ප්‍රාග්ඓතිහාසික මෝරුන් විශේෂ අතරින් ඉතාමත් ප්‍රචලිත විශේෂය තමයි මෙගලොඩොන් මෝරුන්. මෙගලොඩොන් ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් දීර්ඝ වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙගලොඩොන් හැරෙන්නට මේ ප්‍රාග්ඓතිහාසික යුග තුල සාගර වල ඉතාමත් අපූරු මෝරුන් විශේෂ දහස් ගනනක් ජීවත්ව තිබෙනවා. අද පරිණාමික දිනපොත තුල පරිඡ්ඡේදය වෙන් වෙන්නෙ එවැනි ඉතාමත් ගුප්ත විශ්මය දනවන සුළු මෝර විශේෂයකට.
මීට පෙර මා සඳහන් කර තිබෙනවා මෝරුන් පෘථිවිය මත පහල වන්නෙ මීට වසර මිලියන 450 ක් තරම් ඈත ඕර්ඩෝවීසියානු අවධිය තුල. ඩයිනෝසරයන්ගෙ කාල රාමුව ඇරඹීටත් ඉතාමත් ඈත යුගයක් තමයි ඕර්ඩෝවීසියානු අවධිය කියන්නෙ. මෝරුන් කියන්නෙ මත්ස්‍ය විශේෂයක්. ඉතාමත් සරලව මත්ස්‍යන් බෙදීමකට ලක් කරොත් කාණ්ඩ දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ තමයි අස්ථික මසුන් (ඇටකටු තිබෙන) සහ කාටිලේජමය මසුන් (කාටිලේජමය සැකිල්ලක් පවතින). කාටිලේජ් කියන්නෙ ඔබේ කන් පෙත්ත නාසය ආදී ස්ථාන සෑදී තිබෙන ද්‍රව්‍යට. මෝරුන් කියන්නෙ මෙවැනි කාටිලේජමය මසුන් කාණ්ඩයක්.
මේ කතාවට කාටිලේජ් කතාව ඈඳා ගැනීමට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆොසිලකරණයට ලක්වන්නෙ අස්ථිමය ද්‍රව්‍ය. කාටිලේජමය ද්‍රව්‍ය අදාල සත්වයා මිය ගිය පසු ඉතාමත් ඉක්මනින් හායනයට ලක්වෙනවා. පරිසරය තුල වැඩිකල් පවතින්නේ නෑ. මෝරුන් , මඩුවන් වැනි කාටිලේජමය මසුන් ගැන කතා කරද්දි ෆොසිල විද්‍යාඥයන් දැඩි අපහසුතාවකට පත්වෙනවා ඔවුන්ගෙ ෆොසිලකරණය වු සැකිලි හමු නොවීම නිසා. කාරණය සරලයි සම්පුර්ණ සැකිල්ලම මරණයෙන් පසු ඉක්මන් හායනයකට ලක්වෙනවා.
එහෙමනම් කොහොමද වසර මිලියන 450 කට එපිටින් මෝරුන් සිටි බව ප්‍රකාශ කරන්නෙ ? මෝරුන් මිය ගිය පසු ඉතාමත් වැදගත් සාක්ශියක් ඉතුරු කරනවා.ඒ තමයි දත්. මෝර දත් ඉතාමත් හොඳින් ෆොසිලභවනය වන කොටසක්. ඊටත් අමතරව මෝරුන් සිය ජීවිත කාලය පුරාම දත් සිය ගනනක් නිපදවනවා. වලලු කිහිපයක් ආකාරයෙන් එකිනෙකට පසුපසින් නිපදවන මේ දත් එකක් ගැලවුන විට එය ප්‍රතිශ්ඨාපනය වන ලෙස තමයි සකස් වෙන්නෙ. මේවාට අමතරව ඉතාමත් දුර්ලභ ලෙස සංරක්ෂණ වුන මෝරුන්ගෙ වෙනත් කොටස් හමුවෙනවා.
ෆොසිල විද්‍යාවේ මුල් කාලයේදි පටන් ක්ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ට ඉතාමත් ගැටලු සහගත ෆොසිල ආකාරයක් හමුවෙනවා. සුලියක් ආකාරයෙන් රවුමට පිහිටන දත් කට්ටලයක් තමයි මේ ෆොසිල තුල අන්තර්ගත වෙන්නෙ.
ක්‍රමයෙන් මේ දත් අයිති මෝර විශේෂකට බව සොයාගත්තත් මේ දත් පිහිටන ආකාරය, ඒවා පිහිටන්නෙ උඩු හනුවේද යටි හනුවේද යන්නට ගැටලුකාරී තත්වයක් පැන නගිනවා. මේ උභතෝකෝටිකය විසඳීමට විවිධ විද්‍යාඥයන් ප්‍රතිනිර්මාණ දුසිම් ගනනක් ඉදිරිපත් කරනවා. ඇතැමුන් ඒවා උඩු හනුවේ පිහිටන ආකාරය සටහන් කරනවා. කෙසේ නමුත් මේ සටහන් තුලින් මතුවෙන්නෙ විකාරරූපී සත්වයෙක්. මේ මෝර ගනයට ලබාදෙන නම තමයි 'හෙලීකෝප්රයන්'.
හෙලීකොප්රයන් විශේෂවල මේ සුවිශේෂී දන්ත පිහිටීම ගැන නිසි අධ්‍යනකින් පසු ගිය වසරේ අයිඩහෝ විශ්වවිද්‍යාලය විසින් CT scan ක්‍රම යොදාගනිමින් ප්‍රතිනිර්මාණයක් ඉදිරිපත් කරනවා. පහල ඡායාරූපවල එය දකින්න පුළුවන්. ඒ අනුව හෙලීකොප්රියන් මෝරුන් ගොදුරු ඩැහැගෙන එය උගුර තුලට රුවා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස තමයි මේ දන්ත පිහිටීම සකස්ව තිබෙන්නෙ.
හෙලීකොප්රියන් දන්ත සැකැස්මෙ ෆොසිලයක් |
ක්‍රමයෙන් මේ දත් අයිති මෝර විශේෂකට බව සොයාගත්තත් මේ දත් පිහිටන ආකාරය, ඒවා පිහිටන්නෙ උඩු හනුවේද යටි හනුවේද යන්නට ගැටලුකාරී තත්වයක් පැන නගිනවා. මේ උභතෝකෝටිකය විසඳීමට විවිධ විද්‍යාඥයන් ප්‍රතිනිර්මාණ දුසිම් ගනනක් ඉදිරිපත් කරනවා. ඇතැමුන් ඒවා උඩු හනුවේ පිහිටන ආකාරය සටහන් කරනවා. කෙසේ නමුත් මේ සටහන් තුලින් මතුවෙන්නෙ විකාරරූපී සත්වයෙක්. මේ මෝර ගනයට ලබාදෙන නම තමයි 'හෙලීකෝප්රයන්'.
හෙලීකොප්රයන් විවිධ ප්‍රතිනිර්මාණ |
සියවසකට වඩා කාලපරිච්ඡේදයක් තුල විවිධ විද්‍යාඥයන් හෙලීකොප්රයන් නිර්මාණය කල අයුරු. මේ ඡායාරූපයේ යටම සිටින්නේ අයිඩහෝ විශ්වවිද්‍යාලය සිදුකල වර්තමානයේදි පිලිගත් ප්‍රතිනිර්මාණය |
හෙලීකොප්රයන්ලා ජීවත් වන්නෙ අදින් වසර මිලියන 290 පෙර තිබු පර්මියන් අවධියේදි. හෙලීකොප්රයන්ලට ලඟම ඤාතීත්වයක් දක්වන්නෙ වර්තමානයේදි ජීවත්වන මෝරුන් අතරින් කිමෙරාවන්.
වර්තමානයේදි ජීවත්වන ලඟම ඤාතියා කිමෙරා |
හෙලීකොප්රයන් විශේෂ ගනනාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 2011 වර්ශයේදි සොයාගනු ලබන ෆොසිලයක් මඟීන් නීර්ණය කරන්නෙ ඒ අයත් විශේෂය අඩි 30 පමණ විශේෂයක් බවයි. විශාලතම හෙලිකොප්රියන් විශේෂ අඩි 35 ඉක්මවු බව සඳහන් වෙනවා. H. bessonowi, H. davisii, H. ergassaminon එවැනි හෙලීකොප්රයන් විශේෂ කිහිපයක්.
කෙසේ නමුත් මේ අපුරු මෝර විශේෂ ඩයිනෝසරයන් මිහිමත ප්‍රචලිතවු ට්‍රයැසික් යුගයේ මුල් අවධිය තුල වඳව යනවා. එතනින් පසුව මොවුන්ගෙ සාධක ෆොසිල වාර්තා තුලින් හමුවන්නේ නැහැ. පර්මියන් ට්‍රයැසික් යුග තුල සාගරය තුල විසු මේ විලෝපිකයාගෙ පරිණාමික පරිඡ්ඡේදය අහවර වන්නෙ එලෙසින්.
(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment