Thursday, July 11, 2019

ඇරඹුම... (The Big Bang...)


❤️🐾️පරිණාමික දිනපොත වෙත සාදරයෙන් පිළිගනිමු...!!
Warmly welcome to the Diary of Evolution...!!🐾️❤️


පරිණාමික දිනපොත බ්ලොග් අඩවිය තුලින් අතිඡ්ඡාදනය වන ස්වභාව විද්‍යා විෂය පථයන් කිහිපයක් ඔස්සේ කෙටි සටහන් මෙන්ම සවිස්තරාත්මක ලිපි පලකිරීම සිදු වෙනවා. ජීව විද්‍යාව, භූ විද්‍යාව, ෆොසිල විද්‍යාව, පරිණාමික ජීව විද්‍යාව, භෞතික මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව යන විෂය පථයනට අදාලව මාගේ පෞද්ගලික අත්දැකීම්, නිරීක්ෂණ, හැදෑරීම් සිදුකල විෂයන් සහ යාවත්කාලීන වන තොරතුරු අලලා මෙහි ලිපි සටහන් කිරීම තුලින් එකී විෂයන් හී නියුතුව සිටින්නන් හා අදාල විෂනට සම්බන්දයක් නොමැති නමුත් ඒවා ගැන උනන්දුවන්නන් හට සිංහල බසින් විද්‍යා සන්නිවේදනය මෙහි පරමාර්ථයයි.

පෙර සඳහන් කල විෂය පථයන් අතිශයින්ම විශාල පරාසයක විහිද යන විෂයන් වනමුත් එයින් බිඳක් හෝ සන්නිවේදනය කිරීම තුලින් දැනුම ගලනය ඔස්සේ අප ජීවත්වන පරිසරය හා එහි වටිනාකම් පිලිබඳව උනන්දුවක් ඇති කිරීමත් ඒ ඔස්සේ සංරක්ෂණය සඳහා ජනතා සහභාගීත්වය වර්ධනය කිරීමත්, පුරවැසි විද්‍යාඥ (Citizen scientist) සංකල්පය සඳහා උනන්දුවක් ඇති කිරීමත්, එය ප්‍රචලිත කිරීමත් පරිණාමික දිනපොත සටහන් කරන මාගේ අරමුණයි.

ෆෙස්බුක් සමාජ මාධ්‍යජාලය තුල පිටුවක් ලෙස ඇරඹු පරිණාමික දිනපොත සටහන් බ්ලොග් අවකාශය තුලට ගෙන ඒමෙන් වඩාත් ප්‍රසාරිත පාඨකයන් පිරිසක් සඳහා මේ සටහන් වෙත ප්‍රවේශය බ්ලොග් අඩවියෙන් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි.

වසර බිලියන 3.5 පමණ පැරණි පෘථෘවිය නැමැති නිල් ග්‍රහයාගෙ ජීවයේ කතාන්දරය තුල ගැබ්ව ඇති මා දකින අපූර්වත්වයම තවකෙකු හට එලෙසම දකින්නට පරිණාමික දිනපොත තුලින් හැකියාව ලැබේ නම් එය මේ ව්‍යායාමයේ සාර්ථකත්වයක් ලෙස දකිමි.


Supun Jayaweera ( Don Supz )


#DOE


❤️🐒🐕🐩🐈🐅🐆🐎🐂🐃🐄🐖🐗🐐🐪🐫🐘🐁🐀🐇🐼🐔️🐓🐣🐤🐥🐦🐧🐊🐢🐍🐲🐉🐳🐋🐬🐟🐠🐡️🐙🐚🐌🐛🐜🐞🌸🌹🌷🌱🌲🌳🌴🌵🌾🌿❤️