Tuesday, August 6, 2019

මුල් කාලීන ඇමරිකානුවො (Early Americans)


මීට වසර දහස් ගනනකට පෙර වර්තමානයේදි  උතුරු සහ දකුණු අමරිකානු මහද්වීප අයත් භුමිය තුල කිසිඳු මනුශ්‍ය වර්ගයක් වාසය කරේ නැහැ. මුල් ප්ලයස්ටොසීන අවධියේදි මනුශ්‍ය වාසයෙන් තොර වු ඇමරිකානු කලාපය  තුල මැමත්, මැස්ටඩොන්, මෙගාතීරියම් වැනි විශාල ක්ශීරපායින් රිසිසේ ජීවත්ව සිටියා.

අවසාන හිම යුගයත් සමගම ඇතිවු ග්ලැසියර අවධියේදි මුහුදු මට්ටම පහත යාම නිසා වර්තමානයේදි සයිබීරියාව ලෙස හඳුන්වන කලාපයත් ඇලස්කාව ලෙස හඳුන්වන කලාපයත් අතර ගොඩබිම් තීරයක් මතුවෙනවා. මේ ගොඩබිම් තීරය හඳුන්වන්නේ බෙරින්ජියානු පාලම ලෙස. බෙරින්ජියානු ගොඩබිම වසර දහස් ගනනකට වරක් ක්‍රියාත්මක වන ග්ලැසියර් චක්‍රය තුල නිරන්තරයෙන් මතුවෙමින් නැවත අතුරුදහන් වන භු කලාපයක්. මේ ගොඩබිම මතුවන වාරයක් පාසා විවිධ සත්ව කාණ්ඩ අමරිකානු කලාපයේ සිට ආසියාවටත්, ආසියානු කලාපයේ සිට ඇමරිකාවටත් සංක්‍රමණය වු අවස්ථා බොහෝමයි.

බෙරින්ජියානු ගොඩබිම් පාලම

අවසාන හිම යුගයෙදි මතුවෙන බෙරින්ජියාව හරහා ආත්ම ධෛර්යෙන් හෙබි, කර්කශ පාරිසරික තත්වයන් උරගා බැලීමට සමත් කුතුහලයෙන් යුක්තවු හෝමෝ සේපියානුවන් පිරිසක් අමරිකානු කලාපයට සංක්‍රමණය වෙනවා. ඔවුන් අමරිකාව තුල තම පැවැත්ම තහවුරු කරගනිමින් නව සංස්කෘතියක් බිහිකිරීමට සමත් වෙනවා. මේ හෝමෝ සේපියානුවන් දියුණු කරන ගල් ආයුධ තාක්ෂණයක් තමයි 'ක්ලෝවිස් හෙලි තුඩ'. ෆ්ලින්ට් වැනි පාශාණ වලින්, මාංශපේශින් තුලින් සිරුරට කිඳා බැස අස්ථි පවා දෙකඩ කිරීමට සමත් මේ ශිලා මෙවලම් තාක්ෂණය ඔවුන් වැඩි දියුණු කරනවා.

ක්ලෝවිස් ශිලා මෙවලම් තාක්ෂණය

අමරිකානු කලාපයට හෝමෝ සේපියන්වරු පැමිණිමත් සමඟම විශාල සත්ව ප්‍රජාව කඩිනම් වඳ වීමකට ලක් වෙනවා. බෙරින්ජියාව හරහා පැමිණි සේපියන්වරු දඩයමේ දක්ශයින්. අති විශාල මැමත් සහ මැස්ටඩොන් සංහතිය සිය අහාර වේලට එකතු කරගන්න ඔවුන් සමත් වෙනවා. වර්තමානයෙදි එකී කලාපය තුලින් හමුවන මැමත්, මැස්ටඩොන් අස්ථි තුලට කාවැදුනු හෙලි පහරවල් දැකගන්නට පුළුවන්.

මැමත් දඩයමක්

බෙරින්ජියාව හරහා පැමිණි ඒ අප්‍රතිහත ධෛර්යකින් හෙබි සේපියන්වරුන්ගෙන් පැවත එන්නන්ගෙ වර්තමාන පුරුක් තමයි රතු ඉන්දියන්වරු සහ ඔවුනට සමීප ගෝත්‍ර.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment