Sunday, November 3, 2019

සවුන්ඩ් මිමිකරි (Sound mimicry)


සමහර කුරුලු විශේෂ ඉන්නවා පරිසරයේ අවට තියෙන හඬවල් සොරකම් කරන්න පුළුවන්. ලංකාවෙ කවුඩු විශේෂ මේක කරනවා. හැබැයි මේ සවුන්ඩ් මිමිකින් වලදි මම වඩාත් ප්‍රිය කරන මිමිකින් විශේෂ දෙකක් ඉන්නවා. පළමුවැන්නා තමයි ස්ටාර්ලිං කුරුල්ලො අනික් විශේෂය ලාර් බර්ඩ්ස් (ලවු බර්ඩ්ස් නෙමේ). ස්ටාලිං කෙනෙක් ටෙලිෆෝන් නාදය ඉතාමත් නිවැරදිව සිදු කරන ශබ්දය අහලා තියෙනවා රැවටිලා තියෙනවා. (විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ වුනාට එයාලගෙ වැඩ එහෙම තමයි) මේ ක්ලිප් එකේ ඉන්නෙ අනිත් හාදයා. ලාර් බර්ඩ් කෙනෙක්. සම්පූර්ණ ක්ලිප් එකේම පහල තියෙන ටයිම් ෆ්‍රෙම් වල ශබ්ද. හෙඩ් සෙට් එකක් දාන් අහන්න.

1.16 - කොකබුරා (එතනදි කොකබුරා කුරුල්ලෙක් රැවටිලා ප්‍රතිචාර දක්වනවා)
1.54 - කැමරා ෂටර් එකක්
2.11 - කැමරා ශටර් එකත් එක් කැමරා මෝටර් එක
2.14 - කාර් අලාර්ම් එකක්
2.31 - කැලේ කපන සද්ද, චේන් සෝ එකක සද්දෙ



(දැන් මෙයාට මේ කාර් එකේ සද්දෙ එන්නෙ කොහෙන්ද කියලත් හොයලා බැලුවා. මේ මවුන්ඩ් එක තියෙන්නෙ පාරක් ලඟට වෙන්නලු.)

100% පර්ෆෙක්ට් සවුන්ඩ් මිමික් විශේෂඥයන් මෙයාලා. තව තැනකදි දැක්කා ලාර් බර්ඩ් කෙනෙක් ලේසර් තුවක්කුවක් මිමික් කරන ශබ්දය. ගැහැණු සතුන් ආකර්ශනය කරගන්න වගේම සතුරන් රවට්ටන්නත් මේ විශේෂ මිමිකින් වල යෙදෙනවා. ස්ටාලිං සහ ලාර් කුරුල්ලන් ඔබට නරඹන්න නොහැකි වුනත් කවුඩන් ලංකාවේ හැම තැනම වගේ ඉන්නවා. ටිකක් අධ්‍යනය කරොත් බලන්න පුළුවන් පූසන්ව එහෙම නොමඟ යවන විදිහ මේ කුරුල්ලො..


Video credit - BBC



#DOE




No comments:

Post a Comment