුන්ව ඇඳ තිබීම.

වසර 11,000 පමණ පෙර සිට වූලී රයිනෝසිරස් සතුන් මිහිමතින් තුරන් වෙනවා. හිම යුගයේ අවසානය සනිටුහන් වන මේ කාලයෙන් පසු අද වන තෙක් වූලී රයිනෝසිරස් සතුන්ගෙ සමකාලීන සත්වයන් වන පිනි මුවන්, මස්ක් ඔක්ස් ගවයන් ජීවත් වුනත් රයිනෝසිරස් සතුන් වඳ වීමට හේතුව කුමක්ද ?

හිම යුගය අවසානයත් සමඟ යුරේසියානු භුමිය තුල හිම වැස්ම කෙමෙන් උතුරු අර්ධගෝලයේ කෙලවරට තල්ලු වීම ආරම්භ වෙනවා. ඒ සමඟම පෘථෘවිය නැවතත් උණුසම් වෙනවා. තමන්ගෙ නිජබිම් කෙටි වීමත් සමඟ ගහනයන් අවම වෙන වූලී රයිනෝසිරස් සතුන් නිජබිම් අහිමි වීමේ ගැටලුවටත් වඩා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි යුරේසියානු හිම බිම් තුල වෙනස්වන දේශගුණික රටාවලට කඩිනමින් අනුවර්තනය වෙමින් පැවැත්ම සකසාගන්නා හෝමෝ සේපියානුවන්ගෙන් ඇතිවන තර්ජන.

ටොන් 2-3 අතර බරින් යුත් වුලී රයිනෝසිරස් සත්වයන් ප්රාග්ඓතිහාසික හෝමෝ සේපියානුවන්ට හොඳ දඩයමක්. වරකට එක් සතකු දඩයම් කල විට ලැබෙන ප්රෝටීන ප්රමාණය ඔවුන්ට වාසියක්. කුඩා සතුන් හඹා ගොස් දහනය කරන ශක්තියට වඩා එකවර එක් රයිනෝසිරස් සතකු වැනි දැවැන්තයකු දඩයම් කිරීම තුල ශක්තිය ඉතිරි කර ගැනීම මෙන්ම වැඩි ප්රොටීන ප්රමාණයක් ඔවුන්ට ලැබෙනවා. විශාල සතුන් අධි පරිභෝජනයට ලක්වීම සිදුවන්නෙ එලෙසින්. හෝමෝ සේපියානුවන් ඇතිකල තර්ජනයත් සමඟ ගහන ඝනත්වයෙන් තවතවත් අවම වෙන මේ සත්වයන් අවසාන කාලයේදි ජාන විවිධත්වය අවම වීම නිසා ලෙඩ රෝග වලට මුහුණ දීමට ප්රතිශක්තිකරණ හැකියාවෙන් දුර්වල වන්නට ඇති. මේ හේතුන් සියල්ලන්ගේම අවසන් ප්රතිඵලය වන්නෙ වූලී රයිනෝසිරස් සතුන් මිහිමතින් තුරන් වීම.

මේ කතාවේ අවසන් කොටස වැදගත් වන්නෙ නශ්ඨවීම් සිද්ධි දාමයන් සඳහා ප්රධාන හේතුවක් ලෙස වත්මන් මානව දායකත්වය දැකිය හැකි ප්රථම නිදසුනක් ලෙස වුලී රයිනෝසිරස් , මැමත් සතුන්ගෙ නශ්ඨවීම් ගෙනහැර දැක්වීමට හැකි වීම.






වූලී රයිනෝසිරස් ප්‍රතිනිර්මාණ







හිම බිම් තුල තිබී සොයාගත් වුලී රයිනෝසිරස් ශරීර







වූලි රයිනෝසිරස් ෆොසිල


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE