Tuesday, August 6, 2019

උතුරු ඇමරිකානු ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene fauna in North America)


මැස්ටඩොන් සහ මෙගාතිරීයම් (Mastodon and Megatherium)


පෙර සටහ⁣⁣නෙදි උතුරු ඇමරිකානු කලාපයට පැමිණි මුල් හෝමෝ සේපියන්වරු ගැන කතා කරද්දි මම සඳහන් කලා තවත් සත්ව විශේෂ ත්‍රිත්වයක නම්. මැමත්, මැස්ටඩොන් සහ මෙගාතිරීයම්.

මේ නම් ත්‍රිත්වයෙන් මැමත් සත්වයන් ගැන ඔබ දැනටමත් අසා තිබෙනවා. මැස්ටඩොන් සහ මෙගාතිරීයම් ගැන කෙටි සටහනක් අද.





මැස්ටඩොන්


මැස්ටඩොන් යනු මැමත් අලි විශේෂය ජීවත්වන අවධියෙදීම උතුරු ඇමරිකානු කලාපය තුල ජීවත් වූ තවත් අලි විශේෂයක්. මොවුන් රූපීයව සහ ප්‍රමාණයෙන් මැමත් සතුන්ට වඩා විශාල වෙනස්කම් සහිත විශේෂයක්. දන්ත සැකැස්ම, කපාල නෙරීම , ආහාර රටාවන් ආදින්ගෙන් ඔවුන් මැමත් සත්වයන්ට වඩා වෙනස් ජීවන රටාවකට හුරුව තිබූ අලි විශේෂයක්. මැමත් සත්වයන්ට අත්ළවු ඉරණමම මැස්ටඩොන් සත්වයන්ටත් හිමි වෙනවා. ඔවුන් ප්ලයස්ටොසීන අවධියේදි සහමුලින්ම නශ්ඨවීම සිදුවෙනවා.

මැස්ටඩොන්

මැස්ටඩොන් සහ මැමත් සංසන්දනාත්මකව

මැස්ටඩොන් , මැමත් සහ අප්‍රිකානු අලියෙක් සංසන්දනාත්මකව



මෙගාතිරීයම්


ඊලඟට අපි බලමු මෙගාතිරීයම් සත්වයන් ගැන. මන්දයන් ගැන ඔබ අසා ඇති, ඩිස්කවරි, නැට්ජියො වැනි වැඩසටහන් තුල මන්දයන්ව ඔබ දැක ඇති. ඉතාමත් සෙමින් චලනය වෙමින් ඔබ මොබ යන. රුක් තුරු මුදුන්වල ජීවත් වෙන මන්දයන් ප්‍රමාණයෙන් බළලකුට වඩා මඳක් විශාල සත්වයෙක්. අපි මේ කතා කරන මෙගාතිරීයම් කියන්නෙත් මන්දයෙක්. නමුත් වෙනස තමයි ඔවුන් ඔබ වර්තමානයේදි දකින අප්‍රිකානු අලින්ටත් වඩා විශාල සත්ව විශේෂයක් වීම. ඔවුන් ශාඛභක්ෂක සත්ව කාණ්ඩයක්. ප්ලයස්ටොසීන භූ යුගයෙ නිමාවත් සමඟම මේ යෝධ මන්ද විශේයනුත් මිහිමතින් තුරන් වෙනවා.

වර්තමානයේදි ජීවත්වන මන්දයන් විශේෂයක්

මෙගාතිරීයම්

මෙගාතිරීයම්

මෙගාතිරීයම් ප්‍රමාණාත්මක සංසන්දනය


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



No comments:

Post a Comment