ප්රාග්ඓතිහාසික යුගයේ ජීවත්වුන හස්ථි විශේෂ ගැන මීට පෙර මම සටහන් කිහිපයක් එකතු කරා.
අද සටහන තුලින් ඉදිරිපත් කරන හස්ථි විශේෂය දක්වන විශේෂම ලක්ෂණය තමයි වර්තමානයේදි දකින්න ලැබෙන හස්ථින්ගෙ දළ පිහිටීමට වඩා වෙනස් ආකාරයකින් දළ පිහිටීම. පසුපසට වක් වෙන ආකාරයේ දළ සැකැස්මක් මේ විශේෂයට තිබුනේ.
ඩයිනෝතීරියම් නමින් හඳුන්වන මේ විශේෂය මධ්ය මයෝසීන අවධියේ සිට ප්ලයස්ටොසීන අවධියේ මුල් භාගය තෙක් මිහිමත විසු සත්ව කොට්ඨාසයක්. මොවුන් වර්තමානයේදි දක්නට ලැබෙන හස්ථි විශේෂ වලට වඩා විශාල සත්වයන්.

ඩයිනොතිරීයම් ප්‍රතිනිර්මාණයක් |
ඩයිනෝතීරියම් නමින් හඳුන්වන මේ විශේෂය මධ්ය මයෝසීන අවධියේ සිට ප්ලයස්ටොසීන අවධියේ මුල් භාගය තෙක් මිහිමත විසු සත්ව කොට්ඨාසයක්. මොවුන් වර්තමානයේදි දක්නට ලැබෙන හස්ථි විශේෂ වලට වඩා විශාල සත්වයන්.
මොවුන්ගෙ මේ සුවිසේශි දළ පිහිටීම ගැන විවිධ මත තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන්ට අනුව අතු පහතට ඇද ගැනීමට මේවා උපයෝගි කරගෙන තිබෙනවා, ඇතැමුන්ට අනුව ගස් කඳන් වලින් පොතු ඉරා ගැනීමට මේවා භාවිතා වී තිබෙනවා.
ඩයිනෝතීරියම් ෆොසිලයක් |
ඩයිනොතිරීයම් කපාලයක් |
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයට අයත් ස්වාභාවික විද්යා එකතුවෙ තිබෙන ඩයිනොතිරීයම් කපාලයක්.
(ඩයිනෝතීරියම් ෆොසිල නිදර්ශකයේ ඡායාරූප අයිතිය #DOE සතු වේ)

(ඩයිනොතිරීයම් කපාල ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment