Sunday, August 4, 2019

ෆොසිලකරණය (Fossilization)





මේ ඟඟක ( ඟඟක් විය යුතුයි කියලා අනුමාන කරන්න පුළුවන් හිම කඳු නිසා) පතුලෙ තියෙන්නෙ පුමා කෙනෙක්ගෙ මළසිරුරක්. නැට්ජියො කෘ එකෙන් වසර කිහිපයකට කලින් ගත්ත එකක්.

ගංගාවෙ නොගැඹුරු පතුල මත තියෙන සියුම් රොන් මඩ තට්ටුවත් මේකෙදි පේන්න තියෙනවා. පොඩි උපකල්පනයක් කරමු සියළු සාධක ප්‍රශස්ත මට්ටම්වල නියතව පවතිනවා කියලා. එහෙම වුනොත් ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ ඟඟ දිගේ එන රොන්මඩ තට්ටුව මේ බිළාල මළසිරුර වසාගන්නවා. මේ අවසාදනය බොහොම ඉක්මනින්ම වෙන්නත් පුළුවන් , ඉතාමත් මන්දගාමීව වෙන්නත් පුළුවන්. උදාහරණයකට රොන්මඩ ප්‍රමාණය ඉක්මනින්ම වැඩි වෙනවා ගංවතුර හෝ නායයෑම් තත්වයන් වලදි. දැන් මේකම ඉතාමත් හෙමින් සෑහෙන කාලයක් තිස්සේ වෙන්නත් පුළුවන්. අවසාන ඵලය තමයි මේ අවසාදිත මඟින් මළසිරුර වසා ගැනීම.

මේ වසා ගැනීමත් එක්කම බයොස්ට්‍රැටිනොමිය (සිංහල වචනයක් දන්න තරමින් නැහැ) හමාර වෙනවා. ඒ කියන්නෙ මළසිරුර භෞතික,රසායනික සහ ජීවි විද්‍යාත්මක හායනය නතර වෙනවා. එතනින් පස්සෙ වෙන්නෙ මළසිරුරෙ පදාර්ථය රිප්ලේස් වෙන එක. අස්ථි, මාංශපේෂි වැනි දේවල් වල පදාර්ථය අවට තියෙන ඛණිජමය ද්‍රව්‍ය මඟින් විස්ථාපනය කිරීමකට ලක් කරනවා. මේ දේවල් මේ විදිහට වුනොත් තව අවුරුදු මිලියන ගනනක් පවතින්න පුළුවන් පූමා ෆොසිලයක් නිර්මාණය වෙනවා.

දැන් මේ කතාවෙ මුල ඉඳන් ගත්තම අහඹුතා ප්‍රමාණය හිතලා බලන්න. සත්වයෙක් වතුරට වැටීම, ඒ සත්වයාගෙ මළසිරුර වෙනත් සතුන්ට ආහාරයක් නොවීම, මළසිරුර සමස්ථ හායනයකට ලක් නොවීම, රසායනික, භෞතික , ජීව විද්‍යාත්මක හායනයන් සිදු නොවීම, අවසාදිත තැන්පතුව.... මේ සියල්ලම ඒ ආකාරයෙන් සිදු වුනොත් තමයි ෆොසිලකරණය සම්පූර්ණ වෙන්නෙ. එහෙමනන් හිතන්න පුළුවන් සත්වයන් මිලියනයකට එකක් පමණක් ෆොසිලගත වීමේ සම්භාවිතාව කොතරම් සාධාරණද කියන එක.


ප.ලි - මේ ෆොසිලකරණය සිදුවිය හැකි එක් ආකාරයක් පමණයි. තවත් ආකාර පවතිනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment