Monday, August 26, 2019

බැයැඩෝසෝරස් ප්‍රෝනුස්පිනැක්ස් (Bajadasaurus pronuspinax)


මෑත කාලයේ ෆොසිල විද්‍යා ලෝකය තුල විශේෂ සිදුවීම් කිහිපයක් සිදුවුනා.

ඒ අතරින් එකක් වන්නේ ටෲඩොන් නැමැති ඩයිනෝසර විශේෂ සහ ගනය තවදුරටත් පිලිනොගන්නා එකඟතාව (එය විභේදනයකට ලක් කරා ස්ටෙනොනිකෝසෝරස් සහ ලැටෙනිවෙනට්රික්ස් නම් ප්රභේද වලට). ටෲඩොන්ස් ගැන පරිණාමික දිනපොත තුලින් මීට පෙර ලිපියක් පලකර තිබෙනවා.
බුද්ධිමත්ම ඩයිනෝසර විශේෂය - ටෲඩෝන්


දෙවනියට විශේෂිතම සිදුවීම තමයි හෙලිකොප්රියන් නම් වඳව ගිය ප්‍රාග්ඓතිහාසික මෝර විශේෂයේ හනු පිහිටීම CT ස්කෑන් ආධාරයෙන් නිවැරදිව හඳුනා ගැනීම. මේ හනු පිළිබඳව ඉතාමත් ගැටලුකාරී ප්‍රතිනිර්මාණ තමයි මෙතෙක් කල් පැවතුනේ නමුත් දැන් ඒ ගැටලුව විසඳි තිබෙනවා.

තෙවනි කාරණය තමයි පැටගෝනියා ප්‍රදේශයෙන් සොයාගත් නව ඩයිනෝසර විශේෂය. බැයැඩෝසෝරස් ප්‍රෝනුස්පිනැක්ස් (Bajadasaurus pronuspinax)


බැයැඩෝසෝරස් ප්‍රෝනුස්පිනැක්ස් (Bajadasaurus pronuspinax)


මේ නව විශේෂය සෝරෝපෝඩ් ඩයිනෝසර කාණ්ඩයට අයත් සත්වයෙක්. විශාලතම ඩයිනෝසරයන් අයත් වන සෝරොපොඩ් කාණ්ඩයේ සාමාජිකයන් සියල්ලම පාහේ රූපීයව සමානයි. බ්‍රොන්ටොසෝර්, බ්‍රැකියෝසෝර්, ටයිටැනොසෝර් වගේ යෝධ ගනයන් මේ කාණ්ඩයේ ප්‍රසිද්ධ සාමාජිකයන්. නමුත් මේ නව විශේෂය ඉතාමත් සුවිසේශි වෙන හේතුවක් තිබෙනවා. ඒ තමයි ගෙල පිහිටි ග්‍රෛවී කශේරුකා නෙරීම් කටු ආකාරයෙන් දිගු වීම. මේවා neural spines ලෙස හඳුන්වනවා. දැන් මේ neural spines පිහිටන සෝරොපොඩ් විශේෂයක් මීට කලින් හඳුනාගෙන තිබුනා ආර්මැගොසෝරස් නම් ඒ පෙර හඳුනාගෙන තිබුනු විශේෂයේ මේ neural spines පිහිටියෙ පිටුපසට වක්වුනු ආකාරයට නමුත් ප්‍රෝනුස්පිනැක්ස් නව විශේෂයේ මෙ කශේරුක නෙරීම් පිහිටන්නෙ ඉදිරියට වක්වු ආකාරයට.

බැයැඩෝසෝරස් ප්‍රෝනුස්පිනැක්ස්

කශේරුක නෙරීම් තිබෙන විට ඒවා පැවතීමට හේතු කිහිපයක් දක්වනවා. ප්‍රථමයෙන්ම උශ්ණත්ව යාමනය (thermoregulation), දෙවනුව වර්තමානයේදි ජීවත්වන කටුසු විශේෂ ප්‍රමාණය විශාල කර දැක්වීමට ගෙල පිම්බීම වැනි සමාන ක්‍රියාකාරිත්වයක් උදෙසා, මේදය තැන්පත් කර තබන මොල්ලියක් වැනි අවයවයක්, සහකරුවන් ආකර්ශනය කරගැනීම සඳහා වර්ණවත් අවයවයක් ලෙස, අවසාන වශයෙන් ආරක්ෂක උපක්‍රමයක් උදෙසා.

කශේරුක නෙරීම්

කෙසේ නමුත් බැයැඩෝසෝරස් ප්‍රොනුස්පිනැක්ස් තවමත් විද්‍යාවට අලුත් විශේෂයක්. ඉදිරියේදි සිදුකරන පර්යේෂණ මඟින් කශේරුක නෙරීම් පිලිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වනවා ඇති.


බැයැඩෝසෝරස් ප්‍රොනුස්පිනැක්ස් ෆොසිල


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment