Tuesday, August 13, 2019

අවසන් නියැන්ඩර්තාල් දඩබිම (Last hunting ground of Neanderthals)




හිම යුගය අවසන් වනවාත් සමඟම යුරේසියාව පුරා පැතිර සිටි නියැන්ඩර්තාල්වරුන් ක්රමයෙන් පසු බසිනවා යුරෝපයේ මුහුදු ආශ්රිත බිම්කඩ කිහිපයකට. නියැන්ඩර්තාල්වරුන් පෙර සක්මන් කල දඩබිම් ක්රමයෙන් හෝමෝ සේපියන්වරු ආක්රමණය කරද්දි වඩාත් ඉක්මනින් අනුවර්තයන් දක්වන නම්යශීලී සේපියන්වරුනට පරිණාමික අභියෝගයක් වීමට නියැන්ඩර්තාල්වරු අසමත් වෙනවා. 

කපාල ධාරිතාව අතින් ගත්තම සේපියානුවන් තරම්ම හො ඇතැම් අවස්ථාවල ඊටත් වඩා වැඩි කපාල ධාරිතාවක් දැරූ නියැන්ඩර්තාලයන් කායිකව අනුවර්තන දරන්නෙ දැඩි ශීත දෙශගුණික තත්වයන්ට. කෙසේ නමුත් හිම යුගයේ අවසාන පරිඡ්ඡේදය සටහන් වනවිට නියැන්ඩර්තාල් අවසන් දඩබිමක් ලෙස ජිබ්රොල්ටාව සටහන් වෙනවා. ජිබ්රොල්ටාවෙ මුහුදු ආසන්න ගුහා කිහිපයක් නියැන්ඩර්තාලයන් විසූ බවට සාක්ෂි එමටයි.

පහත ප්රතිනිර්මාණයෙන් දැක්වෙන්නෙ ජිබ්රොල්ටා ගුහා අවට නියැන්ඩර්තාලයන් විසු අයුරු. චිත්රයේ ඈතින් ඔබට දකින්න පුළුවන් ගුහාවක්. අවසාන හිම යුගයෙදි පෘථෘවියේ ධ්රැවාසන්න කලාපයන්ගෙන් ඔබ්බට හිම ආවරණ විහිද තිබුනා. ඒ නිසා සාගර ජලයෙන් සැලකිය යුතු පරිමාවක් තිබුනෙ හිම විදිහට. හිම යුගය අවසානයත් එක්කම මේ හිම තට්ටු දියව සාගර ජලය උස් වෙනවා. පින්තූරයේ දක්නට ලැබෙන නිම්නය අද දකින්න පුළුවන් වෙන්නෙ මුහුදක් ලෙස. ඈතින් පෙනෙ ගුහා වර්තමානයේදි යම්තාක් දුරකට මුහුදු ජලයෙන් යටව තිබෙන්නේ. 

පෘථෘවියෙ එක්තරා කාල සීමාවක ඉතාමත් සුහුරු ලෙස දඩයම් කරමින් ජීවත් වු මේ මානව වර්ගයා අවසන් වරට සිටින්නට ඇතැයි සැලකෙන්නෙ මීට වසර 30000 කට පමණ ප්රථම. මානව වංශ කතාවෙ වසර 30000 ක් යනු ඩයිනෝසරයන් ජීවත්ව සිටි අවධි හා සසඳන විට වසර මිලියන ගනනක වෙනසක්. වසර 30000 ඇතුලත යුරේසියාව තුල විසූ සාර්ථකම ජීවියෙකු වන නියැන්ඩර්තාලයන්ගෙ සාක්ෂි , දඩබිම් කාලයේ වැලි තලාවෙන් යට කර දැමීමට පෘථෘවිය සමත් වෙනවා. 

වසර 30000 වැනි ඇසිල්ලකින් එතරම් වෙනසක් ස්වභාවධර්මය සිදු කරන්නෙ නම් ඔබට තේරුම් යා යුතුයි වසර මිලියන 60 - 250 පැරණි ඩයිනෝසර හෝ වෙනත් ජීවී විශේෂයක සාධක හමුවීම කොතරම් අහඹුවක්ද කියා. එමෙන්ම කොතරම් දියුණුවක් අත්කර තිබුනත් පෘථෘවියෙන් සහමුලින්ම යම් ජීවියකු අතුගා දමා එකදු සාක්ෂියක් හෝ ඉතිරි ⁣නොවන පරිදි කාලයෙන් යටපත් කිරීමට ස්වභාවධර්මය සමත්...


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment