එකම ප්‍රශ්නය වරින් වර පිටුවට යොමු වෙන නිසා නැවත නැවතත් කමෙන්ට් කරන්න අපහසු බැවින් ඒ අහලා තිබ්බ ගැටලුවක් සමඟම පිලිතුර පෝස්ට් එකක් විදිහට තබනවා. අතුරු ප්‍රශ්න යොමු වුනොත් කාලය ලැබෙන පරිදි පිලිතුරු සපයන්න පුළුවන්.
පහල ඡායාරූපයේ තියෙන්නෙ ගැටලුව.
විශේෂ දෙකක් සම්බන්ධ කරන ෆොසිල පුරුක් කියලා දෙයක් නැහැ. ඒ සංකල්පය මීට දශක දෙකකට විතර කලින් තිබ්බ දෙයක්. ජීවී විශේෂයක සමස්ථ පරිණාමික ක්‍රියාවලිය තුලදිම ඇතිවන සියළුම තනි ජීවීන් පුරුක් ලෙස හඳුන්වන්න පුළුවන්. මාතෘ සෛල තුලින් දුහිතෘ සෛල බිහිවන හැම අවස්ථාවකදීම පෙර තිබුනු ජීවියා නෙවෙයි ඉන්නෙ, ජානමය වශයෙන් නව ජීවියෙක්. ඒ අර්ථයෙන් ගත්තම හැම ජීවියෙකුම එක් එක් වශයෙන් 'පරිණාමික පුරුක්'.
භූගර්භ විද්‍යාව හදාරනවනන් දැනගන්න ලැබෙයි අවාසනාවකට ෆොසිලභවනය වන්නෙ ජීවීන් මිලියනයකින් එකක් පමණ අති සීමිත , අති දුර්ලභ අවස්ථාවක් බව. මොකද මිය යන හැම ජීවියාම ෆොසිලභවනය වෙන්නෙ නෑ. එනයින් පරිණාමික වෘක්ෂය ප්‍රතිනිර්මාණය කරද්දි ලැබෙන ෆොසිල සාධක අතිශයින්ම අවමයි. ඒ නිසයි ජානමය සාධක දෙස බලන්නෙ. ජෙනිටික් ක්ලොකින් (Genetic clocking) කියන ක්‍රියාවලිය ගැන හදාරන්න, ඒ ගැන මට දීර්ඝ ලෙස පැහැදිලි කරන්න වෙලා නෑ.
ෆොසිල විද්‍යාවෙ නව විශේෂයක් සොයාගන්න හැම අවස්ථාවකදිම ප්‍රශ්න දෙකක් මතුවෙනවා;
එතකොට වැටහෙන්න ඕන ෆොසිල සාධක ලැබෙන ඕනම අවස්ථාවක ඊට පෙර සිටි ඉමීඩියට් පූර්වජයගෙ ෆොසිලයක් ලැබෙනකන් බලාසිටීම පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක් කියලා. නමුත් ජානමය සාධක දෙස නොබලා රූපීය සාධක දෙස බලනවානන් සංක්‍රාන්තික අවස්ථා සියල්ලගේම ෆොසිල නොමැති වුනාට ලැබී තිබෙන සාධක අනුව ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්. උදාහරණයකට සිටසියන් පරිණාමය ,ප්‍රයිමේට් පරිණාමය, ඉහල ප්‍රයිමේටාවන්ගෙ මහා ජිද්‍රයේ පිහිටීම ද්වීපාද සංචාරණ හැකියාව ලබන විට හොමිනිඩ් වරුන්ගෙ මහා ජිද්‍රයේ පිහිටීම දක්වා වෙනස්වන ආකාරය.
දෙවනි ප්‍රශ්නෙට, පරිණාමය මොනම අවස්ථාවකවත් ජීවීන් බේරගන්න පරිණාමයක් කරන්නෙ නෑ. පරිණාමය කියන්නෙ අරමුණක් නැති ක්‍රියාවලියක්. ගැටලුව තියෙන්නෙ දේවවාදී, මානවකේන්ද්‍රීය මිනිස්සු පරිණාමය අර්ථ නිරූපනය කරන්න හදන එක අරමුණක් ඇති ක්‍රියාවලියක් ලෙස. පාරිසරික පීඩනයන් හමුවේ නොනැසි සිටිය හැකි යම් ජීවියෙකු ඇත්නම් නොනැසී සිටීමට දායක වු වාසිදායක ලක්ෂණ දුහීතෘ පරම්පරා වලට දායාද වීම මත තමයි පරිණාමය සිදුවන්නෙ. මේ පෘථිවියට මොනම ජීවියකුවත් අත්‍යාවශ්‍ය නැහැ. නමුත් නොනැසි සිටිය හැකිනම් ඔවුන් නොනැසි සිටිය හැකි සමස්ථ කාලයම ජීවය රැකගන්නවා.
ඒ ප්‍රශ්නෙ දෙවනි කොටසට පිලිතුර තමයි ඇතැම් මුල් විශේෂ තවමත් දිවි රැකගෙන ඇත්තෙ ඔවුන් ජීවත් වන පාරිසරික තත්වයන්ට දක්වන අනුවර්තන හැකියාව නිසා. හැබැයි පාරිසරික තත්වයන් තුල දැඩි විචලනයක් නොවු පමණින් පරිණාමය නැවතිලා නෑ. ඔවුන්ගෙ වෙනස්කම් සිදුවෙනවා නමුත් සීමිත වශයෙන්. වසර මිලියන සිය ගනනකට පෙර ජීවත් වුන මෙගනියුරා බත්කූරු විශේෂය වර්තමාන බත්කූරන්ට සමානයි නමුත් වෙනස්. විෂය ගැන අල්පමාත්‍රිකයකු හට මෙගනියුරා රූපීයව වර්තමාන විශේෂ වලට සර්ව සමවුනත් ජාන විවිධත්වය අතින් සලකා බැලු විට බත්කූරු විශේෂ පරිණාමය වී තිබෙනවා.
මෙතනදි නැවතත් කැරකෙන්නෙ එකම දෘෂ්ටිපථයක හිරවුන අදහස "පරිණාමය යනු දියුණු ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්, පරිණාමය යනු බුද්ධිමත් ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්, පරිණාමය යනු සෑම විටම සංකීර්ණ ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්" වැනි අදහස් බොහෝ දෙනෙකුගෙ හිස් තුලට කිඳා බැහැලා තියෙන්නෙ. පෙර කිව්වා වගේම පරිණාමය කියන්නෙ අරමුණක් රහිත ක්‍රියාවලියක්.. දියුණු ජීවීන් බිහිවීම හෝ බිහි නොවීම ගැන එයට වගක් නෑ. වගක් ඇති එකම දේ වන්නෙ පැවැත්ම තහවුරු කරගත හැකි ජෛව ඒකක පෙරහන් කිරීමයි. ඒ සංකල්පය හිතට ගත්තනන් ඇතැම් පූර්වජ විශේෂ වසර මිලියන ගනනක් තිස්සේ නොනැසී සිටින්නේ ඇයි කියන ගැටලුවට පිලිතුරු ලැබෙයි.
පහල ඡායාරූපයේ තියෙන්නෙ ගැටලුව.
පිළිතුර

- මේ ලැබුන ජීවියාට පෙර සිටි විශේෂය කුමක්ද ?
- මේ ලැබුන ජීවියාට පසු සිටි විශේෂය කුමක්ද ?

#DOE
No comments:
Post a Comment