Tuesday, August 6, 2019

ඔබ දන්නවාද? (Do you know?)


මැමත් (Mammoth)


මැමත් සත්වයන් ප්‍රාග්ඓතිහාසික සතුන් ලෙස ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන සත්ව කාණ්ඩයක්. 

මැමත්

මිනිසා ශිෂ්ඨාචාරගත වීමට බොහෝ කලකට පෙර ඔවුන් සිටි බවයි බොහො දෙනා විශ්වාස කරන්නෙ. නමුත් වසර 4000 කට පමණ පෙර ඊජිප්තු ශිෂ්ඨාචාරය තුල ගීසා හී පිරමීඩ නිමවන විටත් උතුරු අර්ධගෝලයේ කුඩා දුපතක් වන ව්රැන්ගල් දූපතේ මැමත් සතුන් ජීවත්ව තිබෙනවා.

ගීසාහි පිරමීඩ

වසර 12000 කට පමණ පෙර ව්රැන්ගල් දූපත ප්‍රධාන මහද්වීපයෙන් වෙන්වී දූපතක් ලෙස වෙන්ව යනවිට ප්‍රධාන මහද්වීපයෙ ජීවත්වු මැමත් සතුන් කොටසක් සමඟ තමයි වෙන් වන්නෙ. මෙහි ප්‍රතිඵලයක් විදිහට ව්රැන්ගල් දුපතේ දූපත්වාසී මැමත් ප්‍රජාවක් ඉතිරිවෙනවා.

ප්ලයස්ටොසීන යුගය අවසානයේදි ප්‍රධාන මහද්වීප තුල මැමත් සංහතිය වඳව ගියත් ව්රැන්ගල් දූපත්වාසී මැමත් සතුන් ප්ලයස්ටොසීන යුගය අවසන් වී් බොහෝ කලක් යනතුරු දිවි රැකගන්නවා. ඊජිප්තු පිරමීඩ ඉදිවන සමයෙදි ව්රැන්ගල් දූපතේ මැමත් සතුන් හිම බිම් සිසාරා ආහාර සොයා යන්න ඇති...


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment