Sunday, August 18, 2019

ඇයි අපි අවමංගල්‍යයකදි මල් ගෙනියන්නෙ? (Why we bring flowers to a funeral?)


අපි.. ඒ කියන්නෙ හෝමෝ සේපියානුවන් අවමඟුල් වලට මල් ගෙනියන පුරුද්ද ඇතිකර ගැනීමට වසර දහස් ගනනකට පෙර අප අයිති හෝමෝ පුරුකේ අපට ලඟම ඤාතීන් වන වඳව ගිය නියැන්ඩර්තාලයන්, මධ්ය පැලියොලිතික යුගයෙදි ආදාහනය සමඟ මල් තැන්පත් කිරීමේ පුරුද්ද ආරම්භ කල අය. 

කොහොමද ඒක කියන්නෙ ? 

නියැන්ඩර්තාල් භූමදානයන් ගැන පර්යේෂණවල නියැලුන විද්‍යාඥයන්ට එකී භූමදානයන් හා සබැඳි පුශ්පයන්ගෙ පරාග භුමදානය සිදකල තැන් ආශ්රිතව සොයාගැනීමට හැකිව තිබෙනවා. 

නියැන්ඩර්තාලයන් මරණය ගැන තිබු අවබෝධය පිලිබඳව යම් අදහසක් මේ ආශ්රයෙන් අපට ලබා ගන්න පුළුවන්. 50, 60 දශක වල නියැන්ඩර්තාලයන් ගැන තිබු මතය නම් ඔවුන් ගල්යුගයට අයත් රළු , ප්රාථමික මිනිසුන් කොට්ඨාසයක් යන්නටයි. නමුත් විද්යාවෙ දියුණුවත් සමඟ ඒ අර්ථ නිරූපන අද වෙද්දි වෙනස්කම් වලට ලක්වෙලා.

චිත්ර ශීල්පී සර්ජියො රිසාටො ප්රතිනිර්මාණය කල මේ නියැන්ඩර්තාල් භුමදානය ඒ පිලිබඳ යම් අදහසක් ඔබට ලබා දෙනු ඇත.




(Art credit for reconstruction is to Sergio Rizzato)



#DOE





No comments:

Post a Comment