Wednesday, November 4, 2020
ලස්කෝ (Lascaux, complex of caves)
ඔටු පරිණාමය (Evolution of Camel)
සර්ප අනුකරණය (Disguised Caterpillar)
පහතින් තියෙන්නෙ සලබ අවස්ථාව. කොතරම් විශාල වෙනසක්ද යන්න ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.
![]() |
සලබ අවස්ථාව |
විෂ නැති සතුන් විෂ සහිත සතුන්ව අනුකරණය කිරීමෙන් පැවැත්ම රැගකන්න උදාහරණ අතරින් ඉතාමත් අපූරු අවස්ථාවක් තමයි elephant hawk සලබයාගෙ දළඹු අවස්ථාව.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස් (Red-shanked Douc)
Monday, November 2, 2020
කැසොවරි බිත්තර (Cassowary Eggs)
කැසොවරිලා අයත් වන්නෙ Struthioniformes ගෝත්‍රයට. ව්‍යවහාරිකව මේ අයට ratites කියලත් භාවිතා කරනවා. Ratites කණ්ඩායමට අයත් අනෙක් සාමාජිකයන් තමයි පැස්බරුන්, කිවි, රියා, එමූ වැනි පක්ශි විශේෂ. Ratites ලට පියාසැරිය සඳහා ආධාරවන මාංශපේෂින් සවිවන keel bone අස්ථිය පිහිටන්නෙ නැහැ.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
මුහුදු මකරුන් (Seadragons)
සී ඩ්‍රැගන්ස්ලා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ දකුණු සහ බටහිර වෙරළ තීරයට ආසන්න සාගරයේ. මුහුදු අශ්වයන්ට වඩා මඳක් විශාලත්වයෙන් වැඩෙන මේ සත්වයින් සෙන්ටිමීටර 20 -24 පමණ ප්‍රමාණයකට වැඩෙනවා. කුඩා ප්ලවාංග, ක්රස්ටේසියාවන් ආදිය ආහාරයට ගන්න මේ සත්වයින්ගෙ ශරීරයේ විවිධ හැඩතල වලින් යුත් පත්‍ර වැනි උපාංග පිහිටනවා. මේ උපාංග වේශාන්තරණය සඳහා උපකාරී වෙනවා. ජලයේ පාවී යන විට මේ සත්වයාව මුහුදු පැලෑටි කොටසක් මෙන් දිස්වෙන ලෙස මේ වේශාන්තරණය ක්‍රියාකරනවා.
සී ඩ්‍රැගන්ස්ලා කියන්නෙ ඉතාමත් වර්ණවත් අලංකාර මත්ස්‍යන්. විවිධ වර්ණ සංකලන සහිත විශේෂ ගනනාවක් දකින්න පුළුවන්.
පහත ඡායාරූපවල ඉන්නෙ විශේෂ කිහිපයක්.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ලෝකයේ විශාලතම දූපත් 100 (The World’s 100 Largest Islands)
දන්න අඳුරන ඒවා කීයක් තියෙනවාද බලන්න.
#DOE
ස්පයිඩර් ක්රෑබ් (Spider Crab)
කුණු පැන්ඩා (Trash Panda)
මේ විහිළුකාරයන් සොරකම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම් ආදී දාමරික මගෝඩි ක්‍රියාවන් වලට චෝදනා ලබන වාර අනන්තයි. ඒ අතිරින් විවිධ අසාමාන්‍ය වැඩත් කරනවා. පහුගිය කාලේ එක් වාර්තාවක් තිබ්බා ඇලිගේටර් කිඹුලෙකුගෙ පිට උඩ නැගලා ගඟක් තරණය කරපු අවස්ථාවක්. මේ පහත ඡායාරූපවල තියෙන්නෙ ටෙක්සාස් වලින් වාර්තා වෙන සිද්ධියක්. රාත්‍රියේදි කැමරා ට්‍රැප් එහෙකට හසුව තිබෙන්නෙ හැවලීනා සත්වයෙකුගෙ පිටේ නැග ගමන් කරන රැකූන් සතෙකුගෙ රූප රාමු. හැවලීනා කියන්නෙ වල් ඌරන්ට සමාන ඇමරිකානු මහද්වීපය තුල සිටින විශේෂයක්. කෙසේ හෝ හැවලීනා සත්වයෙකුගෙ පිට උඩට නැගගෙන සිටින මේ රැකූන් ඉතාමත් සුවපහසු විදිහට වාඩිවෙලත් ගමන් කරනවා.
සත්වයන් සමඟ කටයුතු කරන, මේ විෂය ක්ශේත්‍රයේ ඉන්න ඇ.එ.ජ වෙසෙන මිතුරන් කිහිප දෙනෙක් ට්‍රෑශ් පැන්ඩා යන යෙදුම සත්වයෙකුට භාවිතා කරනු ඇසීමෙන් ඒ මොන ජාතියේ සත්වයෙක්ද යන්න සොයා බැලුවිට දැනගන්න ලැබුනෙ රෑකූන්ලාට ඔවුන් මේ නම භාවිතා කරන බවයි. Trash panda කියන්නෙ කුණු පැන්ඩා. කුණු බාල්දිවලම රිංගන නිසා මේ නමින් ඔවුන්ව දැන් ආමන්ත්‍රණය කරන්නෙ.
(Images via all things Texas)
Sunday, November 1, 2020
හිතවත්කම (Old Friends)
බාහිර ව්‍යුහාත්මකව ගත්තම එකවර ඉතාමත් දැඩි වෙනස්කම්සේ දිස්වන ලක්ෂණත්, භාෂාවක් භාවිතයත් නිසා මානව සහ චිම්ප් සංසන්දනය විෂය ක්ශේත්‍රයෙන් පිටත කෙනෙකුට ඉතාමත් විශාල වෙනස්කම්සේ දිස්වුනාට මේ සත්වයින්ව සමීපව අධ්‍යනය කරන්නෙකුට හෝ මොවුන්ව රැක බලා ගන්න පුද්ගලයෙකුට මේ වෙනස්කම් කොතරම්නම් නොගිනිය හැකි තරම්ද යන්න වැටහෙනවා. ඔවුන්ගෙ සිතීමේ රටාවන්, දේශපාලනය, දරුවන් රැකබලා ගැනීම, ආයුධ භාවිතය, සංස්කෘතික ලක්ෂණ (මේවා කණ්ඩායමෙන් කණ්ඩායමට අනන්‍යයයි)
පහත රූප රාමුවල තිබෙන්නේ වයස අවුරුදු 59 පමණ මහළු චිම්ප් ගැහැණු සත්වයෙක් ඇයගේ ජීවිතයේ අවසන් මොහොතට ලඟා වෙමින් සිටින විට වසර ගනනාවක් ඇයව රැක බලාගත් පශු වෛද්‍ය මහාචාර්යවරයා ඇයව බලන්නට පැමිණි විට ප්‍රතිචාර දක්වන ආකාරය. ටික වේලාවක් ගතවන තෙක් ඔහුව හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙන්නෙ ඇයගෙ මහළු වයසත් සමඟ ඇතිව තිබෙන සංවේදන අපහසුතා නිසා. නමුත් හඳුනාගත් සැනින් කොතරම් අපහසුවෙන් සිටියත් ඇයගේ ප්‍රීතියත්, ඇය අපහසුවෙන් හෝ මඳක් නැගිට ඔහුගේ හිස පිරිමදින ආකාරයත් බලන්න. ඔස්ටියොආතරයිටීස් රෝගයකින් පීඩා විඳින ඇයට ඇඟිලි දිග හැරීමට නැවීමට එතරම් නොහැකි වුනත් පිට අල්ලෙන් සිය හිතවතාගෙ හිස පිරිමදිමින් ප්‍රතිචාර දක්වනවා. පෙනුම මඳක් අමතක කොට මහළු ඥාතියෙකු තමන්ට සමීප හිතවතෙක් හඳුනාගත් විට දක්වන ප්‍රතිචාරයට කොතරම් සමානද යන්න ඔබට දිස්වනු ඇත.
මේ සත්වයන්ට මනුෂ්‍යන්ට වැලඳෙන රෝගාබාධ එලෙසින්ම වැලඳෙනවා. සත්වොද්‍යානවල ඔවුනට කෑම දමන්න එපා කියන්න එක් හේතුවක් තමයි පිටතින් පැමිණෙන මනුෂ්‍යන්ගෙන් ඔවුනට කෑම හරහා ඒ රෝගාබාධ සම්ප්‍රෙෂණය වීමට ඇති අවකාශය වැලැක්වීමට.
ඔබ පරිණාමය පිලිගන්නා හෝ නොපිලිගන්නා අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යම් හෙයකින් සත්වොද්‍යානවලට යනවානම් මේ සතුනට හිමි ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න, අදාල නීති අනුව හැසිරෙන්න. ඒවා ගැන අන් අයවත් දැනුවත් කරන්න.
අන්තර් විශේෂ සහයෝගීතාව (Unusual Friendship)
උතුරු අර්ධගෝලයේ පැතිරී තිබෙන සෞම්‍ය කලාපික වනාන්තරත් ඊටත් ඉහල අක්ෂාංශ කරා දිවෙන තුන්ද්‍රා භූමි තුලත් ආහාර දාමයන්ගෙ ඉහල පුරුක් වල සිටින සුපිරි විලෝපිකයක් දෙදෙනෙක් වර්තමානයේදි දකින්න පුළුවන්. ඒ තමයි වලසුන් සහ අළු වෘකයන්. මේ සත්ව විශේෂ වල හැසිරීම එකිනෙකට සම්පූර්ණ වෙනස්. වලසුන් තනිව ජීවත්වන අතරේ (solitary species) වෘකයන් රංචු වශයෙන් සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබෙන සතුන්. ඒ වගේම මේ සත්ව විශේෂ දෙක ස්වාභාවික සතුරන්. වලසුන් වෘකයන්ගෙ ගොදුරුත්, වලසුන්ගෙ ගොදුරු වෘකයන් විසිනුත් පැහැරැ ගැනීම සිදුවෙනවා. එකම පාරිසරික නිකේතනයක එහෙම නැත්තන් නිච් එහෙක එකම ගොදුරු සඳහා තරඟයේ යෙදෙන විශේෂ දෙකක් නිසා මේ ස්වාභාවික එදිරිවාදිකම ටිකක් බරපතල ආකාරයෙන් තිබෙන විශේෂ දෙකක්.
2013 වර්ශයේදි ෆින්ලන්ත ඡායාරූප ශිල්පියෙකුට අපුරු දසුනක් දක්නට ලැබෙනවා මේ වනාන්තර තුල. ඒ තමයි අළු වෘක ධේනුවක් සහ දුඹුරු වලසකු අතර ගොඩනැගී තිබෙන මිත්‍රත්වය. සතුරු විශේෂ දෙකක් අතර මේ අන්තර් විශේෂ සබඳතාව අතිශයින්ම දුර්ලභ මෙන්ම ඉතාමත් සිත්ගන්නාසුළු සිදුවීමක්. මොවුන් දෙදෙනා එක්ව දඩයම් කිරීම, දඩයම් බෙදා ගැනීම, සෙල්ලම් කිරීම ආදී කටයුතු වල යෙදෙන ආකාරය මේ ඡායාරූප ශිල්පියා විසින් සිය කාචයට හසුකරගෙන ලෝකයා හමුවේ තැබුවා.
පහත තිබෙන්නේ ඒ ඡායාරූප කිහිපයක්.මේ සහයෝගීතාව තුලින් මොවුන් දෙදෙනාම වාසිදායක තත්වයකය පත්වුන බව සත්ව විද්‍යඥයන්ගෙ අදහස. වනය තුල අතිශයින්ම සතුරු විශේෂ දෙකක් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්.
Thursday, October 29, 2020
කුඩාම වඳුරන් (Smallest Monkey in the world)
පිග්මි මාර්මොසෙට් (Cebuella pygmaea) නමින් හඳුන්වන මේ විශේෂයේ
සම්පූර්ණයෙන් වැඩුනු සත්වයෙකුගෙ බර ග්‍රෑම් 100 ක් පමණ, ශරීර ප්‍රමාණය
උපරිම අඟල් 6 පමණ. ඇමසන්වාසී මේ විශේෂය ආහාරයට ගන්නෙ විවිධ ශාඛවල ලාටු,
පරාග, රොන් සහ කෘමීන් ආදිය.
![]() |
පිග්මි මාර්මොසෙට් |
පිග්මි මාර්මොසෙට්ලාට තිබෙන විශාලතම තර්ජනය තමයි සුරතල් සතුන් ලෙස විකිණිම. ඒකට හේතුව හිතාගන්න පුළුවන් ඉහත ඡායාරූප වලින්.
කුහුඹුවකුගෙ හිස (Ant head through a microscope)
කුහුඹුවකුගෙ හිසේ සමීප ඡායාරූපයක්
සමනලුන්,කුහුඹුවන් සහ බැටලුවන් (Butterflies, Ants and Sheeps)
ලාර්ජ් බ්ලු (large blue) විද්‍යාත්මකව (Phengaris arion) නමින් හඳුන්වන සමනල් විශේෂය කියන්නෙ බ්‍රිතාන්‍ය තුල අතිශයින්ම දුර්ලභ සමනල් විශේෂයක්. ලාර්ජ් බ්ලු සමනලුන්ව මුල් වරට හඳුනාගන්නෙ 1758 වර්ශයේදි. වර්තමානයේදි යුරෝපයේ කොකැසස් කලාපය දක්වා මොවුන්ගෙ විහිදීම දකින්න පුළුවන් වුනාට බ්‍රිතාන්‍ය තුල 1979 දී පමණ වඳව ගිය විශේෂයක් ලෙස නම් කරන්නෙ. නැවත බ්‍රිතාන්‍යට හඳුන්වා දුන් පසුව යම් සාර්ථකත්වයක් සහිතව මේ සමනලුන් පැතිර තිබුනත් තවමත් IUCN රතු දත්ත වාර්තාවල මොවුන්ව ගොනු කරන්නෙ වඳව යෑමට ආසන්න විශේෂයක් ලෙස.
![]() |
ලාරජ් බ්ලු සමනලයා |
එතැන් පටන් එළඹෙන්නෙ ඔස්කාර් සම්මානයක් ලැබිය හැකි රඟපෑමක්. මේ ලාර්ජ් බ්ලු දළඹුවන් Myrmica කුහූඹුවන්ගෙ පිලා අවස්ථාව අනුකරණය කරමින් රඟපෑමක යෙදෙනවා. පෙනුමෙන් වගේම සුවඳින් පවා ලාර්ජ් බ්ලු දළඹුවන් හැසිරෙන්නෙ Myrmica කුහුඹු පිලවුන් ලෙස. ඒ වගේම ශබ්ද නැගීමකුත් සිදුකරනවා. මේ රඟපෑමට අවට සිටින Myrmica කුහුඹු කම්කරුවන් රැවටීමට ලක්වෙනවා. ප්‍රතිඵලය තමයි කුහුඹු කැදැල්ල වෙත දළඹුවාව ඔසවාගෙන යෑම.
![]() |
දළඹුවා සහ myrmica කුහුඹුවන් |
කුහුඹු කැදැල්ල තුලදි දළඹුවා ගත කරන්නෙ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක්. Myrmica කුහුඹු පිලවුන් ආහාරයට ගැනීම වගේම Myrmica කුහුඹුවන් ලෙස රඟපාමින් කුහුඹුවන්ගෙන් පෝශණය ලැබීම ආදිය සිදුකරගෙන වැඩෙන ලාර්ජ් බ්ලු පසුව සමනලයෙකු ලෙස පිටව යනවා.
ලාර්ජ් බ්ලුලාගෙ සාර්ථකත්වය තවත් එක් සාධකයක් මත රඳා පවතිනවා. ඒ තමයි බැටලුවන් සහ ගවයන්. බ්‍රිතාන්‍ය තෘණ බිම් තුල තමයි ලාර්ජ් බ්ලුලා යැපෙන Myrmica කුහුඹුවන් ජීවත් වන්නේ. මේ කුහුඹුවන්ට ජීවත් වීම සඳහා තෘණ ඉතාමත් කෙටිව පැවතීම අනිවාර්ය සාධකයක්. එහෙම නැතිවුනොත් ඔවුන් එතනින් වෙනත් ස්ථාන කරා ඇදෙනවා. ස්වාභාවධර්මය තුල මේ තණකොල කෙටිව තබා ගැනීමේ යාන්ත්‍රණය තමයි බැටලුවන් සහ ගවයන්.
ඔබට පේනවා ඇති එකිනෙකට කිසිම සබඳතාවක් නොමැති සත්ව විශේෂ ත්‍රිත්වයක අන්තර් සබඳතාව. එක් සාධකයක් මේ රාමුව තුලින් ඉවත් කරොත් දාමය බිඳ වැටීම සිදුවෙනවා. මේ සංකීර්ණ සබඳතා ජාලයක් මත තමයි පරිසර පද්ධතියක පැවැත්ම රඳා පවතින්නෙ.
'පරිසරය සුරකිමු' යන වචනවලට එහා ගිය පරිසරය පිළිබඳව හැඟීමක් සහ ඒවා රැකගත යුතු ආකාරය ගැන සබුද්ධික ලෙස සිතීමට හැකියාව ලැබීමට මේ සියුම් සබඳතා ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේත් නැතහොත් සිදුවන්නෙ save..... , protect.... , ආදි හිස්තැන් පිරවීමට නිරන්තරයෙන් වචන සොයාගැනීමේ අරගලයක යෙදීම විනා සැබෑ පරිසරය සුරකීමක් අහලකටවත් යෑමට නොහැකි වීමයි.
ඉක්තියෝසෝරයන් (Ichthyosaurus)
ඉක්තියෝසෝර් ලෙස හඳුන්වන්නෙ ඉක්තායෝසෝරියා/ඉක්තියොප්ටෙරිජියා ගෝත්‍රයට අයත් ජලජ උරගයන් විශේෂයකට. ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1840 දි පමණ මේ ගෝත්‍ර නාමය හඳුන්වා දෙන්නෙ 'මත්ස්‍ය වරල් සහිත' යන අර්ථයෙන්. ට්‍රියැසික් මුල් යුගයේ සිය ක්‍රිටැසියස් අවධිය තෙක්ම සාගර තුල අණසක පැතිරවු ජීවි කාණ්ඩයක් තමයි මේ ඉක්තියෝසෝරියාවන්. ඒ කියන්නෙ ඩයිනෝසරයන් භෞමික පරිසර තුල ප්‍රචලිත වනවිට ජලජ පරිසර තුලට හැඩගැසුනු උරග කාණ්ඩයක් තමයි ඉක්තියෝසෝරයන්. ට්‍ර්යැසිකයේ සිට ක්‍රිටැසියස් දක්වා වසර මිලියන 160 කාල පරාසයක් මේ සත්වයන් මිහිමත වාසය කරනවා. මේ කාල පරාසය කොතරම් විශාලද යන්න හිතාගන්න පුළුවන් එක් නිර්නායකයක් තමයි ඩයිනෝසරයන් වඳව ගොස් තවමත් ගතව ඇත්තෙ වසර මිලියන 65 ක් යන්න.
![]() |
විවිධ ඉක්තියෝසෝර් විශේෂ |
ඉක්තියෝසෝරයන් ට්‍රියැසික් සහ ජුරැසික් මුල් භාගයට වන්නට සාගර ආහාර දාමයන්ගෙ සුපිරි විලෝපිකයන් ලෙස වැජඹුනත් පසුව පරිණාමය වන තවත් ජලජ උරගයන් කාණ්ඩයක් වන ප්ලෙසියොසෝරියාවන් හමුවෙ පසු බැසීමට ලක්වනවා. වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් සාගරයන්හී ඔක්සිජන් ඌණ වීමේ සංසිද්ධියක් ඇතිවනවා (ඇස්ටරොයිඩ ඝට්ටනයට ප්‍රථම). ඒත් සමඟම විශාල සාගර ජීවීන් ප්‍රමාණයක් නශ්ඨ වීම සිදුවෙනවා. ඉක්තියෝසෝරයන්ගෙ අවසානය සනිටුහන් වන්නෙත් මේ නශ්ඨවීම් සංසිද්ධියේදි.
ඉක්තියෝසෝර් ෆොසිල අධ්‍යනය ඉතාමත් සිත්ගන්නාසුළු ක්රියාවලිවක්. පෙනුමෙන් ඩොල්ෆිනයකු මෙන් දිස්වුනාට අභ්‍යන්තර සැකිල්ල, අස්ථි පිහිටීම ආදිය පෙන්නුම් කරන්නෙ ජලජ ජිවිතයට හැඩගැසුනු උරගයෙකුගෙ සැකිල්ල. පාර්ශ්වීක වරල් පෘශ්ඨීය වරල් ආදිය භෞමික පරිසරයෙන් ක්‍රමිකව ජලජ තත්වයනට හැඩ ගැසීමේදි අනුවර්තනය වී ඇති ආකාරය මනා ලෙස පෙන්නුම් කරනවා.
![]() |
බ්රෙවිෆෙමොරැලිස් ෆොසිලයක් |
අන්දරේ සහ කලු කුකුලන් (Black roosters and Andare, the court jester)
වර්ණ රටාවෙන් කලු වර්ණයෙන් යුත් පියාපත් ඇති කුකුළන් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ පියාපත් වර්ණය අභිබවා යමින් සම, මස්, කරමලය, දිව සහ අස්ථි පවා තද කළු පැහැයෙන් යුත් කුකුළන් ප්‍රභේද ලෝකෙ විවිධ රටවල ජීවත් වෙනවා. ඉතාමත් මෑතකදි ප්‍රකාශයට පත්වුන වාර්තාවක සඳහන් වෙන්නෙ මේ ආකාරයේ ප්‍රභේද හතරක් ජීවත් වන බවයි.
ඉන්දුනිසියාවෙන් වාර්තා වෙන අයාම් සීමානි ප්‍රභේදය මේ අතරින් කළු වර්ණය අධිකම ප්‍රභේදයක්. මේ කුකුලන්ගෙ මාංශය කළු තින්ත භාජනයක දමා ගත්තාක් මෙන් දිස්වෙන බවයි පැවසෙන්නෙ. සිල්කි ප්‍රභේදය, වියට්නාමයේ හ්මොන්ග් ප්‍රභේදය සහ ස්වීඩනයේ ස්වර්තෝනා ප්‍රභේදය තමයි මෙලෙස හඳුනාගෙන තිබෙන ප්‍රභේද හතර. මේ කලු වර්ණයට හේතුවෙන ජානමය තත්වය නම් කරන්නෙ ෆිබ්රෝමෙලනොසිස් (fibromelanosis) ලෙස.
ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ පර්යේෂකයන් සඳහන් කරන්නෙ මේ තත්වය ඇතිවෙන්න ජීනෝමය ඉතාමත් සංකීර්ණ ප්රතිසංවිධානයකට ලක්වීම සිදුව ඇති බවයි. ඒ වගේම මේ පර්යේෂකයන් සඳහන් කරන තවත් සිත්ගන්නාසුළු කාරණයක් තමයි මේ ජාන විකෘතිය දරන සියලුම ප්‍රභේද වසර දහස් ගනනකට පෙර එක් තනි පූර්වජයෙකුගෙන් පැවතෙන බව. තවත් සරල කරොත් මේ කතාව වසර දහස් ගනනකට පෙරදි එක්තරා කුකුළෙක් මේ ජාන විකෘතිය සමඟ උපදිනවා. ඒ කුකුළගෙන් තමයි අද ලෝකයේ fibromelanosis තත්වය රැගෙන යන සියළු කුකුළන් ඇතිව තිබෙන්නේ.
![]() |
කලු කුකුළා |
සියළුම පෘශ්ඨවංශික විශේෂ සතුව තිබෙනවා ජානයක් Endothelin 3 (EDN3) නමින් හඳුන්වන. EDN 3 ජානයෙන් සිදු වෙන්නෙ තවත් බොහෝ දේවල් එක්ක සමේ වර්ණය තීරණය කිරීම (ජාන කියන්නෙ එක කෘත්‍යක් ඉටු කරන දේවල් නෙමේ, කෘත්‍යන් රාශියකට හේතු පාදක වෙන පැකේජ් එකක් වෙන්න පුළුවන්). කුකුළෙක් ක්‍රමයෙන් වැඩෙද්දි සමේ සහ පිහාටු නිර්මාණයවන ෆොලිකල් ආදියේ තිබෙන මේ EDN 3 විසින් සක්‍රිය කරනවා මෙලනොබ්ලාස්ට් (melanoblast) කළු වර්ණය තීරණය කරන. කළු පාට පිහාටු ආදිය ඇතිවෙන්නෙ එහෙම.
නමුත් fibromelanosis තත්වයේ කුකුළෙක්ගෙ සමේ පමණක් නොව ශරීරයේ සියළු සෛල සතු EDN 3 මඟින් මෙලනෝබ්ලාස්ට් සක්‍රිය කිරීම සිදුවෙනවා. ප්‍රතිඵලය කළු පැහැති මාංශපේෂි, අස්ථි, සහිත කළු කුකුලෙක්.
දැන් මේ ජාන විකෘතිය නිසා කුකුළන්ට කිසිම හානියක් හෝ රෝගී තත්වයක් ඇතිවන්නේ නෑ. එකම වෙනස කලු පැහැය. මේ කලු කුකුළු මස් රසින් සහ ගුණයෙන් වැඩි බවට විශ්වාසයන් පවතිනවා. ඖෂධීය වටිනාකමක් මේවාට ලබා දී තිබෙනවා.
1298 දක්වා පැරණි මාර්කෝ පෝලෝගෙ වාර්තාවල කලු කුකුළන් ගැන සඳහන් වෙනවා. පැරණි චින අධිරාජ්‍ය වාර්තා මේවා ගැන සඳහන් කරනවා. ඈති යුගවල යම් කාලයකදි තනි කුකුලෙකුගෙන් ඇතිවු මේ ජාන විකෘතිය ගිණිකොණදිග ආසියාතික රටවලත්, ස්වීඩනය වැනි ස්කැන්ඩික් ප්‍රදේශවලටත් ගිය ආකාරය ඉතාමත් ආකර්ශනීය ගැටලුවක් වගේම මිනිස් වර්ගයාගෙ සංක්‍රමණ, ආක්‍රමණ, සංස්කෘතික හුවමාරුන් ගැන ඉඟි පලකරන්නක්.
දැන් කතාව මෙහෙම තියෙද්දි කලු කුකුලන් සහ අන්දරේ කතාව එලියට ආවේ කොහොමද ? මීට වසර කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනයකදි ජගත් ගුණවර්ධන සර් ලංකාවට ආවේණික ගොවිපල සතුන් ප්‍රභේද කිහිපයක් ගැන කතා කරද්දි නැගෙනහිර පළාතේ සහ ඇතැම් ප්‍රදේශවල කලු කුකුළු මස් ඉතාමත් දුලභ ලෙස දකින්නට ඇති බව සඳහනක් සිදුකලා. ප්‍රභේදයක් ලෙස ප්‍රචලිතව නොතිබුනත් ලංකාවය ආවේණික කලු කුකුලන් සිටිනවා යන්න එයින් දැනගත හැකි වු කාරණයක්. මේ ප්‍රභේද වර්තමානයේදි ඉන්නවාද නැත්තන් සම්පූර්ණයෙන්ම අපට අහිමි වෙලාද කියන්න නොදනිමි. නමුත් fibromelanosis තත්වය ගැන දැනගැනීමෙන් පසු ජගත් සර්ගෙ කලු කුකුලන් කතාව නැවත ආවර්ජන කිරීමේදි ජනප්රවාදයේ එන අන්දරේ සහ කලු කුකුලු මස් කතාව සර් මතක් කරා. දේශිය ගොවිපල කර්මාන්තය තුල ආවේණික කලු කුකුලන් ප්‍රභේදයක් අපටත් සිටින්න ඇති බවට මෙය ඉඟි පලකරන්නක්.
ඇත්තටම එහෙම ආවේණික ප්‍රභේදයක් හිටියද ? ඉන්නවද ? ඉන්නවා නම් ලක්ෂණ මොනවාද ? එහෙමනම් ඒත් මේ fibromelanosis ජානමය තත්වයද ? ජාත්‍යන්තර පර්යේෂකයන්ට මඟහැරුන තවත් එක් ප්‍රභේදයක්ද ? මේවා පර්යේෂණ ගැටලු. ශාඛ්යතාවක් තිබෙන අයට මේවා ගැන පර්යේෂණ සිදුකරන්න පුළුවන්. විද්‍යාත්මක විනයක් ඇතිව එලෙස පර්යේෂණ සිදුකර ඇත්නම් හෝ ඉදිරියේදි සිදුකරනවානම් ඒවායේ ප්‍රකාශිත ප්‍රතිඵල #DOE එකටත් කියන්න. 😊
Sunday, October 25, 2020
Battle at Big Rock
(නසුටොසෙරටොප්ස් සහ ඇලෝසෝරස් ගැන ඉදිරියේදි පිටුව තුලින් කතා කරමු)
පහත තියෙන්නෙ මේ කෙටි චිත්‍රපටය. අවසන් වන තෙක්ම බලන්න. 🦖
Directed by #ColinTrevorrow
Written by #EmilyCarmichael
Studio #UniversalStudios & #AmblinEntertainment
#DOE
Saturday, October 24, 2020
ළදරු ඝාතනය (Infanticide)
(Image credit - Adrian Hirschi)
#DOE
මී මැස්සන්, පිළිකා සහ ත්‍රස්තවාදය වැලැක්වීම (Bees; to detect Cancers, Drugs and Explosives)
![]() |
මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණය |
මෙහිදි ඇත්තටම සිදුවන්නෙ ආශ්වාස වාතයේ ඇතැම් ඉතා සියුම් ගන්ධයන් හඳුනා ගැනීමට මී මැස්සන් පෙර පුහුණු කර තිබීම. Apis millifera වැනි මී මැසි විශේෂ මේ සඳහා පුහුණු කිරීම සිදුකල හැකි බව විද්‍යඥයන් ප්‍රකාශ කරනවා. ක්ශය රෝගය, පෙනහලු පිළිකා, චර්ම පිළිකා වැනි තත්වයන්ට අදාල ජෛව සංවේදි රසායනික තත්වයන් හඳුනා ගැනීමට මී මැස්සන් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා.
රෝග පමණක් නොව පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය හඳුනා ගැනීම සඳහාත් මී මැස්සන් උපයෝගි කරගැනීමේ පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. විනාඩි 10 වැනි කාලයක් තුල මී මැස්සක් ඕනෑම ගන්ධයක් හඳුනා ගැනීම සඳහා පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාල ගන්ධය සමඟ සීනි සහ ජලය සහිත ද්‍රාවණයක් ලබා දීම තුල මී මැස්සන් මෙලෙස පුහුණු කිරීමේ කාර්ය සිදුවෙනවා.
ටීරා (Tira)
2019 සැප්තැම්බරයේදී අප්‍රිකානු මසායි මාරාවෙන් වාර්තා වුන අපූරු සිද්ධියක් තමයි ටීරා. ටීරා කියන්නෙ ස්‍රීබ්‍රාවෙක්. නමුත් ඔබ සාමාන්‍යයෙන් දකින සුදු සහ කළු පටි ආකාර වර්ණ රටාවන් වෙනුවට අඳුරු පැහැති පසුබිමක සුදු තිත් තිබෙන සීබ්‍රාවෙක්.
![]() |
ටීරා |
ටීරාගෙ මේ තත්වයට හේතුවෙන්නෙත් මෙලනින් වර්ණකය හා සබැඳි ජානවල හැසිරීම. අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක් වගේම අධ්‍යනය සඳහා නව මානයක් මේ සමඟ විවෘතවී තිබෙනවා. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පිහිටන වර්ණ රටාවක් ලෙස සාමාන්‍යය සුදු සහ කළු රටාව බහුතර විද්වතුන් පිලිගත්තත් ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර කොපමණ කාලයක් දිවි රැකගනීද යන්නට ගැටලුවක්.
![]() |
ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර |
පිටසක්වල ජීවීන් විසින් තැනු ප්‍රතිමා ? (Who built these statues? Aliens?)
මිනිස් වර්ගයාගෙ දහඩිය මහන්සියෙන් චිත්ත ධෛර්ය සහ සිතීමේ හැකියාව තුලින් බිහිවන විශ්වකර්ම නිර්මාණ පිටසක්වල ජීවයකට ඈඳිමෙන් සිදුකරන හානිය සුළුපටු නෑ. මේ නිර්මාණ මිනිස් ශ්‍රමය තුලින් බිහිවුන ආකාරය සොයා බලනවා වෙනුවට බොහෝ දෙනා යොමුවන්නේ ඒවාට අභිරහස් මුහුණුවරක් ලබාදී ප්‍රචලිත කිරීමට.
රැපානූයි ජනතාව පලමු වරට බටහිර විද්‍යාඥයන්ට නිරාවරණය වන විට මේ ප්රතිමාවල ඉතිහාසය ඔවුන්ගෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ ප්‍රතිමා ඔවුන් ඇවිද්දවු බවයි. පරම්පරා ගනනාවන සිට යටගිය දැනුම තුලින් ඔවුන්ගෙ නුතන පරම්පරා දැන සිටින්නේ ඒ කතාව පමණයි. "අපේ මුතුන් මිත්තන් මේ ප්‍රතිමා ඇවිද්දෙව්වා" යැයි පැවසිම තුල ගුප්ත බවක් රැඳි තිබෙන නිසාම ඒවා පසෙක දැමීමට බොහෝ දෙනා එකල යුහුසුළු වූවත් ඇවිද්දවීමෙන් මොආයි මොඩලයේ ප්‍රතිමාවක් තැනින් තැනට ගෙන යා හැකි ආකාරය ඔබට පහත වීඩියොවෙන් නරඹන්න පුළුවන්.
ඉතාමත් සරළ තාක්ෂණයක් සහ මිනිස් බලය උපයෝගි කරගනිමින් ටොන් ගනනක ප්‍රතිමාවක් ඇවිද්දවන ආකාරය තුල තිබෙන්නෙ පිටසක්වල තාක්ෂණයක් නොව මිනිස් වර්ගයා සතුව පවතින බුද්ධියයි.
වර්තමාන පරම්පරා අතිශයින්ම තාක්ෂණික ලෙස දියුණු උපකරන මත යැපෙමින් සියළු කාරණා ඉතාමත් පහසුවෙන් කරගත්තාට අනාදිමත් කාලයක සිට බොහෝ දේ සිදු කිරීමට විකල්ප ක්‍රමවේද සහ දැනුම සතු ගුරු පරම්පරාවන් සෑම ජාතියක් සතුවම පැවත තිබෙනවා. ඒ නිසා තමන් සතු බුද්ධියට ග්‍රහණය කර ගැනීමට නොහැකි යමක් පැවතුන පලියට ඒවාට පිටසක්වල තාක්ෂණයන් ඈඳිමේ මන්දබුද්ධික ක්‍රියාව සිදු නොකරන්න. මේක ලංකාවේ බොහෝ පෞරාණික නිර්මාණ සම්බන්දයෙනුත් පොදු කාරණයක්. පිටසක්වල ජීවය නොව තමන්ගෙම ආදීතමයන්ගෙ බුද්ධි මහිමයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට වග බලාගන්න.
(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ග්‍රිස්ලී පාදය (Grizzly Bear foot)
![]() |
ග්‍රිස්ලී පාදය |
ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩා ප්‍රදේශවල කෑම්පින්, හයිකින් වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් නිරන්තරයෙන් ග්‍රිස්ලී වලස් ප්‍රහාරවලට නතු වෙනවා. මේ ප්‍රහාර වලින් 70% පමණ සිදුවෙන්නෙ වසන්ත සෘතුව තුල පැටවුන් සමඟ සංක්‍රමණය වන මව් වලසුන් මුණගැසීම සහ මිනිසුන් ගෙන යන ආහාර වලට වලසුන් ආකර්ශනය වීම. කෙසේ වෙතත් ග්‍රිස්ලී වලස් ප්‍රහාරයක් කියන්නෙ දැඩි ජීවිතාවදානමක් ඇති දෙයක් බව ඔබට මේ ඡායාරූපයෙන්ම වටහාගන්න පුළුවන්.