Sunday, August 18, 2019

ආර්කිඔප්ටරික්ස් ඇල්බර්ස්ඩොෆෙරි (Archaeopteryx albersdoerferi)


ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා විශේෂය ගැන මීට පෙර පරිණාමික දිනපොත තුල සටහනක් තැබුවා. ආර්කිඔප්ටරික්ස් නැමැති ගනය තුල මෙතෙක් කල් හඳුනාගෙන තිබුනෙ ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා විශේෂය පමණයි. නමුත් දැන් මේ ගනයේ දෙවනි විශේෂය නම් කර තිබෙනවා.

ආර්කිඔප්ටරික්ස් ලිතෝග්රැෆිකා සොයාගත් මුල් අවධියේදි විද්යාත්මක මතය වුනේ මේ විශේෂය ඩයිනෝසරයන් සහ වර්තමාන පක්ශීන් අතර පුරුක බවයි. නමුත් මේ මතය වෙනස් වෙනවා කාලයක් තුලදි. ඒ තමයි ආර්කිඔප්ටරික්ස් යනු පරිණාමික අන්තයක් ලෙස (evolutionary dead end). ඒ කියන්නෙ ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා තවදුරටත් පරිණාමය නොවී වඳව ගිය බවත්, පක්ශීන් පරිණාමය වන්නට ඇත්තෙ වෙනත් සංක්රාන්තික පූර්වජයෙකුගෙන් බවත්.

නව සොයාගැනීම් වලට අනුව ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා නිදර්ශක අතර තිබු නිදර්ශක අංක 8 ලෙස හැඳිව්වු ෆොසිලය අනෙකුත් ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා ෆොසිල වලින් වෙනස් බව ඉතාමත් මෑතකදි කල පර්යේෂණ වලින් තහවුරුව තිබෙනවා. ඒ අනුව මේ නිදර්ශකය අයත් සත්වයා ලිතොග්රැෆිකා විශේෂයට වඩා පක්ශීනට වඩාත් සමීප ව්යුහාත්මක ලක්ෂණ දරන්නෙක්. එමෙන්ම අනෙකුත් ලිතොග්රැෆිකා ෆොසිල වලට වඩා වසර මිලියනකනින් පමණ වර්තමානයට සමීප වූවෙක්. ඒ අනුව මේ නව විශේෂයක් බවට හඳුනාගෙන තිබෙනවා.

නව විශේෂයට ලබා දී තිබෙන විද්යාත්මක නාමය තමයි "ආර්කිඔප්ටෙරික්ස් ඇල්බර්ස්ඩොෆෙරි". මේ විශේෂ හඳුනා ගැනීමත් සමඟම ලිතොග්රැෆිකා ගැන පෙර පැවති මතය නැවත කරලියට පැමිණ තිබෙනවා. ඒ තමයි ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා නැවතත් ඩයිනෝසරයන් සහ පක්ශීන් අතර පූර්වජ පුරුක බවට.

ආර්කිඔප්ටෙරික්ස් ඇල්බර්ස්ඩොෆෙරි

ඇල්බර්ස්ඩොෆෙරි ප්‍රතිනිර්මාණය 

ෆොසිල විද්යාවෙදි පවතින මතයක් තමයි යම් නැතිවු පුරුකක් (missing link) සොයා ගන්නා විට තවත් පුරුක් දෙකක් පිළිබඳ ගැටලු මතුවෙන බව. ඒ තමයි සෙයාගත් විශේෂයට පෙර සහ පසු ජීවත් වු විශේෂ. ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා සොයාගන්නා විට මේ ප්රශ්න දෙකටම පිලිතුරු පැවතුනේ නෑ. නමුත් දැන් මේ ගැටලු ද්විත්වයට පිලිතුරු පවතිනවා. ලිතෝග්රැෆිකාට පෙර සිටි පුර්වජයන් වු පිහාටු සහිත ඩයිනෝසරයන් සොයාගනු ලබන්නේ 1996 වර්ශයේදි චීනයෙන්. මේ වසරෙදි නම් කරනු ලබන ආර්කිඔප්ටරික්ස් ඇල්බර්ස්ඩොෆෙරි ලිතෝග්රැෆිකාගෙන් පරිණාමය වු නව වර්ගයා ලෙස හඳුනා ගැනීමට ප්රමාණවත් සාධක තිබෙනවා. එමනිසා ඇල්බර්ස්ඩොෆෙරි විශේෂය යම් විශේෂිත කඩයිමක් බවට සටහන් වෙනවා.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment