වරක් කුඹුරක් මැද ඇති ගලක් ඉවත් කිරීමටනන් දින ගනනාවක් යනතෙක් කලු කුකුල් මස්, කිනිතයා මැල්ලුම් සමඟ හීනටී හාලේ බත් තමාට ලබාදෙන ලෙස අන්දරේ ඉල්ලීමක් කරනවා. ජනප්‍රවාදයේ එන අන්දරේගෙ මේ කතාව ජගත් ගුණවර්ධන සර් මතක් කරලා දුන්නෙ සර්ගෙන් ලඟදි අහපු ප්‍රශ්නෙකට පිළිතුරක් විදිහට. මේ කතාව ලියලා තියන්න කියලා සර් කියපු නිසා අද සටහන කලු කුකුලන් ගැන.
වර්ණ රටාවෙන් කලු වර්ණයෙන් යුත් පියාපත් ඇති කුකුළන් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ පියාපත් වර්ණය අභිබවා යමින් සම, මස්, කරමලය, දිව සහ අස්ථි පවා තද කළු පැහැයෙන් යුත් කුකුළන් ප්‍රභේද ලෝකෙ විවිධ රටවල ජීවත් වෙනවා. ඉතාමත් මෑතකදි ප්‍රකාශයට පත්වුන වාර්තාවක සඳහන් වෙන්නෙ මේ ආකාරයේ ප්‍රභේද හතරක් ජීවත් වන බවයි.
ඉන්දුනිසියාවෙන් වාර්තා වෙන අයාම් සීමානි ප්‍රභේදය මේ අතරින් කළු වර්ණය අධිකම ප්‍රභේදයක්. මේ කුකුලන්ගෙ මාංශය කළු තින්ත භාජනයක දමා ගත්තාක් මෙන් දිස්වෙන බවයි පැවසෙන්නෙ. සිල්කි ප්‍රභේදය, වියට්නාමයේ හ්මොන්ග් ප්‍රභේදය සහ ස්වීඩනයේ ස්වර්තෝනා ප්‍රභේදය තමයි මෙලෙස හඳුනාගෙන තිබෙන ප්‍රභේද හතර. මේ කලු වර්ණයට හේතුවෙන ජානමය තත්වය නම් කරන්නෙ ෆිබ්රෝමෙලනොසිස් (fibromelanosis) ලෙස.
ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ පර්යේෂකයන් සඳහන් කරන්නෙ මේ තත්වය ඇතිවෙන්න ජීනෝමය ඉතාමත් සංකීර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වීම සිදුව ඇති බවයි. ඒ වගේම මේ පර්යේෂකයන් සඳහන් කරන තවත් සිත්ගන්නාසුළු කාරණයක් තමයි මේ ජාන විකෘතිය දරන සියලුම ප්‍රභේද වසර දහස් ගනනකට පෙර එක් තනි පූර්වජයෙකුගෙන් පැවතෙන බව. තවත් සරල කරොත් මේ කතාව වසර දහස් ගනනකට පෙරදි එක්තරා කුකුළෙක් මේ ජාන විකෘතිය සමඟ උපදිනවා. ඒ කුකුළගෙන් තමයි අද ලෝකයේ fibromelanosis තත්වය රැගෙන යන සියළු කුකුළන් ඇතිව තිබෙන්නේ.

කලු කුකුළා |
සියළුම පෘශ්ඨවංශික විශේෂ සතුව තිබෙනවා ජානයක් Endothelin 3 (EDN3) නමින් හඳුන්වන. EDN 3 ජානයෙන් සිදු වෙන්නෙ තවත් බොහෝ දේවල් එක්ක සමේ වර්ණය තීරණය කිරීම (ජාන කියන්නෙ එක කෘත්‍යක් ඉටු කරන දේවල් නෙමේ, කෘත්‍යන් රාශියකට හේතු පාදක වෙන පැකේජ් එකක් වෙන්න පුළුවන්). කුකුළෙක් ක්‍රමයෙන් වැඩෙද්දි සමේ සහ පිහාටු නිර්මාණයවන ෆොලිකල් ආදියේ තිබෙන මේ EDN 3 විසින් සක්‍රිය කරනවා මෙලනොබ්ලාස්ට් (melanoblast) කළු වර්ණය තීරණය කරන. කළු පාට පිහාටු ආදිය ඇතිවෙන්නෙ එහෙම.
නමුත් fibromelanosis තත්වයේ කුකුළෙක්ගෙ සමේ පමණක් නොව ශරීරයේ සියළු සෛල සතු EDN 3 මඟින් මෙලනෝබ්ලාස්ට් සක්‍රිය කිරීම සිදුවෙනවා. ප්‍රතිඵලය කළු පැහැති මාංශපේෂි, අස්ථි, සහිත කළු කුකුලෙක්.
දැන් මේ ජාන විකෘතිය නිසා කුකුළන්ට කිසිම හානියක් හෝ රෝගී තත්වයක් ඇතිවන්නේ නෑ. එකම වෙනස කලු පැහැය. මේ කලු කුකුළු මස් රසින් සහ ගුණයෙන් වැඩි බවට විශ්වාසයන් පවතිනවා. ඖෂධීය වටිනාකමක් මේවාට ලබා දී තිබෙනවා.
1298 දක්වා පැරණි මාර්කෝ පෝලෝගෙ වාර්තාවල කලු කුකුළන් ගැන සඳහන් වෙනවා. පැරණි චින අධිරාජ්‍ය වාර්තා මේවා ගැන සඳහන් කරනවා. ඈති යුගවල යම් කාලයකදි තනි කුකුලෙකුගෙන් ඇතිවු මේ ජාන විකෘතිය ගිණිකොණදිග ආසියාතික රටවලත්, ස්වීඩනය වැනි ස්කැන්ඩික් ප්‍රදේශවලටත් ගිය ආකාරය ඉතාමත් ආකර්ශනීය ගැටලුවක් වගේම මිනිස් වර්ගයාගෙ සංක්‍රමණ, ආක්‍රමණ, සංස්කෘතික හුවමාරුන් ගැන ඉඟි පලකරන්නක්.
දැන් කතාව මෙහෙම තියෙද්දි කලු කුකුලන් සහ අන්දරේ කතාව එලියට ආවේ කොහොමද ? මීට වසර කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනයකදි ජගත් ගුණවර්ධන සර් ලංකාවට ආවේණික ගොවිපල සතුන් ප්‍රභේද කිහිපයක් ගැන කතා කරද්දි නැගෙනහිර පළාතේ සහ ඇතැම් ප්‍රදේශවල කලු කුකුළු මස් ඉතාමත් දුලභ ලෙස දකින්නට ඇති බව සඳහනක් සිදුකලා. ප්‍රභේදයක් ලෙස ප්‍රචලිතව නොතිබුනත් ලංකාවය ආවේණික කලු කුකුලන් සිටිනවා යන්න එයින් දැනගත හැකි වු කාරණයක්. මේ ප්‍රභේද වර්තමානයේදි ඉන්නවාද නැත්තන් සම්පූර්ණයෙන්ම අපට අහිමි වෙලාද කියන්න නොදනිමි. නමුත් fibromelanosis තත්වය ගැන දැනගැනීමෙන් පසු ජගත් සර්ගෙ කලු කුකුලන් කතාව නැවත ආවර්ජන කිරීමේදි ජනප්‍රවාදයේ එන අන්දරේ සහ කලු කුකුලු මස් කතාව සර් මතක් කරා. දේශිය ගොවිපල කර්මාන්තය තුල ආවේණික කලු කුකුලන් ප්‍රභේදයක් අපටත් සිටින්න ඇති බවට මෙය ඉඟි පලකරන්නක්.
ඇත්තටම එහෙම ආවේණික ප්‍රභේදයක් හිටියද ? ඉන්නවද ? ඉන්නවා නම් ලක්ෂණ මොනවාද ? එහෙමනම් ඒත් මේ fibromelanosis ජානමය තත්වයද ? ජාත්‍යන්තර පර්යේෂකයන්ට මඟහැරුන තවත් එක් ප්‍රභේදයක්ද ? මේවා පර්යේෂණ ගැටලු. ශාඛ්‍යතාවක් තිබෙන අයට මේවා ගැන පර්යේෂණ සිදුකරන්න පුළුවන්. විද්‍යාත්මක විනයක් ඇතිව එලෙස පර්යේෂණ සිදුකර ඇත්නම් හෝ ඉදිරියේදි සිදුකරනවානම් ඒවායේ ප්‍රකාශිත ප්‍රතිඵල #DOE එකටත් කියන්න. 😊
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment