ක්‍රිටැසියස් මහා නශ්ඨවීම (Cretaceous Mass Extinction) - Part 1
ඉරිඩියම් බහුල K-pg ස්ථරයත්, යුකටාන් අර්ධද්වීපයෙන් හමුවන ආවාටය ගැනත් මේ ලිපි පෙලේ පලවෙනි කොටසෙදි විස්තර කරා. දැන් මේ හයිපෝතීසිස් එක ගැන කතා කරද්දි මූලීකම දේ තමයි සාධක අනුව දැනට තිබෙන ශක්තිමත්ම මතය උල්කාවක් ගැටීම නිසා ක්‍රිටැසියස් වඳවීම සිදුවුන බව. විකල්ප මත වලට යන්න කලින් මේකෙ සම්පූර්ණ මතය ගැන සරල පැහැදිලි කිරීම මෙහෙමයි.
ඉරිඩියම් බහුල K-pg ස්ථරයත්, යුකටාන් අර්ධද්වීපයෙන් හමුවන ආවාටය ගැනත් මේ ලිපි පෙලේ පලවෙනි කොටසෙදි විස්තර කරා. දැන් මේ හයිපෝතීසිස් එක ගැන කතා කරද්දි මූලීකම දේ තමයි සාධක අනුව දැනට තිබෙන ශක්තිමත්ම මතය උල්කාවක් ගැටීම නිසා ක්‍රිටැසියස් වඳවීම සිදුවුන බව. විකල්ප මත වලට යන්න කලින් මේකෙ සම්පූර්ණ මතය ගැන සරල පැහැදිලි කිරීම මෙහෙමයි.
ඇස්ටරොයිඩය කොහෙන් ආපු එකක්ද කියන මතය ගැන සංවාදයේදි එලියට එන කරුණු තමයි අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයන් අතර තියෙන උල්කා පටියෙන් ඉවතට විස්ථාපනය වන උල්කාවක් බව. සාමාන්‍යයෙන් මේකෙ විශ්කම්භය කිලෝමිටර් 10 පමණ විශාලත්වයක් ඇති උල්කාවක්.
දැන් මේ උල්කාව ගමන් අරඹනවා පෘථිවිය දිශාවට. ඒ වෙද්දි පෘථිවිය කියන්නෙ වර්තමාන දේශගුණයට වඩා අතිශයින්ම වෙනස් දේශගුණයකින් සමන්විත ලෝකයක්. දැනට වඩා උශ්ණත්වය සෑහෙන වැඩී. ජුරාසික් පරිණාමික උච්චස්ථානයකට පැමිණෙන ඩයිනොසෝරියාවන් මේ ක්‍රිටැසියස් යුගය වෙද්දි ලෝකය පුරාම පැතිරීම තහවුරු කරගෙන. උදාහරණයකට බොහොම ප්‍රසිද්ධ ඩයිනෝසරයන් ගත්තොත් ට්‍රයිසරැටොප්ස් ගනය මේ වෙද්දි උතුරු අර්ධගෝලයේ බහුලතම ශාඛභක්ෂකයා. ටිරොනොසෝරයන්, ඇන්කයිලෝසෝරයන් වගේම මීට කලින් මම ලිපියක සඳහන් කරපු විශාලතම බල පියාසැරිය ලද ක්වෙට්සකෝට්ලස් වැනි සත්වයන් මේ අවධියේදි ඉතාමත් හොඳින් ව්‍යාප්තියක් දක්වනවා.
ඇලමෝසෝරස් ප්‍රතිනිර්මාණයක් |
මේ වෙද්දි ක්ශිරපායින් බොහොම කුලෑටි සත්වයන්. ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. ඔවුන්ට ඩයිනෝසරයන් සමඟ තරඟ කරන්න අසීරුයි. ඒ නිසා පරිණාමිකව ඔවුන් අනුවර්තනය වෙනවා අනෙක් සතුන්ට සැඟව ජීවත් වෙන්න. ඔවුන් බොහෝමයක් නිශාචරයන්. 'මෙසෝඩ්මා' වගේ ක්‍රිටැසියස් ක්ශිරපායියෙක් ගත්තොත් මීයෙකුගෙ ප්‍රමාණය, ග්‍රැම් 30 -50 පමණ. දැන් ඕක තමයි ඔය වෙද්දි පෘථිවියෙ පසුතලය. (මීට වඩා අති සංකිර්ණයි, මේ සරලව)
මයිල මිලියන කාලකට එහායින් තියෙනවා පෘථිවියේ අවසන් ආරක්ෂක වලල්ල. වසර බිලියන ගානක් පුරාවට ඇස්ටරොයිඩ සිය ගුරුත්ව ක්ෂේත්‍රයට නතු කරගෙන තමන් දෙසට ඇදගන්න සඳ. වාසනාවකට හෝ අවාසනාවකට ඇස්ටරොයිඩ් ගමන් පථයෙන් සඳ තියෙන්නෙ ඈතක.
මේ උල්කාවේ වැදගත්ම දෙය තමයි එහි ස්කන්ධය. අති විශාල ස්කන්ධයක් ඇති උල්කාව 40mph වගේ ප්‍රවේගයකින් පෘථිවිය ආසන්නයට ආවට පෘථිවියේ ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙනකොට පෘථිවිය දෙසට මෙය ඇදගන්නවා. එවිට උල්කාවේ ප්‍රවේගය 40kmph සිට 40000kmph දක්වා ඉහල යනවා. සරල භෞතිකය අනුව චලනය වන වස්තුවක ස්කන්ධයෙත් ප්‍රවේගයෙත් ගුණිතය = ගම්‍යතාව. ඒ කියන්නෙ චලනය වන මේ උල්කාව සතු බලය පෘථිවි ගුරුත්වය මඟින් තව තවත් වැඩි කරනවා.
දැන් ආයේ පෘථෘවිය දිහාවට හැරුනොත් අර කලින් විස්තර කරපු යුකටාන් අර්ධද්වීපය අයත් මධ්‍යම මෙක්සිකෝව බොහොම සාරවත් ප්‍රදේශයක්. සෝරෝපොඩ්ස් ගෝත්‍රයේ අවසන් පුරුක් වන ඇලමෝසෝරස් වැනි අතිවිශාල ශාඛභක්ෂකයන් මේ ප්‍රදේශයේ බහුලව ජීවත් වුනා. ඇස්ටරොයිඩය පෘථිවි වායුගෝලයට ඇතුල්වීමේ ප්‍රථම සංඥා සමහරවිට මේ සතුන්ට දැනෙන්න ඇති...
To be continued...
(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment