Tuesday, August 6, 2019

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 01


තල්මසුන් සහ ඩොල්ෆින් ( Whales and Dolphins)



පැලියෝජීන් මහා අවධිය බෙදෙනවා උප අවධි තුනකට. ඔලිගොසීනය, ඉයොසීනය සහ පැලියොසීනය.. මේකෙන් ඉයෝසීනය කියන්නෙ සෑහෙන ඉන්ට්රෙස්ටින් අවධියක්. ඉයෝසින් (ඉයොස්+කයිනොස්) යන ග්රීක පද ද්විත්වයේ සබැඳියක්. ඒකෙන් එන තේරුමට සිංහලෙන් දෙන්න පුළුවන් ආසන්නතම අර්ථය තමයි "නව සත්ව සන්තතියක උදාව"



ඒ කතාව එහෙම තියෙද්දි අපි යමු 1978 ට. 1978 දි මියුනිච් සරසවියේ මහාචාර්යවරයකු වනු මහාචාර්ය පිලිප් ගින්ග්රිච් සංචාරයක යෙදෙනවා පාකිස්තානය සු⁣ලෙයිමාන් කඳු වැටියට. මේ සුලෙයිමාන් කඳුවැටිය කියන්නෙ වසර මිලියන ගනනාවකට කලින් පැවතී මහා සාගරයක් වන ටීතීස් සාගරය පැවති සාගර පතුල. ඉතින් අදට වුනත් සුලෛයිමාන් කඳු වැටිය මත ඇවිද්දොත් ෆොසිලකරණයට ලක්වු ප්රාග්⁣ෛඑතිහාසික මුහුදු ජීවින් බලාගන්න පුළුවන්.

දැන් මම ඔය කිව්ව මහාචාර්යතුමාට සුලෛමාන් කඳුවැටියෙදි හම්බෙනවා ක්ශීරපායි සත්වයෙකුට අයිති හිස්කබලක කුඩා කොටසක්. මේ හිස්කබල් කොටස කාලනීර්ණයට ලක් කලාම ලැබෙන දත්ත අනුව එය වසර මිලියන 50 කට වඩා පැරණියි. සාමාන්යයෙන් මෙහෙම අර්ධ සැකිල්ලක් ලැබුනම සම්පූර්ණ සැකිල්ල ප්රතිනිර්මාණය කරන්න පුළුවන්. එහෙම ප්රතිනිර්මාණය කරපු මේ හිස්කබලට අනුව මේක අයිති සත්වයා වෘකයෙක්ගෙ හැඩරුව දැරු ක්ශීරපායි සත්වයෙක්. සැකිල්ල නැවත ප්රතිනිර්මාණය කලත් ෆොසිල විද්යාඤයන්ට මේ සත්ව විශේෂය හෝ අවම තරමින් ඔවුන් අයත් ගෝත්රයවත් නීර්ණය කිරීමේ හැකියාව තිබ්බෙ නෑ..

තවදුරටත් පර්යේෂණයට ලක් කරන හිස්කබල් කොටසෙ කන ආසන්නයේ පිහිටන අස්ථිමය නෙරීමක් ඔවුන්ට දකින්න ලැබෙනවා. මේ අස්ථිමය නෙරීම හඳුන්වන්නෙ 'සිග්මොයිඩ් ප්රොසෙස්' කියලා. මේකෙ තියෙන විශේෂත්වය තමයි සිග්මොයිඩ් ප්රොසෙසය පිහිටන්නෙ ඉතාමත් විශේශිතව වූ ක්ශීරපායි ගෝත්රයකට.... ඒ වෙන කවුරුත් නෙවෙයි තල්මසුන්, ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්රයට. දැන් එතකොට සිටසියාවන්ට අයත් අවයවයක් කොහොමද වෘකයෙක් වගේ සත්වයෙක්ට ලැබුණේ..? ඔව් මිත්රවරුනි ඒ තමයි අද ලෝකයෙ සියළු සාගරවල සැරිසරන සිටසියාවන්ගෙ පූර්වජයා. පාකිස්තානයෙන් සොයාගත් සිටසියාවාට නම දෙනවා 'පැකිසීටස්'.මේ සත්වයා ජලයේ නොව ගොඩබිම්වාසි සත්වයෙක්.. එහෙම කොහොමද වුනේ ?

වසර මිලියන 50 කට කලින් ඉයෝසීනයේදි පෘථිවිය කියන්නෙ උශ්ණත්වය වැඩි තැනක්. විශේෂයෙන්ම අද සුලෛයිමාන් කඳුවැටිය එදා කඩිනම් ශුෂ්ක පරිසරයකට හැරෙමින් පැවතුන යුගයක්. පැකිසීටස්ලා ගොඩබිම හැසිරුන වෘකයන් වගේ. එයාලට මුහුණ දෙන්න වෙනවා ආහාර සඳහා සටනකට. කඩිනමින් වෙනස් වන පරිසරයත් එක්ක ජීවත් වෙන්න සටන් කල යුතුයි. පැකිසීටස්ලා ආහාර සොයාගෙන තල්ලු වෙනවා ජලාශ්රිත පෙදෙස්වලට. කොහොමද එහෙම වෙන්නෙ ?

වසර මිලියන 50 කට කලින් ⁣පෘථෘවියෙ ගොඩබිම් එකිනෙක ඈත් වෙමින් ප්රසාරණය වෙනවා. ඈත් වීම වැඩිවෙන්න වැඩිවෙන්න නව සාගර රළ තරංග රටාවන් ගොඩනැගෙනවා. මේ රළ සමකාසන්නයේ සිට ධ්රැව වෙතට උණුසුම් රළ සහ සුළං ධාරා රැගෙන යනවා. මේකෙන් ධ්රැවාසන්න පෙදෙස් උණුසුම ඉහල යනවා. උණුසුම් ධ්රැවාශ්රිත පෙදෙස් කියන්නෙ උණුසුම් පෘථිවියක්, උණුසුම් පෘථිවියක් කියන්නෙ ප්රභාසංස්ලේෂණ සීග්රතාව ඉහල යනවා.. ප්රභාසංස්ලේෂණ සීග්රතාව ඉහල යනවා කියන්නෙ සාගර ජීවි මට්ටම් ඉහල යනවා.... ඒ කියන්නෙ නොගැඹුරු ජලයේ අපේ කතා නායක පැකිසීටස්ලට පහසුවෙන් ⁣සොයාගත හැකි ආහාර ඉහලයි... දැන් මේ සංසිද්ධියේදි විද්යාඤයන් පවසන ආකාරයට පැකිසීටස්ලා මුලින්ම ⁣නොගැඹුරු ජලය අසලට එන්නෙ මැරුණු මාළුන්, ජලජ ජීවින් වගේ ආහාරයට ගන්න කුණප බුදින්නන් ලෙස (scavengers)... මෙහෙම කාලයක් ගතවෙද්දි ඊලඟ තාර්කික පියවර වෙන්නෙ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සතුන් ආහාරයට ගැනීම. මේ ක්රියාවලිය වර්ධනය වෙනවා දඩයම් කිරීම දක්වාම.

දැන් මේක වසර මිලියන පනහකට කලින් වුන සිද්ධියක්. මුන් කෝමද මෙහෙම හරියටම කියන්නෙ ? ඒහෙම වෙන්න බෑ වගේ හිතෙනවනම් මම මේ කියන දේත් හොයලා බලන්න. වැන්කූවර් දුපතෙ අද ජීවත්වන අළු වෘකයන් මේ පැකිසීටස්ලා වගේම මුහුදට අනුවර්තනය වෙමින් ඉන්නෙ. 😊

රයිට්, ආයෙ එමු කතාවට. දැන් ඊටපස්සෙ පැකිසීටස්ලාට මොකද වුනේ... ? මුකුත් වුනේ නෑ.. පැකිසීටස්ලා අතුරුදන් වෙනවා ෆොසිල වාර්තාවලින් වසර මිලියන පනහකට කලින්...

P.s - මුලින්ම අර හිස්කබල් කොටස විතරක් හමුවුනාට පසුව සෑහෙන ෆොසිල ප්රමාණයක් හමුව තිබෙනවා.


පැකිසීටස් සැකිල්ලක් 


පැකිසීටස් ප්‍රතිනිර්මාණයක් 

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE 

No comments:

Post a Comment