Tuesday, August 6, 2019

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 02


ඔවුන් ජීවත් වීම සඳහා අරගලයක යෙදුනා.. වෙනස්වන දේශගුණය සහ වියෑකි යන ගොඩබිම් ආහාර හේතුවෙන් නොගැඹුරු දිය අසලට පැමිණෙන පැකිසිටාවුන් තමන්ගෙ ආහාර ප්රශ්නය විසඳගන්නවා. නමුත් ජීවය මත පරිසරය ඇතිකරන නිරන්තර පීඩනය වෙනත් ආකාරයකින් ඔවුන්ව හසුකරගන්නවා. පැකිසිටාවන් ගොඩබිම ජීවත් වීමට හුරු සත්වයන්. නොගැඹුරු දිය මත ඇවිදීමටත් යාන්තන් පිහිනීමටත් සමත් වුනාට ඔවුන් ජලචර සතුන් නෙවෙයි. ඒ සඳහා ඔවුන්ට අනුවර්තන තිබුනෙ නෑ. පැකිසිටාවුන් වසර මිලියන පනහකට ඉහත ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙනවා. ඒ ජීවි ලෝකය තුල ඔවුන්ට තිබුනු කාලය අවසන්....


එතැන් සිට...

ඒ වර්ෂ 1994.. මහාචාර්ය පිලිප් ගින්ග්රිච් සුලෛයිමාන් කඳු පන්තියෙන් පැකිසිටස් ෆොසිල සොයාගෙන ගතවන 16 වන වසර. මහාචාර්ය හාන්ස් තීව්සන්, ග්රින්ගිච් ගෙ ප්රධානම ගෝලයෙක්. තීව්සන් විසින් සුලෛයිමාන් කඳු පන්තිය ආසන්නයෙ සිදුකරන පර්යේෂණ වලින් තවත් හඳුනා නොගත් ක්ශීරපායි විශේෂයක සැකිල්ලක් සොයාගනු ලබනවා. ප්රතිනිර්මිත සැකිල්ල පෙන්වන්නෙ අමුතු ආකාරයක ක්ශීරපායියෙක්. ගොඩබිම සංචරණය කරන ක්ශිරපායියෙකු සතු පාද ඇතිමුත් පතුල් පිහිටන්නෙ තාරාවකු මෙන් බැඳි පාද සහිතව (webbed feet)..

ඒ තවත් පරිණාමිකව සංක්රාන්ති අවධියක පසුවන ප්රාථමික තල්මස් පූර්ව⁣ජයෙක්. අපි මුලින්ම හඳුනගත්ත පැකිසිටස් ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙන්නෙ මේ නිසයි. මේ අලුත් සමාජිකයා පැකිසිටාවුන්ට වඩා ජලජ පරිසර වලට යෝග්ය ලෙස හැඩගැසුනු ශරීරයක් ඇති අයෙක්.

ඒ ප්රධාන ලක්ෂණ තුනකින්,
  1. වර්තමානයේ දක්නට ලැබෙන දියබල්ලන් මෙන් මාංශපේශි සහිත පැතලි වල්ගයක්.
  2. අපර ගාත්රා කෙටි සහ පලල් ආකාරයෙන් පිහිටීම, පිහිනීම පහසුවනු පිනිස.
  3. ශරීරය අනාකූල හැඩයක් දැරීම.

මේ අලුත් සාමාජිකයට තීව්සන් නම දෙනවා "ඇම්බියුලෝසීටස් නාටන්ස්".. නමේ අර්ථය 'ඇවිදින සහ පිහිනන තල්මසා'...

ඇම්බියුලෝසීටස් නාටන්ස්

ඇම්බියුලෝසීටස් සැකිල්ලක්

දැන් තිබෙනවා ගැටලුවක්... ඇම්බියුලෝසීටස්ට පූර්ණ කාලීනව ජලයේ ඉන්න පුළුවන්ද?

ඒක මෙහෙම විස්තර කරන්නන්. ගොඩබිම් ක්ශිරපායියෙකුගෙ පානීය ජල අවශ්යතා පවතිනවා. එහෙම ගොඩබිම් සත්වයෙක් මුහුදු ජලය පානය කරොත් එය විස වෙනවා. දැන් ප්රශ්නය ඇම්බියුලෝසීටස් බිව්වෙ මුහුදු ජලයද නැත්තම් ගොඩබිම් ජලයද ?

ඇම්බියුලෝසීටස් බිව්වෙ ගොඩබිම් ජලය. කොහොමද හරියටම ඒක කියන්නෙ වසර මිලියන 49 පැරණි ෆොසිලයක් බලලා ? දන්ත සැකැස්ම මත තැන්පත්වල ඛණිජ ආදිය පරීක්ෂණයට ලක් කිරීමෙන් ඒ වගේ දේවල් හරියටම කියන්න පුළුවන්. ඇම්බියුලෝසීටස් ජීවත් වුනේ ගොඩබිම ආසන්නයේ. ජලය තුල කිමිදිලා ආහාර සොයා ගියත් ඇම්බියුලෝසීටස් ජලය සොයා ආවේ ගොඩ බිමට. මේ සත්වයා ජලයේ ආහාර හඹා ගිය සත්වයෙක් නෙවෙයි, මන්දගාමී ශරීරයක් සහිත බැවින් සැඟව සිට පහරදී ගොදුරු ඩැහැගත්තෙක් (Ambush predator).






පැකිසීටස්ට තිබ්බ ගැටලු ඇම්බියුලෝසීටස්ටත් එලෙසමයි. නොගැඹුරු ටීතීස් මුහුදේ ඔවුන්ට වඩා විශාල මෝරුන් සහ ජලජ විලෝපිකයන් ඒමට. ඒ බව ඇම්බියුලෝසීටස් ෆොසිල ලැබෙන සෙඩිමන්ට් ලේයර්ස් වලම මතුවන විශාල මෝර සහ කිඹුල් ෆොසිල මඟින් පැහැදිලියි. පැකිසිටස්ට තිබ්බෙ නැති ප්රශ්නයකුත් ඇම්බියුලෝසීටස්ට.. ඒ තමයි මන්දගාමී අඩක් ජලයට හැඩගැසුනු සිරුර දැන් ගොඩබිමදි තවත් මන්දගාමී. ඒ හේතුවෙන් ගොඩබිම් විලෝපිකයන්ට ඔවුන් පහසු ගොදුරක්...

වර්ශ මිලියන 49 කට පෙර ඇම්බියුලෝසීටස් ෆොසිල් වාර්තා වලින් ඉවත් වෙනවා... ඒ ඇම්බියුලෝසීටාවන්ගෙ කාලය අවසන්.

ගැටලුව තාමත් ඉතිරියි. කවදා කොහෙදි කොහොමද සිටසියා පූර්වජයන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ගෙනාවේ...?


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE



No comments:

Post a Comment