Sunday, August 18, 2019

ප්ලයස්ටොසීනයේ අරගල (Struggles of Pleistocene)




"හිරු බැස යාමට මත්තෙන් නියැන්ඩර්තාල්වරුන් කිහිප දෙනෙකුගෙන් සැදි කුඩා කණ්ඩායමක් කුඩා ප්රමාණයේ ගුහා වලසෙක්ව දඩයම් කරගැනීමට සමත් වෙනවා. ශීත සෘතුව තුල දඩයම් යහමින් නොලැබෙන සමයක මේ එලාගත් දඩයම ගැන ඔවුන් පසුවන්නේ සතුටින්. නමුත් වැඩි වේලාවක් යෑමට මත්තෙන් ඔවුන් තේරුම්ගන්නවා ඔවුන් දිහා කවුරුන් හෝ බලා සිටින බව. කඳුකරයේ අඳුරු සෙවනැලි වලට මුවා වී ඔවුන් දෙස බලා සිටින්නේ අවසන් හිම යුගය තුල යුරෝපියානු හිම බිම් තම අණසකට නතු කරගෙන සිටි සුපිරි විලෝපිකයන් කණ්ඩායමක්. ඔවුන් නියැන්ඩර්තාල්වරුන්ට වඩා අතිශයින්ම ශක්තිමත්. නියැන්ඩර්තාල්වරු දැන් තීරණය කල යුතුයි පලා යනවාද නැතිනම් තමන් මහන්සියෙන් එලාගත් දඩයම සඳහා සටන් වදිනවාද යන්නට."

මේ ප්රතිනිර්මාණයත් සමඟ තිබෙන අර්ථනිරූපනය තමයි ඔබ දැන් කියෙව්වෙ. රුසියාවේ භක්ශීර් කලාපයේ යුරල් කඳු පන්තිය තුලින් හමුවන ඉමනායි ගුහාව අනුසාරයෙන් තමයි මේ චිත්රය නිර්මාණය වෙන්නෙ.

ඉමනායි ගුහාව තුලින් ඉතාමත් මෑතකදි එතෙක් මෙතේක් සොයාගත් විශාලතම ගුහා සිංහයන්ගෙ අස්ථි අවශේෂ සහ ගුහා වලසෙකුගෙ අවශේෂ හමුවුනා. ඒ අතර තිබුනු "මුස්ටීරියන්" සංස්කෘතියට අයත් (මුස්ටීරියන් සංස්කෘතිය අයත් වන්නෙ නියැන්ඩර්තාල්වරුන්ට) ආයුධ සහ උපකරණ ලැබීමත් හේතුවෙන් තමයි මේ අර්ථ නිරූපනය සහිත ප්රතිනිර්මාණය බිහිවන්නේ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

No comments:

Post a Comment