Thursday, August 15, 2019

ඩිලාෆසෝරස් (Dilophosaurus)


1993 වර්ශයේදි තිරගත වුන ජුරාසික් පාර්ක් පලමු චිත්රපටයේ ගෙල වටා ආවානක් ආකාරයෙන් සැකසුනු රැලි සහිත කුඩා ප්රමාණයෙ උරගයාව හඳුන්වනු ලබන්නේ ඩිලාෆසෝරස් නමින්. චිත්රපටයේ පෙන්වනු ලබන ඩිලාෆසෝරස් සහ සත්ය ඩිලාෆසෝරස් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීමට තමයි මේ සටහන.

ඇරිසෝනා ප්රාන්තයෙන් ලැබෙන සම්පූර්ණ උරග ඇටසැකිලි තුනක් මත පදනම්ව 1954 වරශයේදි සැමුවෙල් පී වෙලෙස් විසින් "මෙගලසෝරස් වෙදරිලි" නමින් විශේෂයක් නම් කරනු ලබනවා. නමුත් 'මෙගලසෝරස්' නැමැති ගන නාමය පසුව ඉවත්කොට 'ඩිලාෆසෝරස්' නැමැති ගනයට 1970 වර්ශයේදි මේ විශේෂය නැවත නාමකරණයකට බදුන් වෙනවා. වර්තමානයේදි මේ විශේෂ නාමය වන්නෙ "ඩිලාෆසෝරස් වෙදරිලි".

චිත්රපටයේ පෙන්වන ඩිලාෆසෝරස් මනුශ්යකුට වඩා මඳක් කුඩා ඩයිනෝසරයෙක්.

චිත්‍රපටයේ ඩිලාෆසෝරස්

නමුත් සත්ය ඩිලාෆසෝරස් අඩි 23 ක් පමණ දිගු, මනුශ්යකුට වඩා ප්රමාණයෙන් විශාල සත්වයෙක්.

 සත්‍ය ඩිලාෆසෝරස් ප්‍රතිනිර්මාණයක් 

 සත්‍ය ඩිලාෆසෝරස් ප්‍රමාණය

චිත්රපටයේ පෙන්වන සත්වයාට විෂ විදීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ කාරණය විද්යාත්මකව සනාථ කල කාරණයක් නොවෙයි. එසේනම් චිත්රපටයේ සත්වයාව එලෙස නිරූපණය වන්නෙ ඇයි ? 

අස්ථි විද්යාත්මකව නිරීක්ෂණය කල විට සත්ය ඩිලාෆසෝරස් සත්වයාගෙ ශරීරයට සාපේක්ෂව හනු තෙරපුම ඉතාමත් සුළු බලයක් ලබාදෙන හනු තෙරපුමක්. එ් හේතුවෙන් ඩිලාෆසෝරස් වැනි මාංශභක්ෂක සත්වයෙක් ගොදුරු සෙවීමේදි වෙනත් උපක්රමයක් භාවිතා කරන්නට ඇතැයි යන්න ෆොසිල විද්යාඤයන්ගෙ මතයක්. උදාහරණයකට වර්තමානයේදි ජීවත් වන කොමෝඩෝ උරගයන් ගොදුරු සෙවීමේදි භාවිතා කරන විෂ දැක්විය හැකියි. එලෙසම ඩිලාෆසෝරයන් සතුව විෂ පවතින්නට ඇතැයි යන උපකල්පනය පවතිනවා. නමුත් චිත්රපටයේ පෙන්වන විෂ විදීමේ හැකියාව මනඃකල්පිතයි.

දෙවන කාරණය තමයි ඩිලාෆසෝරයන් සතුව සත්යවශයෙන්ම ගෙල වටා රැලි පිහිටීමක් තිබුනාද ? ගෙල වටා රැලි පිහිටන, තමන් අභියෝගයට ලක් වු විට රැලි විහිදිය හැකි උරගයන් වර්තමානයේදිත් ජීවත් වෙනවා. උදාහරණයක් Frilled neck lizards වර්ගයන් දක්වන්න පුළුවන්.

වර්තමානයෙදි ජීවත්වන Frilled neck lizard

නමුත් ඩිලාෆසෝරයන්ට එලෙස පිහිටා තිබුනානම් අදාල ගෙල රැලි සම්බන්ධ වී තිබෙන, සංකෝචන හා ඉහිල් වීම් වලට සබැඳි මාංශ පේශීන් සවි වී තිබු ස්ථාන ගෙල සහ කපාලය අවට අස්ථි තුල සටහන්ව තිබිය යුතුයි. නමුත් එලෙස සටහනක් නෑ. එබැවින් ඩිලාෆසෝරස් සතු ගෙල රැලි හුදෙක් චිත්රපටය තුලට ඇතුලත් කල මනඃකල්පිතයක් ලෙස දැක්විය හැකියි. අදාල මනඃකල්පිතයි ඇතුලත් කිරීමේදි පවා වර්තමාන උරග හැසිරීම් පදනම් වී ඇති බව නම් පැහැදිලිව සඳහන් කල හැකි කරුණක්. උදාහරණයකට චිත්රපටයේ ඩිලාෆසෝරස් ගෙල රැලි විහිදන්නෙ අදාල දර්ශනයේ සිටින චරිතය වැහි කබායේ හිස් ආවරණය පැලැඳි විටයි. එයින් අදහස් වෙන්නෙ තමන් අභියෝගයට ලක්වීම යැයි සිතා ඩිලාෆසෝරස් තම ගෙල රැලි විහිදනවා.

අවසාන වශයෙන් ඩිලාෆසෝරස් සත්වයන්ගෙ කපාලය මත පැතලි හැඩැති අස්ථිමය නෙරුම් ද්විත්වයක් පිහිටනවා. වර්තමානයේදි ඔස්ට්රේලියානු භුමි තුල දැකිය හැකි කැසෝවරි පක්ශින් සතු හිසේ තිබෙන අස්ථිමය උදාහරණයට සමාන පිහිටීමක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

කැසොවරි

නමුත් කැසොවරි පක්ශීන්ට පිහිටන්නෙ එක් නෙරීමක් පමණයි. ඩිලාෆසෝරයන් සතුව එලෙස නෙරීම් ද්විත්වයක් පිහටනවා.


ඩිලාෆසෝරස් සතු ද්විත්ව නෙරුම්


ඩිලාෆසෝරස් ප්‍රතිනිර්මාණයක් 


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment