Tuesday, August 13, 2019

සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 05


සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 04


එතෙක් මෙතෙක් හමුව ඇති ⁣හොඳින්ම සංරක්ෂණ වු ඩයිනෝසර ෆොසිලය (The most preserved dinosaur fossil ever found)


පසුගිය දින කිහිපය තුල ප්ලයස්ටොසීන යුගයේ ජීවත්වු සත්ව විශේෂ (ප්ලයස්ටොසීන යුගය යනු අපි මේ ජීවත්වන යුගයට පෙර අවසන් වුන යුගය. ප්ලයස්ටොසීනය අවසන් වෙන්නෙ මීටවසර 11,700 කට පෙර. 11,700 සිට ආරම්භ වෙන්නෙ හොලෝසීනය. ඔබත් මමත් මේ ගතකරන යුගය තමයි හොලොසීනය) ගැන සටහන් කල නිසා නැවතත් ඊට පෙර යුගයකට යා යුතුයැයි සිතුනා.

ඔබ දන්නවා ප්රාග්ඓතිහාසික සතුන් සහ ශාඛ ගැන වර්තමාන අධ්යනයන් වලදී වැදගත්ම සාධක වන්නෙ අදාල ජීවි විශේෂ ඉතිරි කර ගිය ෆොසිල සාධක බව. සාමාන්යයෙන් ජීවියෙකු මියගිය පසු සිදුවන ජෛව රසායනික ප්රතික්රියාවල අවසන් ඵලය වන්නෙ සියළුම කොටස් නැවතත් දිරා යෑමට ලක්වී පරිසරයේ තිබෙන චක්රීය ක්රියාවලි සමුහයකට එක්වීම. කලාතුරකින් සිදුවන පාංශු ක්රියාවලියක හෝ රසායනික ක්රියාවලියක් නිසා අපිට ලැබෙනවා ෆොසිල. මේ ෆොසිල බොහෝ විට ලැබෙන්නේ සත්වයන්ගෙ අස්ථීන් ලෙස. ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙනවා සම්පූර්ණ සත්වයාම සංරක්ෂණ වුන අවස්ථා. උදාහරණයකට ශාඛ වලින් වෑස්සෙන ඇම්බර් මඟින් කුඩා කෘමි සතුන්, හූනන්, උභය ජීවීන් සංරක්ෂණ වු අවස්ථා අපිට මුණ ගැසෙනවා. නමුත් විශාල සතුන් ජීවී ස්වරූපයෙන්ම සංරක්ෂණ වු අවස්ථා ඉතාමත් අල්ප වශයෙන් හමුවෙන්නෙ.

අද සටහන පදනම් වෙන්නෙ එවන් අවස්ථාවක් ගැන. 2011 වර්ශයේදි කැනඩාවේ ඇල්බර්ටා ප්රදේශයේ පතලකින් තමයි මේ ෆොසිලය ලැබෙන්නෙ.

වසර මිලියන 112 කට පෙර ක්රිටැසියස් යු⁣ගයේ ඇල්බර්ටා ප්රදේශය ඉතාමත් උණුසුම් ප්රදේශයක්. ඇන්කයිලෝසෝරියා යනුවෙන් හඳුන්වල උප ගෝත්රයේ නෝඩෝසෝරිඩේ කුලයට අයත් නෝඩෝසෝරස් විශේෂයේ සතුන් මේ ප්රදේශය පුරාම ගැවසුන බවට සාධක තිබෙනවා. නෝඩෝසෝරස් සත්වයෙක් කුමක් හෝ හේතුවක් මත මුහුදු ජලයට වැටීමෙන් පසු මුහුදු පතුලට ගිලී පතුල මත ඇති මඩ තට්ටුව මත තැන්පත් වෙනවා. පතුල මත ඇති මඩ තට්ටුව මේ සත්ව සිරුර වසාගැනීමෙන් පසු දිරායෑම සිදුවන්නෙ නෑ. මළසිරුර මත ක්ශුද්රජීවී ක්රියාකාරීත්වය සිදුනොවන නිසා මළසිරුර හානියකින් තොරව මඩ තුල තැන්පත්ව කාලයක් ගත වීමේදි ශරීරයේ කාබනික පදාර්ථය ශරීරය අවට තිබෙන ඛණිජ මඟින් විස්ථාපනය කරනවා. (සරලව කිව්වොත් හම, මාංශපේෂි,අස්ථී තුලට ඛණිජ කිඳා බහිනවා) ප්රතිඵලය වෙන්නෙ ජීවත්ව සිටි ආකාරයෙන්ම සංරක්ෂණ වුන ඩයිනෝසර ෆොසිලයක්.

ඇල්බර්ටා ප්රදේශයෙන් මෙලෙස ලැබෙන නෝඩෝසෝර් ෆොසිලය එතෙක් මෙතෙක් හමුව ඇති හොඳින්ම සංරක්ෂණ වු ඩයිනෝසර ෆොසිලය ලෙස තමයි සැලකෙන්නේ. ඇන්කයිලෝසෝරියා උප වර්ගයේ සියල්ලන්ටම පොදු උල්වු අස්ථිමය නෙරුම් පිහිටනවා නෝඩෝසෝරස් විශේෂයටත්. ඒ වගේම ඔවුන් ශාඛ භක්ෂක සතුන්. වසර මිලියන 110 පෙර මියගිය ආකාරයෙන්ම පවතින මේ නෝඩෝසෝර් ෆොසිලය නිද්රාවට පත් මකරෙකුගෙ ස්වරූපයක් දක්වනවා. ඉතාමත් ජීවමාන ලෙස සංරක්ෂණය වී ඇති මේ ෆොසිලය නරඹන්න පුළුවන් කැනඩාවේ රෝයල් ටිරල් කෞතුකාගාරයේදි.



නෝඩෝසෝරස් ෆොසිලය



නෝඩෝසෝරස් ප්‍රතිනිර්මාණය

(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment