මේ ඡායාරූපය අරන් තිබෙන්නෙ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ වනෝද්‍යානයයක. Ashish Inamdar නැමැති ඡායාරූප ශිල්පියා විසින් ගෙන ඇති මේ ඡායාරූපයේ සිටින පක්ශියාව හඳුන්වන්නේ සර්පකුස්සා/සර්ප රාජාලියා ලෙස (Spilornis cheela) Crested serpent eagle. ඡායාරූපයේ සිටින සර්පයා Ptyas mucosa ලෙස තමයි දැක්වෙන්නේ.
සර්පකුස්සා / සර්ප රාජාලියා |
මේ ඡායාරූපය ඉන්දියාවෙ එකක් වුනත් මේ පක්ශීන් ලංකාවෙ වාසය කරනවා. ලංකාවේ ජාතික වනෝද්‍යානයකට ගියොත් නොවරදින සුළු පක්ශියෙක් තමයි මේ සර්ප රාජාලියා. ගුවනේදි හඳුනගන්න ඔබට අපහසු වුනත් වියලී ගිය ගස්වල මුදුනේ වසා සිටිනු දැකගත හැකි පක්ශියෙක්. ඉතාමත් උස් ස්ථානවල සිට අවට පරිසරය සිසාරා නිරීක්ෂණය කරන්නෙ තමන්ගෙ ප්‍රියතම ගොදුරු වන සර්පයන් සහ කුඩා උරගයන්. පක්ශියාගෙ නමේම තිබෙන විදිහට ඔවුන්ගෙ නිරන්තර ප්‍රහාරයට ලක්වෙන්නෙ සර්පයින්.මීට අමතරව කුඩා ක්ශිරපායින්, මත්ස්‍යන් , උභය ජීවීන් මොවුන්ගෙ ප්‍රහාරයට ලක්වෙනවා.
පෙර දිනයක සඳහන් කල බඹරකුස්සා සහ සර්පකුස්සා දෙදෙනාම රැප්ටර් පක්ශි විශේෂ, නමුත් ඔබට පේනවා ඇති මේ සත්වයින් චර්යාමය ලක්ෂණ අතින්, පෙනුමෙන්, ආහාර රටාවෙන් එකිනෙකට අතිශයින්ම වෙනස් විශේෂ බව. එකම පරිසරයේ විවිධ නිකේතන තුල වෙනස් ආහාර සඳහා ඔවුන් අනුවර්තනය වී තිබෙනවා. ඒ නිසා තරඟකාරීත්වයෙන් මිදීමක් දකින්න පුළුවන්. විශේෂ විවිධත්වය අධික වීම සඳහා බලපාන්නේ මේ සාධක. විවිධ විශේෂ නිර්මාණය කිරීමේ පරිණාමික මෙවලම් ලෙස පාරිසරික නිකේතන ක්‍රියාත්මක වන ආකාරය මේ ආකාරයෙන් දකින්න පුළුවන්
(Photo credit - Ashish Inamdar)
No comments:
Post a Comment