Wednesday, November 4, 2020
ලස්කෝ (Lascaux, complex of caves)
ඔටු පරිණාමය (Evolution of Camel)
සර්ප අනුකරණය (Disguised Caterpillar)
පහතින් තියෙන්නෙ සලබ අවස්ථාව. කොතරම් විශාල වෙනසක්ද යන්න ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.
![]() |
සලබ අවස්ථාව |
විෂ නැති සතුන් විෂ සහිත සතුන්ව අනුකරණය කිරීමෙන් පැවැත්ම රැගකන්න උදාහරණ අතරින් ඉතාමත් අපූරු අවස්ථාවක් තමයි elephant hawk සලබයාගෙ දළඹු අවස්ථාව.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස් (Red-shanked Douc)
Monday, November 2, 2020
කැසොවරි බිත්තර (Cassowary Eggs)
කැසොවරිලා අයත් වන්නෙ Struthioniformes ගෝත්‍රයට. ව්‍යවහාරිකව මේ අයට ratites කියලත් භාවිතා කරනවා. Ratites කණ්ඩායමට අයත් අනෙක් සාමාජිකයන් තමයි පැස්බරුන්, කිවි, රියා, එමූ වැනි පක්ශි විශේෂ. Ratites ලට පියාසැරිය සඳහා ආධාරවන මාංශපේෂින් සවිවන keel bone අස්ථිය පිහිටන්නෙ නැහැ.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
මුහුදු මකරුන් (Seadragons)
සී ඩ්‍රැගන්ස්ලා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ දකුණු සහ බටහිර වෙරළ තීරයට ආසන්න සාගරයේ. මුහුදු අශ්වයන්ට වඩා මඳක් විශාලත්වයෙන් වැඩෙන මේ සත්වයින් සෙන්ටිමීටර 20 -24 පමණ ප්‍රමාණයකට වැඩෙනවා. කුඩා ප්ලවාංග, ක්‍රස්ටේසියාවන් ආදිය ආහාරයට ගන්න මේ සත්වයින්ගෙ ශරීරයේ විවිධ හැඩතල වලින් යුත් පත්‍ර වැනි උපාංග පිහිටනවා. මේ උපාංග වේශාන්තරණය සඳහා උපකාරී වෙනවා. ජලයේ පාවී යන විට මේ සත්වයාව මුහුදු පැලෑටි කොටසක් මෙන් දිස්වෙන ලෙස මේ වේශාන්තරණය ක්‍රියාකරනවා.
සී ඩ්‍රැගන්ස්ලා කියන්නෙ ඉතාමත් වර්ණවත් අලංකාර මත්ස්‍යන්. විවිධ වර්ණ සංකලන සහිත විශේෂ ගනනාවක් දකින්න පුළුවන්.
පහත ඡායාරූපවල ඉන්නෙ විශේෂ කිහිපයක්.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ලෝකයේ විශාලතම දූපත් 100 (The World’s 100 Largest Islands)
දන්න අඳුරන ඒවා කීයක් තියෙනවාද බලන්න.
#DOE
ස්පයිඩර් ක්රෑබ් (Spider Crab)
කුණු පැන්ඩා (Trash Panda)
මේ විහිළුකාරයන් සොරකම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම් ආදී දාමරික මගෝඩි ක්‍රියාවන් වලට චෝදනා ලබන වාර අනන්තයි. ඒ අතිරින් විවිධ අසාමාන්‍ය වැඩත් කරනවා. පහුගිය කාලේ එක් වාර්තාවක් තිබ්බා ඇලිගේටර් කිඹුලෙකුගෙ පිට උඩ නැගලා ගඟක් තරණය කරපු අවස්ථාවක්. මේ පහත ඡායාරූපවල තියෙන්නෙ ටෙක්සාස් වලින් වාර්තා වෙන සිද්ධියක්. රාත්‍රියේදි කැමරා ට්‍රැප් එහෙකට හසුව තිබෙන්නෙ හැවලීනා සත්වයෙකුගෙ පිටේ නැග ගමන් කරන රැකූන් සතෙකුගෙ රූප රාමු. හැවලීනා කියන්නෙ වල් ඌරන්ට සමාන ඇමරිකානු මහද්වීපය තුල සිටින විශේෂයක්. කෙසේ හෝ හැවලීනා සත්වයෙකුගෙ පිට උඩට නැගගෙන සිටින මේ රැකූන් ඉතාමත් සුවපහසු විදිහට වාඩිවෙලත් ගමන් කරනවා.
සත්වයන් සමඟ කටයුතු කරන, මේ විෂය ක්ශේත්‍රයේ ඉන්න ඇ.එ.ජ වෙසෙන මිතුරන් කිහිප දෙනෙක් ට්‍රෑශ් පැන්ඩා යන යෙදුම සත්වයෙකුට භාවිතා කරනු ඇසීමෙන් ඒ මොන ජාතියේ සත්වයෙක්ද යන්න සොයා බැලුවිට දැනගන්න ලැබුනෙ රෑකූන්ලාට ඔවුන් මේ නම භාවිතා කරන බවයි. Trash panda කියන්නෙ කුණු පැන්ඩා. කුණු බාල්දිවලම රිංගන නිසා මේ නමින් ඔවුන්ව දැන් ආමන්ත්‍රණය කරන්නෙ.
(Images via all things Texas)
Sunday, November 1, 2020
හිතවත්කම (Old Friends)
බාහිර ව්‍යුහාත්මකව ගත්තම එකවර ඉතාමත් දැඩි වෙනස්කම්සේ දිස්වන ලක්ෂණත්, භාෂාවක් භාවිතයත් නිසා මානව සහ චිම්ප් සංසන්දනය විෂය ක්ශේත්‍රයෙන් පිටත කෙනෙකුට ඉතාමත් විශාල වෙනස්කම්සේ දිස්වුනාට මේ සත්වයින්ව සමීපව අධ්‍යනය කරන්නෙකුට හෝ මොවුන්ව රැක බලා ගන්න පුද්ගලයෙකුට මේ වෙනස්කම් කොතරම්නම් නොගිනිය හැකි තරම්ද යන්න වැටහෙනවා. ඔවුන්ගෙ සිතීමේ රටාවන්, දේශපාලනය, දරුවන් රැකබලා ගැනීම, ආයුධ භාවිතය, සංස්කෘතික ලක්ෂණ (මේවා කණ්ඩායමෙන් කණ්ඩායමට අනන්‍යයයි)
පහත රූප රාමුවල තිබෙන්නේ වයස අවුරුදු 59 පමණ මහළු චිම්ප් ගැහැණු සත්වයෙක් ඇයගේ ජීවිතයේ අවසන් මොහොතට ලඟා වෙමින් සිටින විට වසර ගනනාවක් ඇයව රැක බලාගත් පශු වෛද්‍ය මහාචාර්යවරයා ඇයව බලන්නට පැමිණි විට ප්‍රතිචාර දක්වන ආකාරය. ටික වේලාවක් ගතවන තෙක් ඔහුව හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙන්නෙ ඇයගෙ මහළු වයසත් සමඟ ඇතිව තිබෙන සංවේදන අපහසුතා නිසා. නමුත් හඳුනාගත් සැනින් කොතරම් අපහසුවෙන් සිටියත් ඇයගේ ප්‍රීතියත්, ඇය අපහසුවෙන් හෝ මඳක් නැගිට ඔහුගේ හිස පිරිමදින ආකාරයත් බලන්න. ඔස්ටියොආතරයිටීස් රෝගයකින් පීඩා විඳින ඇයට ඇඟිලි දිග හැරීමට නැවීමට එතරම් නොහැකි වුනත් පිට අල්ලෙන් සිය හිතවතාගෙ හිස පිරිමදිමින් ප්‍රතිචාර දක්වනවා. පෙනුම මඳක් අමතක කොට මහළු ඥාතියෙකු තමන්ට සමීප හිතවතෙක් හඳුනාගත් විට දක්වන ප්‍රතිචාරයට කොතරම් සමානද යන්න ඔබට දිස්වනු ඇත.
මේ සත්වයන්ට මනුෂ්‍යන්ට වැලඳෙන රෝගාබාධ එලෙසින්ම වැලඳෙනවා. සත්වොද්‍යානවල ඔවුනට කෑම දමන්න එපා කියන්න එක් හේතුවක් තමයි පිටතින් පැමිණෙන මනුෂ්‍යන්ගෙන් ඔවුනට කෑම හරහා ඒ රෝගාබාධ සම්ප්‍රෙෂණය වීමට ඇති අවකාශය වැලැක්වීමට.
ඔබ පරිණාමය පිලිගන්නා හෝ නොපිලිගන්නා අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යම් හෙයකින් සත්වොද්‍යානවලට යනවානම් මේ සතුනට හිමි ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න, අදාල නීති අනුව හැසිරෙන්න. ඒවා ගැන අන් අයවත් දැනුවත් කරන්න.
අන්තර් විශේෂ සහයෝගීතාව (Unusual Friendship)
උතුරු අර්ධගෝලයේ පැතිරී තිබෙන සෞම්‍ය කලාපික වනාන්තරත් ඊටත් ඉහල අක්ෂාංශ කරා දිවෙන තුන්ද්‍රා භූමි තුලත් ආහාර දාමයන්ගෙ ඉහල පුරුක් වල සිටින සුපිරි විලෝපිකයක් දෙදෙනෙක් වර්තමානයේදි දකින්න පුළුවන්. ඒ තමයි වලසුන් සහ අළු වෘකයන්. මේ සත්ව විශේෂ වල හැසිරීම එකිනෙකට සම්පූර්ණ වෙනස්. වලසුන් තනිව ජීවත්වන අතරේ (solitary species) වෘකයන් රංචු වශයෙන් සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබෙන සතුන්. ඒ වගේම මේ සත්ව විශේෂ දෙක ස්වාභාවික සතුරන්. වලසුන් වෘකයන්ගෙ ගොදුරුත්, වලසුන්ගෙ ගොදුරු වෘකයන් විසිනුත් පැහැරැ ගැනීම සිදුවෙනවා. එකම පාරිසරික නිකේතනයක එහෙම නැත්තන් නිච් එහෙක එකම ගොදුරු සඳහා තරඟයේ යෙදෙන විශේෂ දෙකක් නිසා මේ ස්වාභාවික එදිරිවාදිකම ටිකක් බරපතල ආකාරයෙන් තිබෙන විශේෂ දෙකක්.
2013 වර්ශයේදි ෆින්ලන්ත ඡායාරූප ශිල්පියෙකුට අපුරු දසුනක් දක්නට ලැබෙනවා මේ වනාන්තර තුල. ඒ තමයි අළු වෘක ධේනුවක් සහ දුඹුරු වලසකු අතර ගොඩනැගී තිබෙන මිත්‍රත්වය. සතුරු විශේෂ දෙකක් අතර මේ අන්තර් විශේෂ සබඳතාව අතිශයින්ම දුර්ලභ මෙන්ම ඉතාමත් සිත්ගන්නාසුළු සිදුවීමක්. මොවුන් දෙදෙනා එක්ව දඩයම් කිරීම, දඩයම් බෙදා ගැනීම, සෙල්ලම් කිරීම ආදී කටයුතු වල යෙදෙන ආකාරය මේ ඡායාරූප ශිල්පියා විසින් සිය කාචයට හසුකරගෙන ලෝකයා හමුවේ තැබුවා.
පහත තිබෙන්නේ ඒ ඡායාරූප කිහිපයක්.මේ සහයෝගීතාව තුලින් මොවුන් දෙදෙනාම වාසිදායක තත්වයකය පත්වුන බව සත්ව විද්‍යඥයන්ගෙ අදහස. වනය තුල අතිශයින්ම සතුරු විශේෂ දෙකක් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්.