2019 මැයි මසදී, ෆොසිල විද්‍යා ලෝකය තුල සිදුවු තවත් විශාලතම හඳුන්වා දීමක් තමයි ඇම්බොප්ටෙරික්ස් ලොන්ගිබ්‍රැකියුම් (Ambopteryx longibrachium) නැමැති ඩයිනෝසර විශේෂය. වසර මිලියන 163 කට පමණ පෙර ජුරැසික් අවධියේ චීනයේ විසු මේ සත්වයා ඉතාමත් කුඩා ඩයිනෝසර විශේෂයක්. මේ ෆොසිලයේ වැදගත්කම තමයි ඉදිරි ගාත්‍රා අතර බැඳි පටලයක පිහිටීම පෙන්නුම් කිරීම.
ෆොසිල විද්‍යාඥයන් මෙවැනි ඩයිනෝසර ආකාරයන් හඳුන්වන්නේ 'බැට් වින්ග්ඩ්' ඩයිනෝසරයන් ලෙසයි. ඒ කියන්නෙ වවුලන්ට සමාන පියාපත් ඇති. දැන් මේක පටලවාගන්න එපා, මේ කතා කරන්නෙ ඩයිනෝසරයෙක් ගැන මිසක් ටෙරොසාර් සත්වයෙක් ගැන නෙමේ. ටෙරෝසෝරයන් ගැන දීර්ඝ පැහැදිලි කිරීම් පිටුව තුලින් මම කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රාග්ඓතිහාසික යුගවල සිටි පියාඹන උරගයන්වත් පොදුවේ ඩයිනෝසරයන් ලෙස හැඳින්වුවාට එය සම්පූර්ණයෙන්ම වැරදි භාවිතයක් බවත් ඔවුන් ටෙරෝසෝරයන් මිස ඩයිනෝසරයන් නොවන බවත් කලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ඇම්බොප්ටෙරික්ස් කියන සත්ව විශේෂය වවුළන්ට මෙන් පියාපත් පිහිටියාට ටෙරෝසෝර් කාණ්ඩයට අයත් සත්වයෙක් නෙමෙයි. ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසරයෙක්.
දැන් මේ සොයාගැනීමත් සමඟම බැට් වින්ග්ඩ් ඩයිනෝසරයන් ගනන දෙකක් දක්වා ඉහල යනවා. කලිනුත් 'යී කී' විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බැට් වින්ග්ඩ් ඩයිනෝසරයෙක් හඳුනාගෙන තිබුනා. මේ බැට් වින්ග්ඩ් එහෙම නැත්තන් වවුල් පියාපත් ඇති ඩයිනෝසරයන් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් (Scansoriopterygidae) නැමැති කුලයට තමයි අයත් වන්නෙ. මේ අනුව විද්‍යාඥයන් විශ්වාස කරනවා, අවස්ථා කිහිපයකදිම ඩයිනෝසරයන් පියාසැරිය අත්කරගත් බව. (ආකිඔප්ටෙරෙික්ස් ගනය කියන්නෙ පියාසැරිය අත් කරගත් තවත් ඩයිනෝසර ගනයක් නමුත් ඔවුන්ට තිබුනෙ වවුල් පියාපත් නෙමෙයි පිහාටු)
ඇම්බොප්ටෙරික්ස් ගැන ඉදිරිපත් වන මතය තමයි මේ වවුල් පියාපත් පියෑඹීට වඩා ග්ලයිඩ් (සර්පණය) කිරීමට යොදාගත් බව. එක් උස් ස්ථානයක සිට තවත් ස්ථානයකට පියාපත් විහිදා ගමන් කිරීම තමයි ග්ලයිඩ් කිරීම කියන්නෙ. වර්තමානයේදි ලංකාවේ ජීවත් වන හම්බාවන් විශේෂ දෙක මේ ප්‍රචාරණය යොදා ගන්නවා.
ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසර පියාසැරි පරිණාමික ගමන් මඟ තුල ඉතාමත් සුවිසේශි සංධිස්ථානයක්. ඉදිරියේදි ඇම්බොප්ටෙරික්ස් අයත් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් කුලය ගැනය විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඇම්බොප්ටෙරික්ස් ලොන්ගිබ්‍රැකියුම් ෆොසිලය |
ඉදිරි ගාත්‍රා අතර බැඳි පටලයක පිහිටීම |
ෆොසිල විද්‍යාඥයන් මෙවැනි ඩයිනෝසර ආකාරයන් හඳුන්වන්නේ 'බැට් වින්ග්ඩ්' ඩයිනෝසරයන් ලෙසයි. ඒ කියන්නෙ වවුලන්ට සමාන පියාපත් ඇති. දැන් මේක පටලවාගන්න එපා, මේ කතා කරන්නෙ ඩයිනෝසරයෙක් ගැන මිසක් ටෙරොසාර් සත්වයෙක් ගැන නෙමේ. ටෙරෝසෝරයන් ගැන දීර්ඝ පැහැදිලි කිරීම් පිටුව තුලින් මම කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රාග්ඓතිහාසික යුගවල සිටි පියාඹන උරගයන්වත් පොදුවේ ඩයිනෝසරයන් ලෙස හැඳින්වුවාට එය සම්පූර්ණයෙන්ම වැරදි භාවිතයක් බවත් ඔවුන් ටෙරෝසෝරයන් මිස ඩයිනෝසරයන් නොවන බවත් කලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ඇම්බොප්ටෙරික්ස් කියන සත්ව විශේෂය වවුළන්ට මෙන් පියාපත් පිහිටියාට ටෙරෝසෝර් කාණ්ඩයට අයත් සත්වයෙක් නෙමෙයි. ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසරයෙක්.
බැට් වින්ග්ඩ් - වවුලන්ට සමාන පියාපත් ඇති |
දැන් මේ සොයාගැනීමත් සමඟම බැට් වින්ග්ඩ් ඩයිනෝසරයන් ගනන දෙකක් දක්වා ඉහල යනවා. කලිනුත් 'යී කී' විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බැට් වින්ග්ඩ් ඩයිනෝසරයෙක් හඳුනාගෙන තිබුනා. මේ බැට් වින්ග්ඩ් එහෙම නැත්තන් වවුල් පියාපත් ඇති ඩයිනෝසරයන් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් (Scansoriopterygidae) නැමැති කුලයට තමයි අයත් වන්නෙ. මේ අනුව විද්‍යාඥයන් විශ්වාස කරනවා, අවස්ථා කිහිපයකදිම ඩයිනෝසරයන් පියාසැරිය අත්කරගත් බව. (ආකිඔප්ටෙරෙික්ස් ගනය කියන්නෙ පියාසැරිය අත් කරගත් තවත් ඩයිනෝසර ගනයක් නමුත් ඔවුන්ට තිබුනෙ වවුල් පියාපත් නෙමෙයි පිහාටු)
ඇම්බොප්ටෙරික්ස් ගැන ඉදිරිපත් වන මතය තමයි මේ වවුල් පියාපත් පියෑඹීට වඩා ග්ලයිඩ් (සර්පණය) කිරීමට යොදාගත් බව. එක් උස් ස්ථානයක සිට තවත් ස්ථානයකට පියාපත් විහිදා ගමන් කිරීම තමයි ග්ලයිඩ් කිරීම කියන්නෙ. වර්තමානයේදි ලංකාවේ ජීවත් වන හම්බාවන් විශේෂ දෙක මේ ප්‍රචාරණය යොදා ගන්නවා.
ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසර පියාසැරි පරිණාමික ගමන් මඟ තුල ඉතාමත් සුවිසේශි සංධිස්ථානයක්. ඉදිරියේදි ඇම්බොප්ටෙරික්ස් අයත් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් කුලය ගැනය විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment