නිල්පාටට පේන්නෙ ෆයිටොප්ලෑන්ක්ටන්ස් එහෙම නැත්තන් ශාඛ ප්ලවාංග රාත්‍රියේදි ජෛවසන්දීප්තතාව දක්වන අයුරු. අප හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් නිපදවන්නේ මේ ශාඛ ප්ලවාංග. පෘථීවිය උණුසම් වීමත් සමඟම ඉහල යන CO2 ප්‍රමාණයත් එක්ක සාගරවාසීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි 'සාගර ආම්ලීකරණය'. ඒ කියන්නෙ සාගර ජලයේ තිබෙන ආම්ලිකතාව ඉහල යෑම. මේකෙන් සිදුවන ප්‍රධාන පහරදීම තමයි සාගර ආහාර ජාලවන මුල් පුරුක්වාසී විශේෂ නශ්ඨවීම. කවචධාරී ක්ශුද්‍ර ජෛව ඒකක වලට ඒ නිසා නොහැකි වෙනවා කැල්සියම් කාබනේට් කවචයන් නිර්මාණය කරගන්න. ඒ වගේම කැල්සියම් කාබනේට් සැකිලි දැනටමත් පවතින විශේෂ වලින් මේ කැල්සියම් කාබනේට් හායනය වීම සිදුවෙනවා.
සාගර ආම්ලීකරණය කියන ගැටලුව ගැන ලංකාව තුල කතා කරන්නෙ නැති තරම්. නමුත් මේ ගැටලුව අතිශයින්ම බරපතල ගැටලුවක්. ඒ නිසාම මේ ගැටලුව හඳුන්වන්නේ ගෝලීය උණුසුමේ නපුරු නිවුන් සොහොයුරිය ලෙස. ඉහතින් සඳහන් කලා වගේ සාගර ආහාර ජාලවල මුල් පුරුක් බිඳ වැටීම ඇරඹෙන විට සමස්ථ ජාලයම බිඳවැටීමේ අවදානම තියෙනවා. ප්‍රතිඵලය තමයි ජීවයෙන් තොර මළ සාගර. ජීවයෙන් තොර සාගර කියන්නෙ ක්‍රමිකව භෞමික පරිසර පද්ධතිවල තුලනයත් බිඳ වැටීම. මේ ක්‍රියාදාමයට වසර මිලියන 250 කට පමණ පෙරදි පෘථෘවිය මුහුණ දෙනවා. ප්‍රතිඵලය තමයි පෘථෘවියේ සමස්ථ ජීවයෙන් 90% නශ්ඨවීම. ඒක අපි හඳුන්වනවා පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම් දාමය ලෙස. දැන් ගැටලුවක් එන්න පුළුවන් මිනිස්සු ජීවත් නොවු එතරම් ඈත යුගයක කොහොමද CO2 ප්‍රතිශතය ඉහල යන්නෙ කියන එක. පිලිතුර තමයි ගිනිකඳු හා යවහල් ක්‍රියාකාරීත්වයෙන් විමෝචිත කාබන් ඩයොක්සයිඩ් පරිමාව ඒ කාලය තුලදි ඉතාමත් අධික වීම.
නැවතත් ශාඛ ප්ලවාංග වෙතට ආවොත් ඔබට වැටහෙනවා ඇති මේ ජීවීන් යම් හෙයකින් නශ්ඨවීමට ලක්වුවහොත් ඔබත් මමත් ඇතුළු භෞමිකවාසී ජීවී ආකාර විශාල ප්‍රමාණයක් ආශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් අහිමිවන බව. මේ ප්‍රාථමික නිශ්පාදකයන් ඉතාමත් ආදි සම්භවයක් ඇති පෘථෘවි වාසීන්. ජෛවසන්දීප්තතාවයෙන් ආලෝකමත් වු වෙරළත් සමඟ ඈතින් දිස්වන ක්ශිරපථය අපට මතක් කරන්නෙ මේ මන්දාකිණිය තුල ජීවය ඇති බවට අප දන්නා එකම ග්‍රහායාගේ නොගිනිය හැකි තරම් කුඩා ජෛව ඒකකයක් පවා සමස්ථ ජීවී පද්ධතියේම පැවැත්ම සඳහා සිදුකරන කාර්යභාරයේ වටිනාකම.
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment