Wednesday, August 7, 2019

ප්ලැකොඩර්මාවුන් (Placoderms)


ඩයිනෝසරයන් ජීවත් වූ කාලයට වඩා වසර මිලියන සීයක් පමණ පිටුපසට පරිණාමික දිනපොතේ පිටු පෙරලන විට මුණ ගැසෙන සත්ව විශේෂ ගැන බොහො අය එතරම් අසා නැහැ. මේ සටහන එවන් ආදිකල්පික ජීවි කාණ්ඩයක් පිළිබඳවයි.

ඩයිනෝසරයන් මිහිමත ජීවත් වුන කාලයටත් එපිටින් වාසය කල ජීවීන් ගැන කතා කරද්දි ප්ලැකොඩර්මාවුන් කියන නශ්ඨව ගිය සත්ව විශේෂ එක්තරා අවධියකදි පෘථිවිය පුරාම සිය අණසක පැතිරවු සත්ව වර්ගයක් (class). ප්ලැකොඩර්මි කියන නමේ ග්රීක අර්ථය 'සන්නාහයක්/ වැස්මක් සහිත සමකින් යුත්' වැනි අරුතක්.

සිලූරියන් අවධියේ සිට (ඒ කියන්නෙ මීට වසර මිලියන 440 කට පමණ පෙර ඇරඹි) ඩේවෝනියන් අවධියේ අවසාන කාලය තෙක් (ඒ කියන්නෙ වසර මිලියන 360 කට පමණ පෙර) මේ ප්ලැකොඩර්මාවුන් පෘථිවියේ සාගර තුල වාසය කලා. සාමාන්යයෙන් මොවුන්ගෙ පොදු ලක්ෂණය තමයි හිස, ගෙල සහ පපුව ප්රදේශය ගන සන්නාහයක් මෙන් වු ආවරණයකින් වැසී පැවතීමත් ශරීරයේ ඉතිරි කොටස් කොරපොතු ආවරණයකින් වැසී පැවතීමත්. දැන් මේ ප්ලැකොඩර්මාවුන්⁣ගෙ විවිධත්වය ඉතාමත් අධිකයි. සිලූරියන්, ඩෙවෝනියන් අවධි තුල පෘථිවියෙ සාගර පුරාම පැතිරීම වගේම විවිධත්වය දකින්න පුළුවන් ෆොසිල සාධක වලින්. සෙන්ටිමීටර 30 පමණ විශේෂ අයත් වන බොත්රියොලෙපිස් ගනයේ සිට අඩි 20 ක් පමණ විශාල වන ඩන්ක්ලිඔසිටියස් ගනය දක්වා මොවුන් විවිධ ප්රමාණ වලින් ජීවත්ව තිබෙනවා.

ප්ලැකොඩර්මාවුන්ගෙ විවිධත්වය


මේ අතරින් මම කතා කරන්නෙ ඩන්ක්ලිඔස්ටියස් ගනය ගැන. ඩන්ක්ලිඔස්ටියස් ගනයට මේ වන විට හඳුනාගත් ෆොසිල සාධක අනුව විශේෂ දහයක් අයත්. 
D. terrelli, D. belgicus, D. denisoni, D. marsaisi, D. magnificus, D. missouriensis, D. newberryi, D. amblyodoratus, and D. raveri තමයි මේ විශේෂ.

මේ අතරින් ලෝකයේ ප්රථමයෙන්ම බිහිවු පෘශ්ඨවංශීක සුපිරි විලෝපිකයෙක් තමයි ඩන්ක්ලිඔසිටියස් ටෙරෙලි.

ඩන්ක්ලිඔසිටියස් ටෙරෙලි

ඩන්ක්ලිඔසිටියස් ටෙරෙලි ප්‍රමාණාත්මක සංසන්දනයක්

අමරිකාවේ කැලිෆෝනියා, ටෙනිසි , ඔහායෝ ප්රදේශ වලින් බහුලවම මේ ෆොසිල හමුවෙනවා. ඇතැම් විද්‍යාඥයන්ට අනුව ටෙරෙලිට හනු වලින් දිය හැකි බලය සැලකිල්ලට ගෙන එතෙක් මෙතෙක් විශාලතම සපාකෑම ලබාදිය හැකි සත්වයා ලෙස නම් කර තිබෙනවා, නමුත් බහුතර මතය අනුව නම් ඒ ස්ථානය හිමිවෙන්නෙ Livyatan melvillei නමින් හඳුන්වන ප්රාග්⁣ෛඑතිහාසික තල්මස් විශේෂයකට සහා Carcharodon megalodon නමින් හඳුන්වන ප්රාග්⁣ෛඑතිහාසික මෝරුන් විශේෂයට. නමුත් ඩන්ක්ලිඔසිටියස් අවතක්සේරු කල යුතු නැහැ. සාමාන්යයෙන් මේ හනු තෙරපුම (bite force) එක ගනනය කරන්නෙ ගොදුරේ වර්ග අඟලකට යෙදෙන රාත්තල් ප්රමාණයේ බරින්. මේක අපි වර්තමානයේ ඉන්න කිඹුලෙක්ගෙ හනු තෙරපුමත් එක්ක සංසන්දය කරොත් කිඹුලෙක්ට යෙදිය හැකි හනු තෙරපුම වර්ග අඟලකට රාත්තල් 3700 ක පමණ බලයක්. ඩන්ක්ලිඔස්ටියස් ටෙරෙලිගෙ මේ ප්රමාණය වර්ග අඟලකට රාත්තල් 8000+ .

ඩන්ක්ලිඔසිටියස් ටෙරෙලි හනුවක්

දැන් මේ අපි කතා කරපු ටෙරෙලි වගේ ප්ලැකොඩර්මාවුන් ඩෙවෝනියන් යුගයේ සාගර කලාප සිය අණසකට නතු කරගෙන හිටියට ඩේවෝනියන් අවධිය අවසාන වෙන කාලවකවානුවෙදි සිදුවු නශ්ඨවීම් සිද්ධිදාමයේදි නශ්ඨව යනවා. පසුකාලීනව ඩන්ක්ලිඔසිටියස් ගනය සහ සියළු ප්ලැකොඩර්මාවුන්ගෙ නශ්ඨවීම පිළිබඳව විවිධ මත තිබෙනවා. එයින් වඩාත් ප්රචලිත මත ⁣ද්විත්වය මෙහි සඳහන් කරනවා. 

පලවෙනි මතය තමයි ප්ලැකොඩර්මාවුන්ගෙ පරිණාමයට පසුකාලීනව සිදුවෙන අස්ථිමය මසුන් පරිණාමයත් සමඟම ආහාර සඳහා තරඟයට මුහුණදීමට නොහැකිව ප්ලැකොඩර්මාවුන් වඳව ගිය බව. දෙවන මතය තමයි ඩෙවෝනියන් අවධියේදි සාගර ජලයේ ඔක්සිජන් ප්රතිශතය සීඝ්රයෙන් පහල බැස්ස නිසා ඩන්ක්ලිඔසිටියස් වැනි විශාල සත්වයන්ට ඔක්සිජන් ප්රමාණවත් නොවී කුඩා මත්ස්යන් පමණක් ඉතුරි වු බව. මේ මතය සනාථ කරන කාරණයක් විදිහට විද්යාඤයන් ගෙන එන සාධකයක් තමයි ඩෙවෝනියන් නශ්ඨවීමෙන් පසුව වසර මිලියන ගනනකින් එළඹෙන මීසෝසොයික අවධිය දක්වාම විශාල මසුන් පරිණාමය නොවීම.

ප්ලැකොඩර්මාවුන්ගෙ ෆොසිල නැවත ප්රතිනිර්මාණය කිරීමෙන් පසු ලැබෙන ජීවමාන රූප ඉතාමත් අපුරුයි. බොත්රියොලෙපිස් ගනය පිටසක්වල ජීවින් ලෙස දිස්වන අතර ඩන්ක්ලිඔස්ටියස් වැනි විශේෂ මායා කතා වල එන අති දරුණු සත්වයන් මෙන් දිස්වේ. ඩයිනෝසරයන්ට පෘථිවිය මත සක්මන් කිරීමට කලින් සිටි සුපිරි විලෝපිකයන් කාණ්ඩයක් වන ප්ලැකොඩර්මාවුන් ගැන කෙටි කතාව එහෙමයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment