Thursday, August 15, 2019

මානව - විලෝපික සටන් (Human - predator combats)


මානව වංශකතාවේ පූර්වජයන් අප්රිකානු වනාන්තර, තෘණභූමි තුල සැරිසරද්දි නිරන්තරයෙන්ම විලෝපික ප්රහාර වලට ලක්වුනා.

වර්තමානයෙ ඉන්න බිළාල කුලයට අයත් සිංහ, කොටි ආදී විශේෂ වලටත් වඩා ප්රමාණයෙන් විශාල මෙන්ම රෞද්ර විලෝපිකයන් සමඟ තමයි ඔවුන් සටන් වැදුනේ. ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් , ඔස්ට්රලෝපිතෙකස් ඇෆ්රිකානස්, ඔස්ට්රලෝපිතෙකස් සෙඩිබා වැනි ඔස්ට්රලෝපිතෙසීන ගනයට අයත් ෆොසිල රාශියකම මේ විලෝපික සලකුණු තිබෙනවා.

වරක් හමුවන හෝමෝ හැබිලිස් දරුවකුට අයත් කපාලය පෙන්නුම් කරන්නෙ විලෝපික ප්රහාරය සෘජුවම හිසට එල්ලවී , විලෝපික උඩු හනුවෙ රදනක දත් හැබිලිස් දරුවාගේ අක්ශි කුහර තුලට කිඳා බසින අතර යටි හනුවෙ රදනක දත් හැබිලිස් කපාලය තුලින් කිඳා බැස ඇති ආකාරයයි. හෝමෝ අර්ගැස්ටර්, හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් වැනි මානව විශේෂ තුලත් මේවන් විලෝපික ප්රහාර දකින්න පුළුවන්. දඩබිම්, ආහාර, වාසස්ථාන සඳහා රුදුරු විලෝපිකයන් සමඟ නිරන්තර තරඟයක මේ මානව විශේෂ යෙදුනා.


පලමු ඡායාරූපයේ තිබෙන්නේ හැබිලිස් දරුවාට එල්ලවු විලෝපික ප්රහාරය ප්රතිනිර්මාණයක්.



දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ඩයිනෝෆෙලිස් බිළාලයෙක් ඔස්ට්රලෝපිතෙකස් මානවයකු දඩයම් කිරීමට දරන ප්රයත්නය.



තෙවන ඡායාරූපයේ තිබෙන්නේ නිවර්තන ලක්ෂණ සහිත අප්රිකානු වනාන්තරයක ඩයිනෝෆෙලිස් බිළාලයෙකුගෙ පැන්තර් රෑප දර්ශය සහිත සත්වයෙකු දිහා ඔස්ට්රලෝපිතෙසීනයෙකු බලා සිටින ආකාරය.



අවසන් ඡායාරූපයේ තිබෙන්නේ ෆොසිල සාධක මත තිබෙන දත් පහරවල්.




(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment