Tuesday, August 6, 2019

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 03 (අවසන් කොටස)


ඇම්බියුලෝසීටාවන් වසර මිලියන 49කට පෙර ෆොසිල වාර්තා වලින් ඉවත් වෙන්නෙ සිටසියා පරිණාමය තුල ප්රධානතම ගැටලුව ඉතිරි කර. කවදා කොහෙදි කොහොමද සිටසියාවන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ලබා ගත්තෙ..?


එතැන් සිට...

1994 වර්ශයේදිම වසරේදි මහාචාර්ය පිලිප් ගින්ග්රිච් නැවතත් සුලෛයිමාන් කඳුවැටිය අවට පර්යේෂණ මෙහෙය වීමේන් තවත් නව ක්ශීරපායි විශේෂයක ෆොසිල මතුකර ගනු ලබනවා. ඒ තවත් තල්මස් පරිණාමයේ සංක්රාන්ති අවධියක්. ඇම්බියුලෝසීටාවන්ට වඩා දියුණු පිහිනීමේ අනුවර්තන වලින් සන්නද්ධ මේ නව විශේෂය සතු ප්රධාන ලක්ෂණ කිහිපයක් මෙසේයි.
  • කෙටි, ශක්තිමත් බෙල්ලක් සතු වීම.. කිමිදීමට වඩා ප්රයෝජනවත්
  • පසු ගාත්ර තවත් කෙටි වී හබල් මෙන් සැකැස්ම
  • වල්ගය තවත් මාංශපේෂිමය වීම
  • විශේෂිත දන්ත සැකැස්ම

අඩි දහයක පමණ දිගින් යුත් මේ සත්ව විශේෂය "රෝඩෝසීටස්" නමින් නම් කරනු ලබනවා.

රෝඩෝසීටස්

තල්මසුන් පරිණාමයේ මුහුදු ජලය සඳහා පූර්ණ අනුවර්තන දක්වන පලමු සාමාජිකයා තමයි වසර මිලියන 46කට ප්‍රථම පරිණාමය වන රෝඩෝසීටස්. රෝඩෝසීටස් කොහොමද විලෝපිකයන්ගෙන් ආරක්ෂා වුනේ ? මේ ගැටලුවට පිලිතුර තිබෙන්නේ මේ සත්ව⁣යගෙ කර්ණ ශංඛයේ සමබරතාව රකින අවයවය මත. රෝඩෝසීටස් සමබරතාව අතින් ඉහලයි. වේගයෙන් පිහිනා යන ගමන් ඉතාමත් ඉක්මනින් දිශා මාරු කිරීමටත්, හැරවීමටත් ඇති හැකියාව රෝඩොසීටාවන් සතුයි. එමගින් ඔවුන්ගෙ මුල් පූර්වජයන් මුහුන දුන් විලෝපිකයන්ගෙන් බේරි යාමට රෝඩෝසීටාවන් සමත් වුනා. ඔවුන් සාගර කලාප විශාල ප්රමාණයක සුලබව පැතිරුනා..

නමුත් රෝඩෝසීටාවන් නැවතත් වෙනස්වන දේශගුණය නිසා ගැටලුවලට මුහුණ දෙනවා. පැවැත්ම සඳහා ඔවුන් සටන් කල යුතුයි, වෙනස් විය යුතුයි.. වෙනස් නොවුනොත් පැවැත්ම අවසානයි. වසර මිලියන 46 කට පෙර අවසාන රෝඩෝසිටාවන් ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා....


ඊජිප්තුවෙ බටහිර කාන්තාරය.. කයිරෝ නුවරට කිලෝමිටර් සීයක් පමණ නිරිතදිගට වන්නට පිහිටි 'වාඩි අල් හිට⁣ාන්" ප්රදේශය කියන්නෙත් ප්රාග්⁣ෛඑතිහාසික ටීතිස් සාගරය පැතිරී පැවති කොටසක්. වසර මිලියන ගනනක් පැරණි ⁣සාගර සත්ව විශේෂ වල ෆොසිල මෙහෙදි පොලව මතුපිට දැකගන්න පුළුවන්. මේ ප්රදේශයෙන් හමුවෙනවා අඩි 50 ක් පමණ දිගු තල්මස් පූර්වජයෙක්. එවක පැවතී සාගරයේ සුපිරි විලෝපිකයා තමයි මේ බැසිලෝසෝරස්.

රෝඩෝසීටාවන් ඉදිරියට පැමිණිලා, වෙනත් ස්වරූපයන්ගෙන්.. බැසිලෝසෝරස් රෝඩෝසීටාවන්ට නොතිබුන තවත් ජලචර අනුවර්තනයන්ගෙන් සන්නද්ධ වෙනවා.
  • ජලය තුල හොඳින් පෙනීම සඳහා දියුණු ඇස්
  • ජලය තුල ඉතාමත් තියුණු කන් ඇසීමෙ හැකියාව
  • ආඳකු මෙන් දිගු හැඩයක් සතුවීම, නොගැඹුරු දියේ දඩයමට

මේ අනුවර්තන සියල්ලත් සමඟ බැසිලෝසෝරස්ට අතීතයෙ හිමිවු දැන් ප්රයෝජනයක් නැති අවයවයකුත් එලෙසම පවතිනවා. ඒ තමයි පසුගාත්රාවල ඉතිරිව ගිය ශේෂයන්.

බැසිලෝසෝරස්

මිලියන 39 කට පෙර සාගර ආධිපත්යය අචලතාපී සත්වයන් අතට ගැනීමට බැසිලසෝරයන්ට හැකි වෙනවා. පෙර තම පූර්වජයන් ආහාරයට ගත් විලෝපිකයන් මේ වෙද්දි බැසිලෝසෝරයන්ගෙ ආහාර බවට පත්ව හමාරයි..

මධ්යකාලීන ඊයෝසීන අවධියේ බැසිලෝසෝරයන් සමඟ මුහුදේ සරනවා තවත් අපූරු සත්වයෙක්. බැසිලෝසෝරයන් තරම් මහේශාක්ය නොවුන, ඉතාමත් සැඟවුනු දිවියක් ගෙවු කුඩා සිටසියාවන් විශේෂයක් වන මොවුන් හඳුන්වන්නෙ "ඩොරුඩොන්ට්ස්" නමින්. ඩොරුඩොන්ට්ස්ලා ප්රමාණයෙන් සහ හැඩහුරුකමෙන් වත්මන් ඩොල්ෆිනයන් වගේ.

ඩොරුඩොන්

ෆොසිල සාධක අනුව බැසිලෝසෝරයන් තමන්ගෙ ඤාාතීන්වන කුඩා ඩොරුඩොන්ට්ස්ලව ආහාරයට ගත් බව තහවුරුයි. බැසිලෝසෝරයන් මෙන් විශාල විලෝපිකයන්ගෙන් මිදෙන්න ඩොරුඩොන්ට්ස්ලා රංචු ආකාරයෙන් ගැවසුන බවට විද්‍යාඥයන් අදහස් පලකරනවා.

වසර මිලියන 35 කට පොරොතුව නැවතත් දේශගුණික විපර්යාස. මුල් කාලීන ඉයෝසිනයේදි රත්වුන ලෝකය නැවත සිසිල් වෙනවා. සාගර සිසිල් වෙන අතරේ දකුණු ඇමරිකානු භූ තැටියෙන් වෙන්වෙන ඇන්ටාර්ක්ටික් භූ තැටිය ධ්රැවාසන්න හිම වැස්මක් බවට තහවුරු වෙනවා. ධ්රැවාසන්න හිම තහවුරු වෙන්න ජලය අවශ්යයි.. පෘථිවිය මත පවතින ජලය ධ්රැවාසන්නයේදි ඝනීභවනය වෙද්දි ගෝලීය සාගර ජලමට්ටම් පහත බසිනවා.

බැසිලෝසෝරයන් දෙසට හැරෙමු.. ඔවුන් ශරීරය ප්රමාණය විශාලයි දිගටියි. හැඩගැහිලා තියෙන්නෙ නොගැඹුරු ජලයේ පිහිනා ගොස් දඩයම් කරන්න. සාගර ජලමට්ටම් අවම වෙද්දි බැසිලෝසෝරයන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා. ඔවුන්ට ගැඹුරු ජලයට අනුවර්තනය වෙන්න කාල වේලාව මදී.... මධ්ය ඉයෝසීනයේදි බැසිලෝසෝරයන් පෘථිවියෙන් සමුගන්නවා. ඔවුන්ගෙ ඉදිරි පැවැත්මක් නෑ.

එ්ත් එතරම් අණසක නොපැතිරු ඩොරුඩොන්ට්ස්ලා මේ අභියෝගය ජයගන්නවා. කුඩා, සමානුපාතික, මෙහෙයවිය හැකි සිරුරින් යුත් ඩොරුඩොන්ට් සත්වයන් ගැඹුරු දියට සංක්රමණය වෙනවා. ඩොරුඩොන්ට්ස්ලා වර්තමානයෙ ඔබ දකින සියළු තල්මසුන් සහ ඩොල්ෆිනයන්ගෙ පූර්වජයා..පරිණාමය විශාල මෙන්ම මහේශාක්ය බැසිලෝසෝරයන්ට වඩා කාරුණික වෙන්නෙ ඩොරුඩොන්ට්ස්ලට..

ඩොරුඩොන්ට්ස්ලගෙ පසුකාලීනයන්ට නැවත විලෝපික තර්ජන ඇතිවෙනවා. ප්රාග්⁣ෛඑතිහාසික සාගරවල දරුණුම දඩයක්කරුගෙන්.. ඒ තමයි එතෙක් මෙතෙක් සිටි සුවිසල්ම මෝර විශේෂය වන මෙග⁣ලඩොන් මෝර විශේෂයන්ගෙන්.. ඔවුන්ගෙන් ගැලවෙන්නනම් නව සිටසියාවුන් තමන්ගෙ නිජබිම් වලින් ඈතට යා යුතුයි.

මෝරුන් කියන්නෙ චලතාපි සත්වයන්. ඔවුන්ගෙ ශරිර උණුසම පරිසර උෂ්ණත්වයත් සමඟ ඒ තත්වයට පත්වෙනවා. සිටසියාවන් අචලතාපින්, ඔවුන්ට පුළුවන් වෙනස් පරිසර උශ්ණත්වයන්ගෙදි තමන්ගෙ ශරීර උශ්ණත්වය පාලනය කරගන්න. එහෙනම් ඉතිරි එක් තාර්කික විකල්පයයි..... ඒ ධ්රැවාසන්න පෙදෙස් වලට සංක්රමණය. මෝරුන්ට බෑ එතකොට සිටසියාවන් එලවන්න. සීතල සාගර ජලය ඔවුන්ට මාරාන්තිකයි. නමුත් සිටසියාවන්ට පුළුවන් උශ්ණත්වය පාලනය කරගන්න.

ෆ්ලෝයන් වලදි මම ලිව්ව ලිපියෙ සඳහන් කලා තල්මස් වර්ගයා ආර්ක්ටික් සාගරවලට සංක්රමණය විමේ පරිණාමික ක්රියාවලිය සිත්ගන්නාසුළු කතාවක් බව. මෙතෙක් ඔබ කියෙව්වෙ ඒ කතාව...

ඩොරුඩොන්ට්ස්ලාගෙ මුණුපුරු මිණිබිරියන් අදත් සීතල ආර්ක්ටික් සාගර තුල සරන්නෙ ජීවය කෙරෙහි පරිසරය ඇතිකරන පීඩන වල ආන්තික ඵලයක් ලෙස. අද ඔවුන් විශේෂ අසුවක පමණ විහිද ගිය සිටසියා ගෝත්රය. නිල්තල්මසුන් , තෙල්මන්ද තල්මසුන් , ඔර්කා, බෙලුගා, ඩොල්ෆින්ස්, පොර්පොයිස් වැනි විශාල පරාසයක ඔවුන් විවිධත්වය පෙන්නුම් කරනවා. එමෙන්ම දියුණු බුද්ධියක් සතු, හැගීම් දැනීම් සතු දියුනු ජීවින් ඔවුන්.

වසර මිලියන 50 කින් එපිට වෘකයෙක් වැනි සත්ව විශේෂයක් නැවත සාගරයට හැරෙනවා.. ඒ ගමන බියකරු මෙන්ම වාසනාව මත රඳා පැවති සමස්ථ ක්රියාවලියක්. නැවත මුහුදට අනුවර්තනය වීම අපි හඳුන්වනවා රිවර්ස් එවලුශන් කියලා... අන්න ඒ විශේෂ ජීවින් කොටස ලංකාව අවට අපත් සමඟ ඉන්නවා කියන එකත් මතක තියාගන්න කියලා ඉල්ලමින් මේ කතා⁣ව හමාර කරනවා.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


#DOE




No comments:

Post a Comment