නැගෙනහිර හිමාල ප්‍රදේශයේ සහ නිරිතදිග චීන ප්‍රදේශ තුල ජීවත්වන මේ අපූරු සත්වයන්ව හඳුන්වන්නේ Red panda ලෙස. විද්‍යාත්මක නාමය Ailurus fulgens.
![]() |
රතු පැන්ඩා |
රතු පැන්ඩාවන් ලෙස නම ලබා දී තිබුනට මේ සත්වයින් පැන්ඩා සත්වයන් හෝ වලසුන් අයත් Ursidae කුලයට අයත් සත්ව විශේෂයක් නෙවෙයි. කලකට පෙර මොවුන් පරිණාමිකව වඩාත් සමීප වන්නෙ රැකූන් (Raccoon) සත්වයන්ට යන මතය පැවතුනත් වර්තමානයේදි ජාන විද්‍යාත්මක සාධක ඇසුරෙන් ඔවුන්ටම අයත් සුවිශේෂී උප කුලයකට මේ සත්වයින් ගොනුකර තිබෙනවා. Ailuridae නැමැති මේ උපකුලය අයත් වන්නෙ රැකූන් , ස්කන්ක් සහ වීසල් විශේෂ අයත් Musteloidea කුලයට.
රතු පැන්ඩාවන් රුක්වාසී ක්ශිරපායින් විශේෂයක්. ප්‍රධාන වශයෙන් උණ ආහාරයට ගත්තත් කුඩා කෘමි සතුන්, පක්ශි බිත්තර ආදිය ආහාරයට ගන්නා සර්වභක්ෂකයෙක්.
රතු පැන්ඩාවන් කියන්නෙ වඳවීමේ තර්ජනයට ලක්වු විශේෂයක්. වනාන්තර අහිමි වීම වගේම සුරතල් පෙනුම නිසා සුරතල් සත්ව වෙළඳාමට යොදා ගැනීම මොවුන්ට ඇති වී තිබෙන විශාලතම තර්ජනයන්.
වර්තමානයේදි රතු පැන්ඩාවන් සංරක්ෂණය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම චීන රජය සහ යාබද රාජ්‍යන් සිදුකර තිබෙනවා. කෙසේ නමුත් තවමක් රතු පැන්ඩාවන්ට තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයක්.
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE