ක්‍රිටැසියස් මහා නශ්ඨවීම (Cretaceous Mass Extinction) - Part 2
පෙර ලිපිවල විස්තර කරපු ඇස්ටරොයිඩය පෘථිවි වායුගෝලය සමඟ ගැටීමත් සමඟම ඉන් නිකුත් වන වායුන් සහ දුහුවිලි අංශුන් පෘථිවි වායුගෝලය සමඟ ඇතිවන ඝර්ෂණය හේතුවෙන් දැවී, වේගයෙන් පෘථිවි පෘෂ්ඨය දෙසට ඇදෙන ඇස්ටරොයිඩය වටා අධික උෂ්ණත්වයකින් යුත් ප්ලාස්මාවක් බවට පරිවර්තනය වෙනවා. (ප්ලාස්මා කියන්නෙ පදාර්ථයේ ඝන, ද්‍රව , වායු යන අවස්ථා තුනෙන් ස්වායත්ත හතරවන අවස්ථාව)
පෙර ලිපිවල විස්තර කරපු ඇස්ටරොයිඩය පෘථිවි වායුගෝලය සමඟ ගැටීමත් සමඟම ඉන් නිකුත් වන වායුන් සහ දුහුවිලි අංශුන් පෘථිවි වායුගෝලය සමඟ ඇතිවන ඝර්ෂණය හේතුවෙන් දැවී, වේගයෙන් පෘථිවි පෘෂ්ඨය දෙසට ඇදෙන ඇස්ටරොයිඩය වටා අධික උෂ්ණත්වයකින් යුත් ප්ලාස්මාවක් බවට පරිවර්තනය වෙනවා. (ප්ලාස්මා කියන්නෙ පදාර්ථයේ ඝන, ද්‍රව , වායු යන අවස්ථා තුනෙන් ස්වායත්ත හතරවන අවස්ථාව)
ආවාටයේ හැඩය, ගැඹුර වගේ දේවල් නිර්ණය කරාම ඇස්ටරොයිඩයේ පරාවක්‍රය ගැන කීමට පුළුවන්. ඒ අනුව පෘථිවි පෘශ්ඨයට අංශක 30 ආනතියකින් දකුණේ සිට උතුරු දිශානතව තමයි ඇස්ටරොයිඩය ගැටෙන්නෙ. එතකොට සමස්ථ ඝට්ටනයේම විනාශකාරී බලය දිශාගත වෙන්නෙ උතුරු දිශාවට.
දැන් මේ ඇස්ටරොයිඩය පෘථිවිය පෘෂ්ඨයට ගැටෙන්න පෙර පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් මයිල පන්සීයක් පමණ ඈතින් ඉඳලම පෘථිවි ජීවය විනාශ කරනවා. ඒක වෙන්නෙ වායුගෝලය හා ගැටීමේදි නිපදවෙන උෂ්ණත්වය සහ ආලෝකය. ඉම්පැක්ට් පොයින්ට් එකේ හිටපු ඇලමොසෝරයන් වගේ සතුන් පෘථිවියට මයිල 500 ක් පමණ ඈතින් තිබෙන ඇස්ටරොයිඩයේ ආලෝකයෙන් අන්ධව යන්න ඇතැයි විශ්වාස කරනවා. දිවා රාත්‍රී වෙනස නැතිව ගොස් අපිකේන්ද්‍රයේ සහ ඊට ආසන්න ජීවීන් බොහොම දෙනෙක් වෙනදා දකින්න පුළුවන් ඉරට වඩා ඉතාමත් ප්‍රභාමත් ඇස්ටරොයිඩය දීප්තිය මැද අපහසුවෙන් දකින්න ඇති.
1945 අගෝස්තු 9 ජපානයේ නාගසාකිවලට හෙලු ෆැට් මෑන් න්‍යෂ්ටික අවියේ පිපුරුම් බලය කිලෝටොන් 20. චික්සුලුබ් ආවාටය බිහිකරපු ඇස්ටරොයිඩ පිපුරුම් බලය මෙගාටොන් මිලියන 100 ක් පමණ. (සාමාන්‍යයෙන් දල අදහසක් ගන්න පුළුවන් මේ ගනන් වලින් පිපුරුමෙ ප්‍රමාණය ගැන)
ඇස්ටරොයිඩය ගැඹුරු මුහුදට පතිත වුනානම් මේ විනාශකාරී ශක්තියෙන් සෑහෙන කොටසක් සාගරය මඟින් අවශෝෂණය කරගන්න තිබුනා. නමුත් නැවතත් 'වාසනාවකට හො අවාසනාවකට' ඇස්ටරොයිඩය පතිත වෙන්නෙ මෙක්සිකො බොක්කෙ නොගැඹුරු ජලය මතට.
මේ ගැටුම නිසා සමස්ථ මෙක්සිකො බොක්ක සහ අවට වු සාගර ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප වීමකට ලක්වී තිබෙනවා. ඒ වගේම අවට දුහුවිලි, ගල්, පර්වත 100000 mph පමණ වේගයකින් ඉහල අහසට විසිවි තිබෙනවා.
මේ ගැටුම නිසා සමස්ථ මෙක්සිකො බොක්ක සහ අවට වු සාගර ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප වීමකට ලක්වී තිබෙනවා. ඒ වගේම අවට දුහුවිලි, ගල්, පර්වත 100000 mph පමණ වේගයකින් ඉහල අහසට විසිවි තිබෙනවා.
දැන් මෙතන ඉඳන් මම විස්තර කරන්නෙ ඝට්ටනය නිසා විවිධාකාර බල ක්‍රියාත්මක වීමෙන් පෘථිවි ජීවය විනාශ වුන ආකාරය.
ඝට්ටණය සිදුවන කේන්ද්‍රයේ සිට කිලෝමීටර 800 ක පමණ අරයක් ඇති ප්‍රදේශයෙ උෂ්ණත්ව සැනෙකින් ඉහල යනවා සෙන්ටිග්‍රේඩ් අංශක 600 ට පමණ. මේ අරය තුල සිටින ජීවීන්ගෙ සිරුරු තුල ජලය වාෂ්ප වෙනවා. සියළු ගහ කොල ආදියේ සියළු ජලය සැනෙකින් වාෂ්ප වී යනවා. මේ ආලෝක සහ උෂ්ණත්ව ප්‍රහාරය තමයි විනාශකාරී රැලි වල පලමුවැන්න.
ඝට්ටනයෙදි 100000 mph වේගයෙන් ඉහලට ගල්, පර්වත විසිවුනා. විනාඩි ගනනක් දැන් ගතව හමාරයි. ඉහල ගිය දේවල් ආයේ පහල වැටෙන්න ඕන ගුරුත්වය අනුව. මේ දෙවන විනාශකාරී රැල්ල. අපිකේන්ද්‍රයෙ සහ ආසන්නයේ සියළු ප්‍රදේශවලට මේවා නැවත කඩා හැලෙනවා. ගැටුම් කේන්ද්‍රයේ සිට පලමු විනාශකාරි රැල්ලෙන් ගැලවුන සත්වයන් සිටියානම් ඔවුන් ඊලඟට ප්‍රහාරයට ලක්වෙන්නෙ මේ කඩා වැටෙන ගල්, පර්වත මඟින්.
අතිවිශාල ඝට්ටණය පෘථිවි කබොල දෙදරවීමට සමත්. විද්‍යාඥයන්ට අනුව රිච්ටර් මාපකයේ 11.1 සටහන්වන භූකම්පනයක් හටගන්නවා. මේ තමයි තෙවන විනාශකාරී රැල්ල.
ඝට්ටණය නිසා හටගත් ස්පන්දන තරංගය ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් අවකාශය තුලින් ගමන් කරනවා. මේ ස්පන්දන තරංගයට හසුවන ජීවින් වෙතොත් තරංගය ගැටෙන ප්‍රවේගය මත ජීවීන්ගෙ සිරුරෙන් සම ගැලවී යාමට තරම් ප්‍රබලයි. මේ ස්පන්දනය අපිකේන්ද්‍රයේ සිට වෘත්තාකාරව විහිද යනවා. මේ සිව්වන විනාශකාරී රැල්ල.
ක්ශුද්‍ර දුහුවිලි අංශු ඉහලට නැගීම නිසා දුහුවිලි වලාවක් හටගන්නවා. මේ දුහුවිලි අංශු ඉහල ස්ථරවලදි ඇති කරන ඝර්ෂණය හේතුවෙන් මේ දුහුවිලි වලාවෙ උශ්ණත්වය ඉතා සීග්‍රයෙන් ඉහල යනවා. මේකට කියනවා ඉජෙක්ටර් ක්ලවුඩ් (ejector cloud).
ඝට්ටනයෙදි ඇතිවන බලය පෘථිවි කබොල හරහා ගමන් කිරීම නිසා තවත් භුකම්පන ඇතිවෙනවා. ඒ වගේම ගිනිකඳු ක්‍රියාකාරිත්වය වැඩිවීම වගේම නව ගිනිකඳු විදාරණයත් මේ කාලය තුල සිදුවෙනවා. අවට තිබෙන කැලෑ ගිනිබත් වීම ඇරඹෙනවා.
දැන් මේ වෙද්දි ඉහලින් ඉජෙක්ටර් ක්ලවුඩ් එක. ඊට පහලින් පෘථිවි පෘෂ්ඨය මත ගිනිකඳු, ලැව්ගිනි. මේ හේතුවෙන් පෘෂ්ඨය සහ ඉජෙක්ටරය අතර උෂ්ණත්වය දැඩි ලෙස ඉහල යනවා. ඒ වගේම ඉතාමත් වේගයෙන් මේ දුහුවිලි වලාව සමස්ථ පෘථිවියම වෙලාගන්නවා. මේ උෂ්ණත්වයට මැදි වෙන කිසිඳු සත්වයෙක් ඉතිරි වන්නෙ නෑ. මේ පස්වන විනාශකාරි රැල්ල.
ඝට්ටණය ඉතාමත් විනාශකාරියි. මේ බලය හේතුවෙන් මහද්වීපික තටකයේ වු අවසාධිත පාෂාණ විනාශ වී ගොස් පතුලට ඇද වැටෙනවා. මේ හේතුවෙන් සාගර ජලය උස් පහත් වීමකට ලක් වෙනවා. මෙහි ප්‍රතිඵලය වෙන්නෙ මෙගාසුනාමි රළ ඇතිවීම. කිලෝමීටර ගනන් උස රළ වෙරළ තීරයට කඩා වදිනවා. මේ සයවන විනාශකාරී රැල්ල.
ඝට්ටනය නිසා පෘථිවි කබොල හරහා ගමන් කරන බලය භූ තැටි දෙදරවීමට සමත්. මේ භූ තැටි හරහා ගමන් කරන භූ කම්පන තරංග (seismic ripples) හේතුවෙන් භූ තැටිවල නව පැලීම් නිර්මාණය වෙනවා. මේ පැලීම් තුලින් පෘථිවි කබොලට යටින් වූ මැග්මා මතුපිටට පැමිණෙනවා. (ගිනිකඳු නැතිව ලාවා ගැලීමක් වගේ) මේ සත්වන විනාශකාරී රැල්ල.
දැන් මේ ඉහත සිදුවීම් සෑහෙන ප්‍රමාණයකට ගින්දර සම්බන්ධයි. දැවී හළුවන ජීවී පදාර්ථයෙන් නැගෙන දුම්, දුහුවිලි අංශූන්, ගිනිකඳු විදාරනයෙන් විමෝචනය වන විෂ සහිත දුම්, සල්ෆර් වායූන් වැනි ජීවයට අහිතකර වායුමය සංඝටක සියල්ලම අර කලින් කියපු ඉජෙක්ටර් ක්ලවුඩ් එක දිගින් දිගටම පෝෂණය කරනවා. ඒ වගේම මේ ඉජෙක්ටරය තුල ඇති අංශු ඝණත්වය නිසා අධි බලැති අකුණු සැර නිපදවෙනවා. ඉජෙක්ටරය දැන් පෘථිවියම වෙලාගෙන අවසන්....
මේ තමයි ඉමිඩියට් ඉම්පැක්ට්ස්. අපිකේන්ද්‍රය ආසන්නයෙ වූ ඇලමොසෝරයන් ඇතුලු තවත් විශේෂ ගනනාවක් මේ වන විට විනාශ වී අවසන්. අපිකේන්ද්‍රයෙන් පිටත ජීවීන් බහුතරය දැඩි උෂ්ණත්වය, විෂ වායුන්, සුනාමි, භුමිකම්පා, ගිණිකඳු ආදියෙන් විනාශව ගොස් අවසන්....
To be continued...
(ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
(ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment